Gossip

”මම පෙම්වතියක්.. විවාහය නම් ළඟදී සිදු වෙන එකක් නැහැ”

ඩිශ්නි සත්‍යා ටෙලි නිර්මාණයට ලැබෙන්නේ මොනවගේ ප‍්‍රතිචාරයක්ද? 

දැනට නම් ක්‍ෂේත‍්‍රයේ අයගෙන් තමයි ගොඩක් හොඳ ප‍්‍රතිචාර ලැබෙන්නේ. පේ‍්‍රක්‍ෂකයන් අතරට තවම මගේ චරිතය ගිහින් නැහැ. යමින් පවතිනවා. ක්‍ෂේත‍්‍රයේ අය නිතරම කියන්නේ මගෙන් බලාපොරොත්තු විය නොහැකි රංගනක් ගැන තමයි කතා කරන්නේ.

නවකයෙක් විදිහට ඔබට ලැබුණු මේ චරිතය ගැන මොකද හිතන්නේ?

මම හරි පරිස්සම් වුණා ගොඩක් හොඳ නිර්මාණවලට දායක වෙන්න. ප‍්‍රසිද්ධ වෙනවාට වඩා ගොඩක් වෙලාවට උත්සාහ කළේ හොඳ නිර්මාණවලට දායක වෙන්න. අනෙක් කාරණාව මම කරන වැඬේට හරියට කැපවෙනවා. ඒ කැපවීම ඉවසීම වගේම තෝරා බේරා ගැනීම නිසා මට ලැබුණු හොඳ අවස්ථාවක් කියලයි හැෙඟන්නේ.

මුලදී හිතුවද සත්‍යාට සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන් වේවි කියලා?

අභියෝගයක් කියන කාරණාව නම් තේරිලා තිබුණා. හැබැයි මට මේ චරිතය කරන්න පුළුවන් කියන විශ්වාසයක් තිබුණා. මම මේ චරිතය ගැන අධ්‍යක්‍ෂතුමාගෙන් සහ පිටපත් රචක නාමල් ජයසිංහ මහත්මයා සමඟත් කතාබහ කළා. මගේ රංගන පරාසය ගැන කතා කළාම ඔවුන්ට දැනගන්න පුළුවන්නේ මට මේ චරිතය කරන්න පුළුවන්ද බැරිද කියන එක. ඔවුන් කිව්වා මට මේ චරිතය කරන්න පුළුවන් කියලා.

 නවකයෝ නිතරම බලන්නේ ජනපි‍්‍රය චරිත රඟපාන්න. ඔබ ටිකක් ගැඹුරු චරිතයක් භාර ගන්නවා. ඇයි ඒ?

මට මුලදී අවස්ථාව ලැබුණේ හරිම බොළඳ පෙම්වතියකගේ චරිතවලට. ඒවා නාට්‍යවල ප‍්‍රධාන චරිත තමයි. හැබැයි ගොඩක් වෙලාවට ඒ චරිත බොළඳ පෙම්වතියගේ චරිත. දිගටම ඒ වගේ චරිත ලැබෙන කොට මම පරිස්සම් වුණා ඒවාට නොයා ඉන්න. ලංකාවේ පොඩි ප‍්‍රශ්නයක් තියෙනවා. නපුරු චරිත රඟපෑවොත් දිගටම ලැබෙන්නේ නපුරු චරිත” ආදරණීය චරිත ලැබුණොත් දිගටම ලැබෙන්නේ ආදරණීය චරිත. මම කැමැති විවිධ චරිත ඔස්සේ පේ‍්‍රක්‍ෂකයා අතරට යන්න.

 දැන් ඩිශ්නි මෙගා වැඩ භාර ගන්නේ නැද්ද?

දැනට නම් නැහැ. නමුත් සමහර විට මට ආස හිතෙන චරිතයක් ලැබුණොත් භාර ගනීවි. දැනට නම් මාව සංතෘප්ත වෙන විදිහේ චරිතයක් ලැබුණේ නැහැ. ඇත්තටම මම දැනට තියෙන්නේ අකැමැත්තක් තමයි.

