Gossip

වෙබ් ගොසිප් පුවතින් ගංගාට අලුත් ඇත්ගොව්වෙක්

කොළඹ, ගංගාරාම විහාරස්ථානයේ වෙසෙන ගංගා නැමැති අලි  පැටවාට ඇත්ගොව්වා විසින් පහරදෙන අයුරු විදහා දැක්වෙන වීඩියෝවක්  වෙබ් ගොසිප් වෙතින් පළ කිරීමෙන් පසු ඒ සම්බන්ධයෙන් එම විහාරස්ථානයේ දායක සභාව අප වෙත පැහැදිළි කිරීමක් එවා තිබේ.
ඒ අනූව එමගින්  පෙන්වාදෙන්නේ අදාළ වීඩියෝවේ සඳහන් වූ පරිදි අලියාට අකාරුණික ලෙස පහරදුන් එම ඇත්ගොව්වා සේවයෙන් ඉවත් කළ  බවයි.

එසේම අලියාගේ සේවය සඳහා මීට පෙර සිටි පළ පුරුදු ඇත්ගොව්වෙකු (නවම් රාජා නැමැති ඇතාගේ ඇත්ගොව්වා – ඇතා මීට ඉහත මියගොස් ඇත) යළි සේවයට ගෙන්වා ගත්  බවද ගංගාරාම විහාරයේ දායක සභාව කියයි.

 

 

 

කෙසේ වුවද අලියාට පහරදෙන අයුරු දැක්වෙන මෙවැනි වීඩියෝවක් සමාජ ජාල වෙබ් අඩවි වලට මුදා හැරීම ගැන කණගාටුවන බවත්, එසේ කළ පුද්ගලයා එය පෞද්ගලිකවම දායක සභාව දැනුවත් කළා නම් වඩාත් සුදුසු බවත්, ඔවුන් පෙන්වාදෙයි.

 

 

සමාජ ජාල වෙබ් අඩවි මගින් එවැන්නක් ප්‍රදර්ශනය කිරීමෙන් විහාරස්ථානයේ කීර්තිනාමයට හානියක් වීම ඊට හේතුව බවද ගංගාරාම විහාරස්ථ දායක සභාව වැඩිදුරටත් එම නිවේදනය මගින් සඳහන් කරයි.

 

 

2 Comments

2 Comments

  1. සද්දාතිස්ස

    January 27, 2015 at 9:39 am

    මෙම සිද්ධිය වෙබ් අඩවියට ඉදිරිපත්කල සහ පලකල පුද්ගලයන්ට මගේ ගෞරවය හිමිවේ. මොවුන් මෙසේ කිරීම විශාල පිනක් රැස් කරගැනීමක් පමණක් නොව අන් අයටද ආදර්ශයකි. මෙවැනි අවස්ථා තව තවත් අන්තර්ජාලයට මුදා හරිමින් මෙවැනි තිරිසන් වෙස් ගත් මිනිසුන්ගෙන් අහිංසක සත්ත්වයින් බේරාගනිමු

  2. fishinglovers.net

    January 29, 2015 at 10:45 pm

    Major thankies for the blog.Really thank you! Want more.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!