Gossip

අක්කලා එක්ක හාද වුණේ ආදරේටනම් නෙවෙයි – අකිල ධනුද්දර

රංගනයෙන් වගේම නිවේදනයෙන් රසික හදවත් ආදරයෙන් වැළඳගත්තු චරිතයක් තමයි අකිල ධනුද්දර කියන්නේ.
ඉතිං සතිඅන්ත පුවත්පතකට අකිල ආදරේ ගැන මේ විදිහට කියලා තිබුණා.

පාසල් ප්‍රේමය සුන්දරය..?
ඔව්.. පාසල් ප්‍රේමය හරිම සුන්දරයි.

ආදරය මුලින්ම හිතට දැනෙනකොට වයස කීයද.?
ආදරයක් හරියට දැනුම වගේ කාලයත් එක්ක වර්ධනය වෙනවා. අම්මා තාත්තගේ ආදරේට පිටින් ආදරයක් ගැන අවබෝධයක් හිතට දැනෙනකොට වයස 12 ක් විතර ඇති.

ආදරය හැමවිටම ප්‍රකාශ කළ යුත්තේ පිරිමි ළමයද..?
ආදරයක් ප්‍රකාශ වෙන්නේ නැත්නම් ගැහැණු පාර්ශවයෙන්ද ආදරය ප්‍රකාශ වෙන අවස්ථා තියෙනවා.

අප්‍රකාශිත ආදරයක් ඔබට තිබේද..?
මං ආදරේ හැම අන්තයක්ම විඳලා තියෙනවා. පුංචි කාලේ ඉදන් ඇතිවුණු හැම ආදරයක්ම කියාගන්න බැරිවුණාම ඒ ආදර කතා අප්‍රකාශිත ආදරයන් බවට පත්වෙලා තියෙනවා.

ආදරේදි පෙම්වතා වැඩිමල් වියයුතුද..?
වැඩිමල් වීමට වඩා පරිණත වියයුතුයි. ගැහැණු ළමයෙක් විසින් පරිණතව හසුරුවන ආදරයක් සමාජයම පිළිගන්නේ නෑ. ගැහැණියක් මත පිරිමියෙක් කිසිදු විටෙකත් යැපිය යුතු නැහැ.

ඔබට වඩා වයසින් වැඩිමල් කෙනෙක් ගැන ආදරේ හිතිලා නැද්ද..?
පොඩි කාලේ ඉඳන්ම වයසින් මුහුකුරා ගිය පෙනුමක් මට තියෙන්නේ. වයසට වඩා වැඩිමල් අය ගැන ආදරේ නම් හිතිලා නෑ. නමුත් හාදකම් ඇතිවෙලා තියෙනවා. ඒ ආදරේ නෙවෙයි.

පෙම්වතියගෙන් ලැබුුණු තැග්ග..?
කිසිම කෙනෙක්ගෙන් තෑගි බලාපොරොත්තු වෙන කෙනෙක් නෙවෙයි මම. ජීවිාතේ තෑගි දෙන්න තරම් අවස්ථා මං ඉතුරු කරලා නෑ. ආදරේදි තෑගි බලාපොරොත්තු වීම මගේ විදිහ නෙවෙයි.

ඇය ඔබට ආදරේට කියන නම..?
විශේෂ වූ නමක් නෑ. මං කතා කරන නමින්ම මට කතා කරනවා. නම වුණත් ආදරේදි විවිධ වියයුතුයි. වෙනස් වියයුතුයි. නමටත් පුළුවන් සුන්දර ආදර කතාවක් ගොඩනගන්න.

ආදරය විවාහයෙන් කෙලවර වියයුතුද..?
විවාහ වීම ආදරේ ඊළග පියවර. විවාහ වෙන්නේ ආදරේ කෙලවරක් දකින්න නෙවෙයි.
ආදරේ තවත් විවිධ වූ විකාශයන් දකින්නයි විවාහයක් සිදුවන්නේ. ආදරවන්තයන් වීමේ ඒකාකාරී බව අඹුසැමියන් වීමෙන් මිදෙනවා. නමුත් ආදරේ පවතිනවා.
විකාශනයක් විතරයි සිදුවන්නේ.

ආදරය හා රාගයට එකවිට පැවැත්මක් තිබිය හැකිද..?
අනිවාර්යෙන්ම එහෙම පැවැත්මක් තියෙනවා. ඇය සමග එකට ජීවත්විය හැකි නම් ආදරේටයි රාගයටයි එකට පවතින්න පුළුවන්.

ඇය සමග තරහ වුණාම ඔබ මොකද කරන්නේ..?
මේ ලෝකේ වැඩිපුරම තරහ යන මනුස්සයා තමයි මං. එයා නම් මං එක්ක තරහා වෙන්නේ නෑ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!