Gossip

මම ආවේ අවංකවම ජනතාවට සේවය කරන්න.. මම ඉන්නේ දැඩි මානසික පීඩනයකින් – ගීතා කුමාරසිංහ

මම කලාව අත්හැරලා දේශපාලනය කරන්න ඇවිත් අවුරුදු 10කට වැඩියි. මම ගාල්ලේ ජනතාව වෙනුවෙන් කෑගැහුවේ. ඒ නිසා මට ඡන්දය දුන් ගාල්ල ජනතාවට සාධාරණය ඉටු කරන්න අවශ්‍යයි. ඒ හින්දා මම ඉදිරි දින කීපයේ දී ජනාධිපතිතුමා හමුවෙලා මේ ගැන සාකච්ඡා කරනවා’ යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය.

මෙම දේශපාලනය තුළ තිබෙන්නේ වෙනම ‘ගේම් එකක්’ යැයි ද ඇය සඳහන් කළාය.

මෙහිදී තවදුරටත් කතා කළ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරිය මෙසේද කියා සිටියාය.

‘‘මම ගතවූ අවුරුදු දහයක කාලයේ දී පූර්ණ දේශපාලනය කළා. මුදල් වියදම් කරගෙන කලාවට දෙන්න තිබුණු දායකත්වය දේශපාලනය වෙනුවෙන් ලබා දුන්නා. මම දේශපාලනයට ආවේ සමාජ සේවාවන් ඉටුකරමින් සිටින අතරේයි. නමුත් බොහෝ දෙනාට අගයක් නැහැ. නමුත් මම සැලෙන්නේ නැහැ. මම කැපවුණේ ජනතාව වෙනුවෙන්. එහෙම නැතුව මම ආවේ හොරකම් කරන්න නෙවෙයි. මගේ පවුල් පෝෂණය කරන්න නොවෙයි. මම ආවේ අවංකවම ජනතාවට සේවය කරන්නයි.

කොහොම වුණත් මම ඉන්නේ දැඩි මානසික පීඩනයකින්. මොකද මාව පත්කරපු ජනතාවගේ ඉල්ලීම් ඉටු කරන්න තාම බැරිවෙලා තිබෙනවා. කොහොම වුණත් මම ඉදිරි දින කීපයේදී ජනාධිපතිතුමා මුණගැසිලා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.”

ප‍්‍රදීප් ප‍්‍රසන්න

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!