හොලිවුඩ්

රුපියල් 600කට ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ෆෝන් එකක් දැන් වෙළඳපොළේ(වීඩියෝ)

1

රුපියල් 600කට ( ඉන්දියන් රුපියල් 251) ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් විකුණන්න තියෙනවා කිව්වොත් ඔබ පුදුම වෙනවා නොඅනුමානයි. ඇමරිකානු ඩොලර් වලින් මෙහි වටිනාකම ඩොලර් හතරක්.

මේ වගේ අතිශය අඩු මුදලට ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනයක් මිලදී ගන්න නුදුරේදීම පුළුවන් වේවි. හැබැයි ඒ ලංකාවේ නම් නෙමේ ඉන්දියාවේදී.

Ringing Bells නම් ඉන්දියානු සමාගමක් විසින් නිපදවා ඇති මේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනය ජුනි 30 වනදා වෙළඳපලට නිකුත් කළා.

Freedom 251 ලෙස මෙය නම් කර තිබෙනවා.

අඟල් 4ක 960×540 ස්පර්ශ සංවේදී තිරයක්
1.3GHz ප්‍රොසේසෙරයක්
1GB රැම්
8GB මතක ධාරිතාවයක්
මෙගා පික්සල් 8ක පසුපස කැමරාවක්
මෙගා පික්සල් 3.2ක ඉදිරිපස කැමරාවක් ඇති මේ ජංගම දුරකථනය ඇන්ඩ්‍රොයිඩ් 5.1 මෙහෙයුම් පද්ධතිය සහිත ජංගම දුරකථනයක්.

Ringing Bells සමාගමේ විධායක අධ්‍යක්ෂකවරයා පවසන පරිදි මේ ජංගම දුරකථන හරහා සමාගමට අති විශාල පාඩුවක් සිදුවන නමුත් මේ හරහා ස්මාර්ට් ෆෝන් මිලදී ගැනීමට හැකියාවක් නොමැති ජනතාව වෙත මහඟු අවස්ථාවක් උදාවනු ඇති බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!