Gossip

ජර්මන් ගුවන් අනතුරේ වීඩියෝව පිටවෙයි

ස්පාඤ්ඤයේ බාසිලෝනා නගරයේ සිට ජර්මනියේ ඩසල්ඩෝ‍ෆ් නගරය බලා ගමන් ගත් ජර්මන් ගුවන් යානය  පසුගියදා අනතුරට ලක්වන අවස්ථාවේදී  පටිගත වූ වීඩියෝව මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

අදාළ අනතුර හේතුවෙන් එහි ගමන් ගත් මගීන් ඇතුළු කාර්ය මණ්ඩලයේ 150 දෙනෙක් මිය ගියේය.

 

අනතුර පිළිබඳ හෝඩුවා ලබා ගත හැකි කළු පෙට්ටිය අනතුර සිදුවූ ප්‍රංශ ඇල්පයින් කඳුකර ප්‍රදේශයෙන් හමුවූ අතර විනාඩි අටක කාලයක් තුළ යානය පහළට තියුණු කරණමක් ගසා අතැයි එහි සටහන් වී තිබේ.

 

එම සුන්බුන් අතර තිබී හමුවූ වීඩියෝවක් මේවන විට විදෙස් මාධ්‍ය නිකුත් කර ඇත.

 

ජර්මන් ගුවන් යානයේ අනතුර එහි සහයක ගුවන් නියමුවා හිතාමතාම සිදුකළ එකක් බව මීට පෙර  හෙළිවී තිබුණි.

 

විපතට පත් ගුවන්යානයේ සුන්බුන් අක්කර ගණනාවක විසිරී ඇති නිසා ප්‍රබල වේගයකින් ගුවන් යානය අඩි 35000 සිට අඩි 6000කට විනාඩි අටක් තුළ පාත්වී ඇති නිසා ගැටිම කෙතරම් දරුණු වීද යන්න සිතාගත හැකි බව ජර්මන් විං සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තෝමස් වින්කෙල්වන් මහතා මාධ්‍යවේදීන්ට පවසා තිබේ.

එම වීඩියෝව පහතින් නරඹන්න

2 3

Most Popular

To Top
error: Content is protected !!