Gossip

“දැනගන්නවා ආයෙමත් කරදර කරන්න ආවොත් මම තමුසෙට කරන වැඩේ”

පියුමි හංසමාලි රාජගිරිය ප‍්‍රදේශයේ පදිංචි තරුණියකි. ලස්සන රූ සපුවකට හිමිකම් කියූ ඇය පාසල් අධ්‍යාපනය අතරමග නවතා දමා යුග දිවියට ඇතුළත් වූවාය.
ඒ ඇය කලක සිට ඇසුරු කළ තරුණයකු සමගය. එම විවාහයෙන් පසු ඇයට පුතෙකු ලැබිණි. එහෙත් කුමන හෝ හේතුවක් මත ඇයගේ යුග දිවිය අසාර්ථක විය.
ඉන් පසු පියුමි තම පුතා සම`ග තනිකඩ ජීවිතයක් ගත කළාය.
පියුමිගේ ලස්සන දුටු එක් පුද්ගලයෙක් ඇයව නිරූපණ ක්ෂේත‍්‍රයට යොමු කළේය.
ඒ අනුව ඇය නිරූපණ ශිල්පිණියක් ලෙස කටයුතු කළාය. මුල් කාලසීමාවේදී ඇය එතරම් ජනප‍්‍රිය චරිතයක් නොවුණි එහෙත් පියුමිට අවශ්‍ය වූයේ එම ක්ෂේත‍්‍රය තුළ ජනප‍්‍රිය චරිතයක් වීමටයි.
ඒ සඳහා ඇය නොගත් උත්සාහයක් නොමැත. එලෙස වසර කිහිපයක් ගතවිය. සියලූ දේවල් කැප කළත් ඇය සිතූ පරිදි ජනප‍්‍රිය චරිතයක් වීමට නොහැකි විය. එහෙත් ඇය තම උත්සාහය අත් නොහැරියාය. එම කාලය අතරතුර ඇය නව රැල්ලේ ගීත කිහිපයක රූප රචනා සඳහා පෙනී සිටියාය. ඒ හරහා ඇයට යම් ජනප‍්‍රියත්වයක් ලැබුණි.
ගීතමය රූප රචනාවලින් නතර නොවූ ඇය තමන්ගේ ජනප‍්‍රියතාවය තව තවත් වැඩිකර ගැනීම සඳහා සමාජ මාධ්‍යජාල භාවිත කිරීමට පෙළඹුණාය. ලස්සන මෙන්ම කටකාර තරුණියක් වූ ඇය ජනතාවගේ ඇස ගැටෙන වීඩියෝ පට සහ පිංතූර සමාජ වෙබ් අඩවිජාල හරහා ප‍්‍රසිද්ධ කළාය. විටෙක නිදන ඇඳුම පිටින්, අඩවන්ව ලැම පෙනෙන ලෙසින්, තවත් විටෙක අඩ නිරුවත්ව සිටින පිංතූර පවා ඇය තම මුහුණු පොත හරහා පළ කළාය. එම පිංතූර දෙස කාගේත් අවධානය යොමුවිය. විශේෂයෙන්ම තරුණයන්ය. පියුමිගේ එවැනි ආන්දෝලනාත්මක පිංතූර ගැන බොහෝ අය කතාබහ කළහ. ඒ අනුව ඇයට සමාජයේ විශාල ප‍්‍රසිද්ධියක් ලැබුණි.
එලෙස කලක් ගතවෙද්දී ඇය මෙරට ජනප‍්‍රිය චරිතයක් බවට පත්වූවාය. එම ජනප‍්‍රියතාවය තව තවත් වැඩිකර ගැනීමටදෝ කොහෙද විටින් විට ඇයගේ නොයෙක් ආකාරයේ පිංතූර සහ වීඩියෝ පට දකින්නට අසන්නට ලැබිණි. වරක් ඇයගේ පියයුරුවල කිසියම් ආලේපන වර්ගයක් තවරා ඇති පිංතූර කිහිපයක් සමාජ වෙබ් අඩවිජාලවල පළවිය.
පියුමිගේ උඩුකය නිරුවත් පිංතූර ගැන බොහෝ අය කතාබස් කළහ. තවත් විටෙක තම පුතා සම`ග තොල් සිපගන්නා ආකාරයේ පිංතූරයක් පළවිය.
