Gossip

සිහින සැබෑකරගන්න ගලේවෙලින් රට රස්සාවට ගිය කත අත්පය කපාගෙන ලංකාවට ආපු හැටි – Photos

රට රස්සාවට හුඟක් අය යන්නේ හීන කන්දරාවක් හිතේ තියාගෙන.
ඒත් ඒ විදිහට රට රස්සාවට යන හුඟක් අයට අත්විඳින්න වෙන්නේ හීනෙකින්වත් නොහිතපු දුක් කරදර.
ඒ වගේ සිද්ධි ගණනාවක්ම පසුගිය කාලේ පුරාවටම අපිට අහන්න දකින්න ලැබුණා.
මේ ඒ වගේ තවත් කතාවක්.
ගෘහ සේවය සඳහා සවුදියට ගලේවෙලින් පිටත්ව ගිය එක් දරු මවක් වසරකට පසු බරපතළ තුවාල සහිතව ඊයේ (18) දින අළුයම සිය නිවසට පැමිණීමේ සිද්ධියක් ගැන අපිට අහන්න ලැබුුණා.
බරපතළ ලෙස පහර කෑමට ලක්ව ඇති මෙම ගෘහ සේවිකාව නිවසට පැමිණීමත් සමඟ ඇයව රෝහල් ගතකරලා.
මේ විදිහට ජීවිතේ බේරගෙන නැවතත් අපේ රටට ඇවිත් තිබුණේ ගලේවෙල  – බඹරගස්වැව පදිංචි ඩබ්ලිව්, ඩී. කාංචනා කුමාරි (33) එක්දරු මවක්.
අවුරුදු හතරක් වුණු කුඩා දියණිය නිවසේ  දමා  මෙම කාන්තාව 2016 සැප්තැම්බර් මස 5 වැනි දින සවුදි රාජ්‍යයේ  ගෘහ සේවය සඳහා කුරුණෑගල විදේශ රැකියා නියෝජිත ආයතනයක මැදිහත්වීමෙන්.
 කාංචනා ව්‍යාජ ලෙස ලිපි ලේඛන සකසා ඇගේ කැමැත්ත මත විදේශගත වුණා කියලයි ඇය පවසන්නේ.
තමන්ට  සෞදියේ දමාම් ප්‍රදේශයේ නිවසක් ගෘහ සේවය සඳහා වෙන් වූ බවත් මාස තුනක පමණ කාලයක් එම නිවසෙහි සේවය සඳහා වැටුප් ලබා දුන් බවද ඇය පවසන්නීය.
පසුව දිගින් දිගටම ආහාර ඇඳුම් පැළඳුම් වැටුප් සියල්ල අත් හිටුවා දැඩි ලෙස වධ දෙන්නට පටන්ගත් බව ඇය හඬමින් පැවසුවාය.
මේ වන විට ඇයගේ  සිරුරේ  බරපතළ තුවාල මෙන්ම බරපතළ කැපුම් තුවාල හා ඇස්වලද බරපතළ දක්නට තිබෙනවා.
එමෙන්ම  කොන්ද හා කකුල්වලද  බරපතළ තුවාල දැක ගැනීමට හැකි වූ අතර ඇයගේ  දත් පවා කපා දමා  ඇති අයුරුද දැක ගැනීමට හැකියාව ලැබිණි.
නිසියාකාර ඇවිද ගැනීමට වත් නොහැකි ව ගත වාරු නොමැති සිටින ආකාරයද එහි ගිය අපට දැක ගැනීමට හැකියාව ලැබිණි.
තමන්ට  සිදු වූ අත්දැකීම් පිළිබඳව ඇය කියා සිටියේ දිගින් දිගටම මේ ආකාරයෙන් තමන්ට සිදු කළ පහරදීම් පිළිබඳව තම සැමියා සහ ඥාතීන් දැනුවත් කළ අතර ඔවුන් විසින් සිදුකළ පැමිණිල්ලක් අනුව තමන්ට එම නිවසෙන් ඒමට හැකියාව ලැබුණු බවයි.
 වැටුප් හා කිසිවක් නොමැතිව කළුපාටට හුරු රෙදි කැබැල්ලකින් ඔතා  ගුවන්තොටුපලට ගෙනවිත් දැමු බවත් ගුවන් තොටුපළේ සිටි ශ්‍රී ලාංකික කාන්තාවක විසින් සාක් හා හැට්ටයක් ලබාදීමෙන් එය ඇඳගෙන ලංකාවට පැමිණි බව ඇය අප සමඟ පැවසුවා.
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!