Gossip

ලොව බලවත් නායකයින් සියදෙනා අතරට තේරුණු ලංකාවේ අපේ කෙල්ල – Photos

ලොව බලවත් වේ යැයි සිතන පුද්ගලයින් සියදෙනා අතරට අපේ රටේ කෙල්ලෙක් ඇතුළුත් වෙලා සිටින බව ඔබ දන්නවාද?
ලෝකය ඉදිරියේ අපේ රටේ නම බැබලවූ ඇය පිළිබඳයි ඇමෙරිකාවේ ටයිම් (TIME ) සඟරාව විසින් ප්‍රසිද්ධියට පත් කරන අනාගතයේ ලොව බලවත් වේ යැයි අනාවැකි පළකරන නායකයන් 100 දෙනාගේ ලැයිස්තුවට ශ්‍රී ලංකාවේ තරුණ කාන්තාවක වන ජයත්මා වික්‍රමනායක ඩයස් තේරී පත්ව තිබෙනවා . එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ තරුණ කටුයතු පිළිබඳ නියෝජිතවරිය ලෙස මේ වන විට කටයුතු කරන ලොව පුරා වෙසෙන තරුණ පිරිස් සමඟ සම්බන්ධ වෙමින් 2030 තරුණ කටයුතු පිළිබඳ තිරසර සංවර්ධනය සඳහා වූ ප්‍රතිපත්ති සැකසීම වෙනුවෙන් ඉටුකළ මහත් කාර්ය භාර්යය වෙනුවෙන් ඇය මෙම ලැයිස්තුවට තේරී පත් වී ඇත. ජයත්මා වික්‍රමනායක අමතරව ලොව පුරා වෙසෙන කලාවේදීන්, තරුණ නීතීඥයින් , නායකයින් , ප්‍රසිද්ධ චරිත , ව්‍යවසායකයින් ආදී ක්ෂේත්‍ර නියෝජන වන පරිදි තරුණ තරුණියන් අනාගතයේ ලොව බලවත් වේ යැයි ඇමෙරිකාවේ ටයිම් (TIME ) සඟරාව අනාවැකි පළකරන නායකයන් 100 දෙනාගේ ලැයිස්තුවට ඇතුළත්ව සිටිති. මෙම සියදෙනාගේ ලැයිස්තුව තුළ ඇය තරුණ ව්‍යවසායක ලෙසින් ලැයිස්තුගත වී ඇත. බෙන්තොට හබුරුගල ප්‍රදේශයේදී 1990 වසරේදී උපත ලැබු ජයත්මා වික්‍රමනායක සිය පාසල් අධ්‍යාපනය අලුත්ගම සංඝමිත්තා බාලිකා විද්‍යාලයෙන් සහ කොළඹ විශාඛා විද්‍යාලයෙන් ලබා ගෙන ඇත. ඉන්පසුව ඇය කොළඹ විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධියක් ද හිමි කර ගත්තාය.

2017 වසරේදී එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරේස් මහතා විසින් සිය තරුණ කටයුතු නියෝජිතවරිය ලෙස ජයත්මා වික්‍රමනායක පත් කරනු ලැබීය. වයස අවුරුදු 21දී ගෝලීය තරුණ සංවර්ධන වැඩසටහන් නියෝජනය කළ ජයත්මා වික්‍රමනායක ලෝක තරුණ නිපුණතා දිනය ප්‍රකාශයට පත් කිරීම ඇතුළු එක්සත් ජාතින්ගේ ඉහළ පෙළේ වැඩ සටහන් රැසක් සඳහා දායක වූ බව සදහන් කරමින් ඇයට එම පත්වීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය මීට පෙර නිවේදනය කර තිබුණි.ඇය තරුණ සංවර්ධනය උදෙසා ජාතික මට්ටමෙන් ද ප්‍රමුඛ කාර්යයක් ඉටු කර ඇති බව එක්සත් ජාතින්ගේ සංවිධානය එම නිවේදනයේ සදහන් කර තිබිණි. තමන් ලැබූ මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුම හරහා පණිවිඩයක් තබමින් ජයත්මා වික්‍රමනායක මෙසේ පැවසුවාය ‘‘බෙන්තොට හබුරුගල ඉපදිලා, 5 වසර ශිෂ්‍යත්වය පාස් වෙලා , විසාකා එකට ගිහින් , කොළඹ විශ්වවිද්‍යාලයෙන් ඉගෙනගෙන , 2015 පාර්ලිමේන්තු සේවා විභාගයෙන් ලංකාවේ පළවෙනියා වෙලා , 2016 පරිපාලන සේවා විභාගයෙන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලංකාවේ සමත් වුණ එකම කෙනා වෙලා- අද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ධූතවරියක් විදිහට වැඩ කරන්න, ලෝකේ අනාගතයේ බලවත් වේ යැයි TIME සඟරාව අනාවැකි පළකරන නායකයන් 100 අතරට පත්වෙන්න පුළුවන් වුනේ නිදහස් අධ්‍යාපනය නිසා. බදු ගෙවලා මට උගන්නපු ලංකාවේ හැමෝටම පින් යැයි ඇය සදහන් කර තිබිණි.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!