Gossip

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය ගැන නිවේදනය නිකුත් කරයි – කියපු කතාව මෙන්න

අනේක විධි බාධා මැද මෙවන් සුවිශේෂී ජයග්‍රහණයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබා දුන් ශ්‍රී ලංකාවේ සියලුම ඡන්ද දායකයින්ට තමාගේ ප්‍රණාමය පුදකර සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

එම නිවේදනය,

2018 පෙබරවාරි 11
මාධ්‍ය නිවේදනය

ජයග්‍රහණය සාමාකාමීව භුක්ති විදිමු

මෙවර පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබමින් සිටින බව නන් දෙසින් ලැබෙන පුවත් වලින් සනාථ වේ. අනේක විධි බාධා මැද මෙවන් සුවිශේෂී ජයග්‍රහණයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබා දුන් ශ්‍රී ලංකාවේ සියලුම ඡන්ද දායකයින්ට මගේ ප්‍රණාමය පුදකර සිටිමි. ශ්‍රී ලංකාවේ විපාක්‍ෂික බලවේගය වන ඒකාබද්ධ විපක්‍ෂය ඉතිහාසයේ අන් කවරදාකටත් වඩා ඉතාමත්ම දුෂ්කර හා පීඩාකාරී තත්වයන් යටතේ මේ ජයග්‍රහණය ලබාගෙන තිබේ.

පසුගිය වකවාණුවේ තමන් ආණ්ඩුව පැත්තෙන් කොතරම් පීඩනයකට, දඩයමකට ලක් වී සිටියත්, ජනතාව අපට ලබා දී ඇති මේ විශිෂ්ඨ ජයග්‍රහණය ඉතාමත්ම සාමකාමීව, සංවරයකින් යුතුව, පරාජිත පාර්ශවවලට අගෞරවයක් සිදුනොවන ආකාරයට භුක්ති විදින මෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරඟ කළ සියලුම පාර්ශව වලින් මම සහෝදරත්වයෙන් ඉල්ලා සිටිමි. අප මේ රටේ ඡන්ද දායකයන්ට උපහාර දක්වන ප්‍රධානම විදිය එය බව කවුරුත් සිහිපත් කළ යුතු වේ.

ශ්‍රී ලංකාවාසී ජනතාවට ජයවේවා !

ඔබ සැමට තෙරුවන් සරණයි.

මහින්ද රාජපක්‍ෂ
ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!