Gossip

ගංවතුරෙන් අසරණ වූ මිනිසුන් බේරගන්න ගිය ගුවන් හමුදා විරුවා ජීවිතයෙන් සමුගනියි

දින කිහිපයක් පැවති අයහපත් කාළගුණය හේතුවෙන් අවතැන් වූ පිරිස් බේරාගැනීමට ගොස් අනතුරට ලක්වූ ගුවන් හමුදා සෙබළා මියගොස් ඇති බවට වාර්තා වෙනවා.

ඔහු නෙළුව දුරිඇල්ල ප‍්‍රදේශයේ අවතැන් වු පිරිසක් බේරා ගැනීමේ කටයුතු සඳහා සහභාගී වෙමින් සිටියදී ඒ අතර හෙළිකොප්ටර් යානයේ කේබලය කඩා වැටී බිම ඇද වැටී තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කරුණු ලැබුවා.

ඊයේ (26) පෙරවරුවේ සිදුවූ මෙම අනතුරින් ඔහුට බරපතල තුවාල සිදුව ඇති අතර වෛද්‍යවරුන් පැවසුවේ ඒ හේතුවෙන් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

ඔහු විසින් කේබලය ආධාරයෙන් ඉහළට රැගෙන ගිය පුද්ගලයාද කරාපිටිය රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටින බවට වාර්තා වනවා.

මෙලෙස මියගියේ වයි.එම්.එස්. යාපාරත්ත නැමැති ගුවන් හමුදා සෙබලෙක් බවටයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ.

01bbbb

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!