Gossip

“මගේ පෙම්වතා කවදාවත් කලාවේ කෙනෙක් වෙන්නේ නැහැ” – සංගීතේ ටෙලි සිත්තමේ අසේනි හඬ අවදි කරයි

ලංකාවේ අංක එකේ ටෙලි නාට්‍යයක් වන සංගීතේ ටෙලි නාට්‍යට හැමෝම වගේ ආදරය කරනවා.
ටීවී දෙරණ ඔස්සේ ඔබේ ආලින්දයට එන මේ ටෙලි සිත්තමේ අසේනි චරිතය ගැන බොහෝ දෙනෙක් කතා කරනවා.
ඇය තමයි ගීත්මා බණ්ඩාර.
සංගීතේ නිසා ඇයට ලැබුණු ප්‍රතිචාර වගේම ඇයගේ අලුත්ම තොරතුරු ගීත්මා සතිඅන්ත පුවත්පතකට මේ විදිහට කියලා තිබුණා.

මෙවර අවුරුදු ජයයිද?
මේ පාර අවුරුද්ද ජයයි.

විශේෂ හේතුවක් නිසාද ?
හේතුව සංගීතේ ටෙලි නාට්‍යය. පාරේ ගියත් ගොඩක් අය ළඟට ඇවිත් ඔයා නේද අසේනි කියල අහනවා. ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ සතුටත් සමඟ තමයි මෙවර අවුරුදු ගෙවන්නේ.

‘සංගීතේ’ ඔබේ පළමු ටෙලි නාට්‍යයද ..
නැහැ. ඊට කළින් ටෙලි නාට්‍ය දෙකකට රංගන දායකත්වය දීලා තියෙනවා. රූපවාහිනී වෙළෙඳ දැන්වීම්වලට පෙනී සිටියා.

‘සංගීතේ’ ටෙලිනාට්‍යයට අමතරව මොනවද කරන්නෙ..
වෙන නිර්මාණ කිසිවක් භාරගත්තෙ නැහැ. ‘සංගීතේ’ ට තමයි මූලිකත්වය දීලා මුළු කාලයම වැය කරන්නේ.

රඟපෑවට ගීත්මගේ බලාපොරොත්තුව වෙන වෘත්තියක්..
ඔව්. නීතිඥවරියක වෙන්නයි බලාපොරොත්තුව.

ඒ කියන්නෙ ගීත්මගෙ රංගනය දකින්න ලැබෙන්නෙ තව ටික කාලයයි..
නැහැ. නීතිඥවරියක් වුනත් කවදාවත් කලාවෙන් ඈත්වෙන්නෙ නැහැ. කලාව කියන්නෙ හරිම සුන්දර තැනක්. ගෙවුණු වසරේදි එය හොඳින් වැටහුණා. ඉතින් මොන වෘත්තියක නියැළුණත් කලාවෙන් ඈත්වෙන්න අදහසක් නැහැ.

කුඩා කාලයේ සිටමද රංගන ශිල්පිනියක වෙන්න හීන මැව්වේ..
අපෝ නැහැ. මම සා.පෙළ ලියල උ. පෙළ හදාරන්න හොරණ ශ්‍රීපාලි විදුහලට ඇතුළත් වුණා. උ. පෙළට කළේ ගණිත විෂයයන්. පාසලේදි කළෙත් චිත්‍ර විෂය. කලා කටයුතු කිසිම දේකට සම්බන්ධවුණේ නැහැ.

පෙම්වතාවත් මතක් කරමුද ?
මතක් කරන්න තවම පෙම්වතෙක් නැහැ.

ඔහු කලාවේ කෙනෙක් වුණොත්..
කවදාවත් නෑ. මගේ පෙම්වතා කවදාවත් කලාවේ කෙනෙක් වෙන්නෙ නැහැ. මම කැමති නැහැ දෙන්නම එකම වගේ කාර්යබහුල වෙනවට.

අතදුන් පිරිස සිහිපත් කරමු..
මගේ අම්මා, තාත්තා, මල්ලී. ඒ වගේම පුංචි කාලෙ සිට මම හැදුණෙ පුංචියි, බාප්පයි ළඟ. එයාල තමයි මට ළඟින් සිටිමින් ගුරුහරුකම් දෙන්නේ.
සංගීතේ ටෙලිනාට්‍යය මගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක්. ඒ සඳහා මට අවස්ථාව ලබාදුන් සංගීතේ අධ්‍යක්ෂ සාරංග මෙන්ඩිස්, දෙරණ සභාපතිතුමා, චාමිකා, චරිත්, ප්‍රභාත් චතුරංග, සමන් එදිරිමුණි වැනි කලාවේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන අය ආදරයෙන් සිහිපත් කරනවා.

අනාගත බලාපොරොත්තු..
අනාගතයේ දක්ෂතම රංගන ශිල්පිනිය වෙන්න තමයි බලාපොරොත්තුව.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!