Gossip

කසුන් කල්හාර පියාට සලකන්නේ නැද්ද? ඇත්තම කතාව කසුන්ගේ පියා හෙළිකරයි

 

පසුගිය දින කිහිපයේ ජනප්‍රිය ගායක කසුන් කල්හාර සම්බන්ධයෙන් සමාජජාල් වෙබ් අජවි ඔස්සේ කතා කරන්නට පටන්  ගත්තා

ඒ කසුන් විසින් තමාගේ පියා ගැන නොසලකා හරින බවටයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කසුන්ගේ පියා වන H.M ජයවර්ධනයන්  මේ සම්බන්ධයෙන් සමාජ ජාල වෙබ් අඩවියකට කරුණු පැහැදිලි කර තිබෙනවා.

ඔහු විසින් පවසන්නේ එය අසත්‍යය ප්‍රචාරයක් බවයි.

‘ඔය කතා අමූලික බොරුවක්. මෙක සම්පුර්ණයෙන් කසුන්ට මඩ ගහන්න කරන වැඩක්. මොකද කසුන් සහ මම ඇසුරු කරන්නේ මිත්‍රයන් දෙදෙනෙක් වගේ.

තාත්තයි පුතටත් වැඩිය සමීප මිත්‍රයන් දෙදෙනක් වගේ. අපිට මුණ ගැහෙන්න ක්‍රමයක් නැහැ. මොකද මටත් වැඩ රාජකාරී අධිකයි. ඔහුටත් එහෙමයි.

නමුත් නිතරම කසුන් මා ගැන හොයලා බලනවා.  මගේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න. ඒකට මට විශාල මුදලක් වැය වෙනවා. කසුන් ඒ වියදම් ඔක්කොම දරනවා. මේ ප්‍රචාරය ගැන මට බොහොම කනගාටුවක් ඇති වෙනවා.

මොකද එහෙම දෙයක් අපි අතර නැහැ. කසුන් මගේ දුක සැප හොයලා බලනවා. මන් යම් කිසි උදව්වක් ඉල්ලුවොත් එසැනින් කරනවා. ඔහු තමයි මට හැම ලෙසින්ම උදව්වට ඉන්නේ. කසුන් මගේ පුතා විදියට ඔහුගෙන් ලැබිය යුතු යුතුකම් මට නොපිරිහෙලා ඉෂ්ට කරනවා.

මේ ප්‍රචාරය පිළිබදව මම දැඩි සිත් තැවුලට පත් වෙනවා. ඒ වගේම මම මාධ්‍යන්ගෙන් ඉල්ලා සිටිනවා අසත්‍ය කටකතා පතුරවන්න එපා කියලා. යනුවෙන් ඔහු පවසා සිටියේය.

 

උපුටා ගැනීමකි

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!