ඒ ගැන බොහෝ අය විවිධ කතා පැවසූහ. පියුමි හංසමාලි ඒ පිළිබඳව පැවසුවේ එය මව් සෙනෙහස බවයි. ඇයගේ කතාව සත්‍යයකි. එහෙත් සමහරු පවසන්නේ මවු සෙනෙහස එලෙස පිංතූර මගින් ප‍්‍රසිද්ධ කිරීම සදාචාර නොවන බවයි.
තවත් වරක් ඇය හෝටලයකට ගොස් තරුණයන් කිහිප දෙනකු සමග ගැටුමක් ඇති කර ගත්තාය.
එයට ප‍්‍රධානම හේතුව වශයෙන් පවසන්නේ බීමත්ව සිටි තරුණයන් කිහිප දෙනෙක් ඇය දෙස බලා කිසියම් දෙයක් පැවසූ බවයි. එයින් කුපිත වන පියුමි පරුෂ වචනයෙන් ඔවුනට බැණවැදී අතපය කඩා දමන බවටද තර්ජනය කළාය. එම සිද්ධිය සිදුවී දින කිහිපයකට පසු එම වීඩියෝව සමාජ මාධ්‍යජාල හරහා සංසරණය විය.
ඒ පිළිබඳව ද බොහෝ අය කතා කළහ. තවද පියුමි හංසමාලි රාත‍්‍රි සමාජ ශාලාවල පවා ගැටුම් ඇතිකරගෙන තිබේ.
දැනට මාස කිහිපයකට ඉහතදී පියුමි හංසමාලිගේ තවත් වීඩියෝවක් සමාජ වෙබ් අඩවිජාලවල සංසරණය විය.
කාමරයක් තුළදී ඇය තරුණයකුට බැණවදින ආකාරයයි එහි තිබෙන්නේ. රැවුල වවාගත් තරුණයකු ඇය අසල රැඳී සිටින අතර පියුමි හංසමාලි ඉතා ආවේගශීලීව එම තරුණයාට බැණවදින ආකාරයයි. එහිදී පියුමි එම තරුණයාට බැණ වදින්නේ මෙලෙසින්ය. ‘තමුසේ ගායකයෙක් කියනවා මම නම් තමුසෙගේ නමවත් දන්නේ නැහැ හරියට. නිකන් මට නිදහසේ කෝල් එකක්වත් ගන්න දෙන්නේ නැහැ. අතනින් අල්ලනවා මෙතනින් අල්ලනවා, කරදර කරනවා.
දැනගන්නවා ආයි කරදර කරන්න ආවොත් මම තමුසෙට කරන වැඬේ.’
පියුමි බැණ වැදුණත් එම තරුණයා වචනයක්වත් නොකියා බියෙන් යුතුව සිටී. එම වීඩියෝ පිළිබඳවද සමහරු විවිධ අදහස් පළකළහ.
පිරිසක් පැවසුවේ එය පියුමි ප‍්‍රසිද්ධ වීම සඳහා කළ වීඩියෝවක් බවයි. තවත් පිරිසක් ගීතමය රූපරචනාවක කොටසක් බව පැවසූහ. තවත් පිරිසක් පියුමි තරුණයෙක් එක්ක හෝටලයකට ගොස් බහින්බස්වීමක් දුරදිග ගොස් ඇතිවූ සිද්ධියක් බව පැවසූහ. කවුරු කෙලෙස අර්ථකථන ලබාදුන්නත් එම සත්‍ය සිද්ධිය දන්නේ පියුමි හංසමාලි සහ එම තරුණයා පමණි.
කලක් නිහඬව සිටි පියුමි හංසමාලි ගැන යළි කතා කිරීමට පටන් ගන්නේ පසුගිය සතියේය. ඒ ඇයගේ අලූත් වීඩියෝවක් සමාජ වෙබ් අඩවිජාලවල සංසරණය වීමත් සමගයි. එහි දැක්වෙන්නේ කිසියම් පුද්ගලයෙක් බැණවදිමින් ඇයව බිම දමාගෙන ගෙල පාදයකින් සිරකරගෙන සිටින ආකාරයයි. ඇය එයින් බේරීම සඳහා යටිගිරියෙන් කෑගසමින් ද`ගලයි.
