තරු හුට පට

“ගිනියම් රෑ“ බිකිණි අඳින්න සල්ලි ගත්තේ නෑ – නිරුපිකාව හෙළිකරයි

ඉරාජ් වීරරත්නගේ ආන්දෝලනාත්මක “ගිනියම් රෑ” මියුසික් වීඩියෝවෙහි රංගනයෙන් දායක වීම සඳහා මුදල් අය නොකළ බව එම වීඩියෝවෙහි රංගනයෙහි යෙදුණු එක් නිරූපිකාවක්වන චමත්කා ලක්මිණී පවසනවා.

ඇය මෙසේ පවසා ඇත්තේ ජාතික පුවත්පතක් වෙත අදහස් දක්වමින්.

“ගොඩක් අය කියනවා මම මේ වීඩියෝ එකට සල්ලිවලට තමයි සහභාගීවෙලා තියෙන්නේ කියලා. ඒත් මම කවදාවත් සල්ලිවලට වැඩ කරන්නේ නැහැ.” යනුවෙන් ඇය ප්‍රකාශ කොට තිබෙනවා.

මෙම වීඩියෝවෙහි ඇය තවත් තරුණියක් සමග නිරුවත් සමලිංගික දර්ශනවලට පෙනී සිටීම මෙරට සමාජ ජාල තුළ දැඩි විරෝධයට ලක් වූ කාරණාවක් වුණා.

එමෙන්ම මෙරට සංස්කෘතියට සහ සදාචාරයට මෙම වීඩියෝවෙන් දැඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බවට යි බොහෝ පාර්ශවයන්ගෙන් අදහස් පළ වුණේ.

එම ප්‍රතිචාර ගැන චමත්කා තුළ ඇත්තේ මෙවන් ආකල්පයක්.

“අපි දැනගෙන හිටියා මේ වීඩියෝ එකට සමාජයෙන් බලපෑමක් එල්ල වෙයි කියලා. ගොඩක් අය මගේ මූණට හම්බවෙලා හොඳ කියනවා. තවත් අය FB එකේ මට මඩ ගහනවා. මොන දේ වුණත් මම එක කමෙන්ට් එකක් වත් ඩිලීට් කළේ නැහැ. මට මඩ ගහපු අය ගැන මට දුකකුත් නැහැ.

හොඳ නැහැ කියලා තමයි බොහෝ දෙනෙක් කියන්නේ. චමත්කා ඇයි එහෙම කළේ? අපි හිතුවේ නැහැ ඔයා මෙහෙම රඟපායි කියලා, එහෙම තමයි කියන්නේ. මගේ මුල්ම වීඩියෝ එකට වඩා ගිනියම් රෑ හාත්පසින්ම වෙනස්. මට ආදරය කරන අය අදටත් මාත් එක්ක ඉන්නවා. කවුරු මොන දේ කිව්වත් මාත් එක්කත් රසික පිරිසක් රැඳිලා ඉන්නවා.”

වීඩියෝව රූගත කිරීමේ දී ඉරාජ්ගේ කණ්ඩායමෙන් හොඳ සහයෝගයක් ලැබුණු බව යි ඇය කියා සිටින්නේ.

නමුත් මෙම රූගත කිරීම සිදුකළ පසුතලය වෙත යාම බොහෝ දුෂ්කර කාර්යයක් වූ බව චමත්කා සිහිකරනවා.

“මට බැනපු අය දැක්කා නම් මේ වීඩියෝ එකට කොච්චර කට්ටක් කෑවා ද කියලා, කවුරුත් මොකුත් කියන එකක් නැහැ” ඇය එසේ පැවසුවා.

එසේම මෙම වීඩියෝවේ තේමාව ගැනත් චමත්කාට පවසන්නට දෙයක් තිබුණා.

“මේ වෙද්දී ලංකාවේ තියෙන තත්ත්වෙත් එක්ක බලද්දී මෙහෙම කළාට කමක් නැහැ කියලා මට හිතුණා. ලංකාවේ මේ වගේ දේවල් තියෙනවා නම් මෙහෙම මියුසික් වීඩියෝ එකක රඟපෑවාට කමක් නැහැ. මම කොහොමටත් අඬන බූට් සින්දුවල රඟපාන්න කැමති නැහැ”

cvr-82

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!