රඟපෑමට ආපු නිසා ගුරුවෘත්තියට සමු දෙන්න අදහසක් තියෙනවාද?

මම කරන්නේ මගේ පාසල පවත්වාගෙන යන එක. ඒකේ ගුරුවරියක් ඉන්නවා උගන්වන්න. නමුත් මම ඒකේ උගන්වන්නේ මගේ ආසාවට. මම කවදාවත් ගුරුවෘත්තියට සමුදෙන එකක් නැහැ. මම එච්චරටම ආසයි ළමයි එක්ක වැඩ කරන්න. ඒ වගේම මම ගුරුවරියන් පුහුණු කිරීමේ කථිකාචාර්යවරියක් විදිහටත් සේවය කරනවා.

ඩිශ්නි වැඩ බදාගෙන කරන්න සූදානම් චරිතයක් නොවෙයිද?

නැහැ. මම එහෙම චරිතයක් නෙවෙයි.

 එතකොට ලැබෙන ආරාධනාවලට මොකද කරන්නේ?

ඇත්තට ම මට විවේක කාලයක ඒ ආරාධනාව ලැබෙනවා නම් මම ඒ වැඬේට කැමැති වෙනවා. නාට්‍ය දෙක තුන බදාගෙන කරන්න කැමැති නැහැ. නාට්‍ය විඳිමින් රඟපාන්න තමයි කැමැති. ඒක වධයක් කියලත් හිිතන්න කැමැති නැහැ. අනික මම ඒ චරිතය වෙනුවෙන් උපරිම දායකත්වයක් ලබා දෙනවා.

 පෞද්ගලික ජීවිතය ගෙවෙන්නේ?

පෞද්ගලික ජීවිතය ගැන මතක් කළහම හුදෙකලාව ජීවත් වන චරිතයක්. මම හැමෝටම හරිම හිතවත්. නමුත් මට යාළුවෝ කියලා ගොඩක් නැහැ. ගොඩක් වෙලාවට තනියම තමයි ජීවත් වෙන්න කැමැකි.

 ඩිශ්නි පෙම්වතියක් නේද?

ඔව්. මම පෙම්වතියක්.

 පෙම්වතා ක්‍ෂේත‍්‍රයේ කෙනෙක්ද?

නැහැ. ඔහු ක්‍ෂේත‍්‍රයේ කෙනෙක් නෙවෙයි.

 ඩිශ්නි කරන කියන දේවලට පෙම්වතාගෙන් විරුද්ධත්වයක් නැතිද?

නැහැ. එයා තමයි මාව ධෛර්යමත් කරන්නේ. එයා මට කියනවා ඔය විදියට වැඩ තෝරන්න එපා කියලා. ලොකු සහයෝගයක් ලැබෙනවා.

දැන්ම විවාහය ගැන හිතන්නේ නැත්ද?

විවාහය නම් ළඟදී සිදු වෙන එකක් නැහැ. මොකද මගේ අධ්‍යාපන කටයුතු තාම අවසන් නැහැ.

 ක්‍ෂේත‍්‍රයේ කැපිලි කෙටිලි එහෙම තියෙනවද?

කැපිලි කෙටිලි ඇති. මම ඒ ගැන දන්නේ නැහැ. මම හරිම සුන්දරව සැහැල්ලූවෙන් ජීවත් වෙන චරිතයක්. මම ඒවා ගැන හොයන්න ගියොත් තමයි ඒ ගැන දැනගන්න ලැබෙන්නේ. මට දුක හිතෙන්නේ. ඇත්තට ම මම මේ ක්‍ෂේත‍්‍රයේ අය එක්ක නිතර ගැටෙන්න යන්නේ නැහැ. මම පාටිවලට යන්නේ නැහැ. මට යාළුවෝ ඉතා අඩුයි. ඉතාම සීමිත පිරිසක් ආශ‍්‍රය කරන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!