එහෙත් එම පුද්ගලයා ඉතා අමානුෂික ලෙස ඇයගේ ගෙල පාදයෙන් සිරකරගෙන සිටී. ඒ අවට සිටින තවත් කිහිප දෙනෙක් එලෙස නොකරන ලෙස එම පුද්ගලයාගෙන් ඉල්ලා සිටී. එහෙත් ඔහු එය ගණන් නොගෙන පියුමිට බැණවදිමින් තව තවත් ඇයගේ ගෙල පාදයෙන් සිරකළේය.
පියුමි හුස්ම ගැනීමට පවා අමාරුවෙන් අතපය විසිකරමින් ඉන් බේරීමට උත්සාහ කරයි. එහෙත් ඇයට ගැලවීමක් නොමැත. තත්ත්වය එන්න එන්නම දරුණු අතට හැරුණි. ඒ සම`ග කාන්තාවක් ‘අනේ අයියේ දැන්වත් ඕක නවත්වන්න’ කියා පවසනු ඇසේ. එහෙත් එම පුද්ගලයා එයටද ඇහුම්කන් දුන්නේ නැත. අවසානයේ බැරිම තැන ඔහුත් සම`ග සිටි තරුණයෙක් එම පුද්ගලයාව අයිනට තල්ලූ කළේය. ඒ සමගම පියුමි හංසමාලි ගෙල අල්ලාගෙන නැගිටීමට උත්සාහ කළාය. එහෙත් ඇයට නැගිටීමට අපහසු විය.
ඇය මොනවාදෝ පැවසීමට උත්සාහ කළත් මුඛයෙන් හරියාකාරව වචන පිට නොවුණි.
දණ ගසාගෙන වේදනාවෙන් සිටි ඇය යළි මොනවදෝ කියමින් නැගිටීමට උත්සාහ කළාය. ඇය කියූ වචනවලටදෝ යළි එම පුද්ගලයාට කේන්ති ගියේය. එවර ඔහු පා පහරක් පියුමිගේ ලැම ප‍්‍රදේශයට එල්ල කළේය. ඒ පහරත් සම`ග යළි ඇය විසිවී ගොස් බිම ඇද වැටුණි. ඒ සමගම එම පුද්ගලයා පියුමිට තවත් පහරදීමට සැරසෙන අයුරු පෙනුණි.
වීඩියෝ පටය එතැනින් අවසන් විය. එම නිසා එතැනින් ඉදිරියට කුමක් සිදු වූවාදැයි දන්නේ පියුමි සහ එතැන සිටි කිහිප දෙනා පමණි. රාත‍්‍රි කාලයක සිදුවූ මෙම සිද්ධියේ කොටසක් පමණක් කවුරුන් හෝ වීඩියෝ කර අන්තර්ජාලයට එලෙස දමා තිබුණි.
පියුමි හංසමාලිට පහර දෙන එම වීඩියෝ පටය අන්තර්ජාලය තුළ සැරසැරීමත් සම`ග බොහෝ අය ඒ ගැන කතා කිරීමට පටන් ගත්හ. බොහෝ අය පැවසුවේ පියුමි මොනවගේ චරිතයක් වුණත් ඇයට එලෙස අමානුෂික ලෙස පහරදීම ඉතා නින්දිත ක‍්‍රියාවක් බවයි. තවත් අය පැවසුවේ පියුමි යළි ජනප‍්‍රිය වීම සඳහා මෙවැනි වීඩියෝ පටියක් අන්තර්ජාලයට දමා ඇති බවයි. ඒ අතර මෙය ගීතමය රූප රාමුවක කොටසක් බවද සමහරු පැවසූහ.
එහෙත් ඇත්ත එම කිසිවක් නොවෙයි. එලෙස පහර දෙන්නේ ඇයගේ පෙම්වතා විසින්ය.
සමාජයේ වැඩි වශයෙන් කතාබහට ලක්වූ එම වීඩියෝ පටිය පිළිබඳව පියුමි හංසමාලි සඳහන් කළේ එය දැනට මාස කිහිපයකට ඉහතදී සිදුවූ සිදුවීමක් බවත් ඒ ගැන එතරම් ගණන් නොගත යුතු බවත්ය. එහි සත්‍යයක් ඇත. ගුටිකෑවේ පියුමි හංසමාලි නම් ඇයට ඒ ගැන ප‍්‍රශ්නයක් නොමැති නම් අන් අයට ඒ ගැන කවර කතාද?

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!