Gossip

Google Chrome වෙබ් අඩවි ලේබල්කරණයට සුදානම් වෙන බව ඔබ දන්නවාද?

ඔබ පරිශීලනය කරන වෙබ් අඩවිය Slow ද? එහෙමත් නැත්තම් ඔබ භාවිත කරන අන්තර්ජාල පහසුකම Slow ද? මේ ආදී ගැටළු සඳහා Google සමාගම විසින් නුදුරු අනාගතයේදී පිළිතුරු සැපයීමට සුදානම්. වර්තමාන ලෝකයේ වැඩි පිරිසක් තමන්ගේ එදිනෙදා කටයතු මෙන්ම රාජකාරී කටයුතු සඳහා පවා අන්තර්ජාලය භාවිතා කරනවා. විශේෂයෙන් වෙබ් අඩවි පරිශීලනයේදී එම වෙබ් අඩවි නිසියාකාරව ක්‍රියාත්මක නොවීම එහෙමත් නැත්තන් Slow වීම කියන්නේ පොදු ගැටළුවක්. එයට නිසි හේතුව වටහාගැනීමට තරමක් අපහසුයි. ඉතිං එයට විසඳුමක් විදිහට Google සමාගම වෙබ් අඩවි සඳහා අලුත් “Label” ක්‍රමයක් හඳුන්වාදීමට සුදානමින් සිටිනවා.

ලෝකයේ බොහෝදෙනෙකු තමන්ගේ අන්තර්ජාල සෙවුම් යන්ත්‍රය එහෙමත් නැත්තම් “Search Engine” එක වශයෙන් “Google Chrome” භාවිතා කරනු ලබනවා. ඉතිං “Chrome” හරහා අපි විසින් පිවිසෙන වෙබ් අඩවි Slow ද, කියලා “Chrome” විසින් නිශ්චය කරගනු ලබනවා. උදාහරණයක් විදිහට: කිසියම් Slow වෙබ් අඩවියකට පිවිසීමේදී එහි “Loading…” Page එකේ, “caution” සලකුණක් සමඟින් “usually loads slow” යනුවෙන් ලේබලයක් පෙන්නුම් කරනවා. එමෙන්ම වේගවත් වෙබ් අඩවිවල “Loading…” Page එකේ ඉහල නිල් පැහැති තීරුව වෙනුවට කොළ පැහැයෙන් යුතු Loading තීරුවක් දිස්වීමට නියමිතයි.

Image Copyright: TechCrunch

මෙයට අමතරව “Links” සඳහා වෙනම “Context Menu” එකක් එහෙමත් නැත්නම් “Pop-up” එකක් මඟින් Link එකට අදාල වෙබ් අඩවිය Slow ද, නැතිද යන්න පිළිබඳව පරිශීලකයන් දැනුවත් කිරීමට නියමිතයි. එවිට User හට අදාල “Links” හරහා ඇතුළත් වෙන වෙබ් අඩවිය Slow ද, නැතිද යන්න පිළිබඳව පෙර අවබෝධයක් ගැනීමට පුළුවන්.

Google Chrome හි අභිලාශය වනුයේ උසස් තත්ත්වයේ අත්දැකීම් ලබා දෙන වෙබ් අඩවි හඳුනාගෙන ලාංඡනය කිරීම ලෙස අනුමාන කල හැකිය. ඒ සඳහා දැනට වෙබ් අඩවි වල වේගය පමණක් ඇතුලත් වුවත් ඉදිරියේදී තවත් සාධක එකතු වීමට බොහෝ ඉඩකඩ පවතිනවා. එමෙන්ම ඉදිරියේදී මෙම වෙබ් අඩවි වල වේගය අඩු වීමට හේතු වඩාත් පුළුල් වශයෙන් සටහන් කිරීමටද Google සමගම පියවර ගනු ඇති බවට ද අන්තර්ජාල තොරතුරු වාර්තා කරනවා.

කෙසේ වෙතත් Google සමාගමෙන් ඉදිරියේදී සිදුකිරීමට නියමිත මෙම වැඩපිළිවෙල වෙබ් අඩවි පරිශීලකයන්ට මෙන්ම වෙබ් අඩවි පවත්වාගෙන යන අයටත් ගුණාත්මකව බලපෑමක් සිදුකෙරෙනු ඇතිබවට බලාපොරොත්තුවිය හැකිය.

උපුටා ගැනීම http://techguru.lk
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!