Gossip

පාසල් සිසුවිය දූෂණය කර මරාදැමූ කාමාතුරයාගේ ජංගම දුරකථනයේ ඇසැබි වීඩියෝ 300ක්

ගිරිබාව, යාය2, සාලිය අශෝකපුර ලිපිනයේ පදිංචිව සිටි 17 හැවිරිදි පාසල් සිසුවියක නිවසේ තනිව සිටි වේලාවක් බලා දූෂණය කර මරා දමන ලද බව කියන ඇයගේ අසල්වාසී නිවසක වාසය කරන සමන් කරුණාතිලක නැමැති 31 හැවිරිදි පුද්ගලයා පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීමෙන් පසු දින 10 ක් රක්ෂිත බන්ධනාගාර ගත කරන්නට ගල්ගමුව මහේස්ත්‍රාත් එල්.ටී. වරුෂවිතාන මහතා ඊයේ (24) නියෝග කර තිබෙනවා.

පෙරේදා දහවල් මෙම දැරිය සිය නිවසේ රූපවාහිනිය නරඹමින් සිටින අතරවාරයේ නිවසට පැමිණ ඇති මෙම පුද්ගලයා මියගිය දැරියගේ නිවස ආසන්නයේම පදිංචි දන්නා හඳුනන කෙනෙකුවූ බැවින් ඔහු නිවසේ දොරට තට්ටු කරද්දී ඇයට සැකයක් ඇතිවී නැත.

උපායශීලී ලෙස ඇය සමග කතාබස් කර ඇය රවටා නිවසට ඇතුළුවී ඇති ඔහු නිවසේ කිසිවෙක් නැති නිසා ඇය සමග අඹුසැමි සබඳතා සඳහා යෝජනා කර ඇති බවත් සිසුවිය ඊට අකමැතිවූ නිසා ඇගේ අත්පා රෙදි පටි වලින් බැඳ නිවසේ කාමරයක ඇඳක් වෙත ගෙන ගොස් මෙම දූෂණය කර ඇති බවත් පොලිසිය සොයාගෙන තිබේ.අනතුරුව ඇයට කළ අපරාධය හසුවනු ඇතියි බියෙන් ඇයගේ ගෙල සිරකර මරාදමන්නටද ඔහු කටයුතු කර තිබෙනවා.

මෙම සිසුවිය නිවසේ සිටියදී ඇගේ පියා රැකියා ස්ථානයටත් මව අසළ නිවසක ස්වයං රැකියාවක නිරතව යෙදී සිටි බවත් කියැවේ. දවල් කෑම ලබාගැනීම සඳහා මව නිවසට එනවිට දහවල් දොළහට පමණ නිවසේ දොරවල් හැර ඇති අයුරුත් නිවෙස පුරා දැරියගේ යට ඇඳුම් විසිරී තිබෙනුත් දැක සැකයක් හටගෙන තිබේ.

දැරිය සොයා කාමරයට ගොස් බැලීමේදී නිවෙසේ ඇඳක් මත අත්දෙක ගැට ගසා දියණිය ඝාතනය කර තිබෙන බිහිසුණු දසුන ඇය දැක ඇති අතර සිද්ධිය පොලිසියට දැනුම් දී ඇත.

මේ සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයා එදින දහවලග් කාලයේ මෙම නිවස ආසන්න මහාමාර්ගයේ බසයකට කලබලයෙන් නගින අයුරුත් ඔහුගේ ඉරියව්වල පවතින සැකයත් ගැන බස් රථයේ කොන්දොස්තර මහතාට ඉව වැටී ඇත. ඔහු ඒ ගැන විමසන්නට යාමේදී එම පුද්ගලයා කලබලයෙන් පළාගොස් ඇත. ගිරිබාව, පාලුවැව ප්‍රදේශයේ ත්‍රීරෝද රථ රියදුරන් පිරිසකට දැනුම්දීමෙන් පසුව ඔහු අල්ලා ගැනීමට හැකි වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙසේ පළායන කාරණාව ස්ත්‍රී දූෂණයක් හෝ ඝාතනයක් විය හැකි බව මුලින් හඳුනාගත්තේ නැති වුණත් එම සිද්ධිය ගැන ප්‍රදේශය පුරා ආරංචි පැතිර යද්දී සැකසහිත පුද්ගලයා ගැන පොලිසියට හෝඩුවාවන් ලැබී තිබෙනවා.

ගිරිබාව, සාලිය අශෝකපුර ලිපිනයේ පදිංචි තිලකරත්නගේ හර්ෂණ සමන් කරුණාතිලක නැමැති 31 හැවිරිදි තැනැත්තා මෙම අපරාධය කළ බවට සැක කෙරෙනවා.

ඇඳ මත වැටී සිටි දැරියගේ දෙඅත් රෙදි පටියකින් බැද තිබූ බවත් දැරියගේ ශරීරයේ ස්ථාන කිහිපයක සිරීම් තුවාල සිදුව තිබූ බවත්, උඩු තොලෙහි තද දත් පහරක් තිබූ බවත් පොලීසිය පැවසීය. ඊට අමතරව සැකකරුගේ ජංගම දුරකතනයේ තිබූ අසැබි දසුන් 300 කට වැඩි ප්‍රමාණයක් සොයා ගත් බවද ගිරිබාව පොලීසිය සදහන් කර තිබෙනවා.

වැඩිදුර පරීක්ෂණ කටයුතු සදහා සිසුවියගේ මෘත ශරීරය අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත රැගෙන ගොස් ඇත. සැකකරු ලබන මස 04 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!