Gossip

ශරීරයේ ඇති විෂ සැර ඔබේ දෙපයෙන් ඉවත් කරගන්නා විශ්මිත ක‍්‍රමවේදය

cover

අප එදිනදා ගන්නා ඇතැම් ආහාර වර්ග නිසා, නිරාවරණය වන පරිසර තත්ත්ව නිසා මෙන්ම ශරීරයේ විවිධ අභ්‍යන්තර ක‍්‍රියාවලි මගින් ශරීරය තුල විෂ ද‍්‍රව්‍ය රැුදී තිබිය හැකියි. ඉතින් මෙවැනි විෂ ද‍්‍රව්‍ය ආහාර පාලනය කිරීම මගින් අඩුකර ගැනීම තරමක් දුරට ඔබට අපහසු බව අප දන්නවා. මන්ද එදිනෙදා අනුභව කරන ආහාර වෙලේ අඩංගු දෑ ඉවත් කරනවා යන්න අපහසුම කටයුත්තක් බැවිනි. පහතින් දැක්වෙන්නේ එසේ එකතු වී ඇති විෂ ආහාර පාලනයෙන් තොරව පහසුවෙන් ඉවත් කරගන්නා ආකාරයයි. එමෙන්ම මෙලෙස විෂ ඉවත්කිරීම තම ශරීර සෞඛ්‍යට බෙහෙවින් හිතකරය. මෙම ක‍්‍රමයේ විශේෂත්වය වන්නේ මෙය දෙපය සදහා කෙරෙන ප‍්‍රතිකර්මයක් වීමයි. මෙය ඉතාමත් පහසු, අතුරු අබාධ රහිත වඩාත් කාර්යක්ෂම ක‍්‍රමයක් වීමද මෙහි ඇති තවත් විශේෂත්වයකි.

දෙපයින් ශරීරයේ ඇති විෂ ඉවත් කරගැනීම ආකාර ගණනාවකින් සිදුකෙරෙනවා. මෙමගින් නිවසේදීම ඔබටත් ඉතාම පහසුවෙන් ඔබේ ශරීරයේ ඇති විෂ ඉවත් කරගත හැකි ආකාරය අද දවසින් අප ඔබව දැනුවත් කරන්නයි මේ සුදානම. පහතින් දැක්වෙන්නේ එම ආකාරයි.

Foot Detox Pads
මෙම ක‍්‍රමයේදී උණ බට ශාකයෙන් හා වෙනත් විවිධ ශාක මගින් ලබාගන්නා යුෂ භාවිතයෙන් දෙපයෙන් ශරීරයේ ඇති විෂ ඉවත් කෙරෙනවා. මෙම මිශ‍්‍රණ වෙළදපොලෙහි ඖෂධ මිලදී ගන්නා ස්ථාන වලින් පහසුවෙන් මිලදී ගැනීමට හැකියි. මෙම ක‍්‍රමවේදය පුරාණ ජපානයේ සිට පැවත එන්නක් ලෙස ප‍්‍රසිද්ධියට පත්ව තිබෙනවා. මෙම ක‍්‍රමයේ ඇති සරල බව හා අතුරු ආබාධ රහිත බව මෙම ක‍්‍රමය ප‍්‍රචලිත වීමට බෙහෙවින්ම බලපා තිබෙනවා.

මෙහිදී මෙම ද‍්‍රාවණය සහිත ප්ලාස්ටරය රාත‍්‍රියේ නින්දට යාමට පෙර භාවිතා කරන අතර උදෑසන අවදිවීමත් සමග ඉවත් කරනු ලබයි. එමගින් පසුදින වඩාත් සාර්ථක ප‍්‍රතිපල සහිතව අවදි වීමට පුලූවන. පසුදින දෙපයට යෙදු ප්ලාස්ටරය ඉවත් කිරීමේදී එය අදුරු පැහැ ගැන්වී තිබෙනු දක්නට පුළුවන. එයට හේතුව ශරීරයේ විෂ ද‍්‍රව්‍ය ඉවත් වීමය. මෙම ප‍්‍රතිකර්මයෙන් පසු ශරීරයට නැවුම් බවක් දැනෙන අතර මෙය මානසික ආතතිය හිසරුදාව සන්ධි වේදනාව අවම කිරීමටද දායක වනවා.

ඊට අමතරව අයන සහිත ද‍්‍රාවන අඩංගු භාජන මගින්ද මෙම ක‍්‍රියාවම සිදුකල හැකිය. මෙහිදී ඉලෙක්ට්‍රොනික ක‍්‍රමයක් භාවිතා කරන අතර එමගින් ද‍්‍රාවණයේ ධන යන සහ ඍණ අයන සාදමින් මෙම ප‍්‍රතික‍්‍රියාව සිදුකරයි. අයන ඇති කිරීම සදහා ලූණු වතුර භාවිතා කල හැකිය.

බොහෝ විට ශරීරයේ මෙම විෂ ද‍්‍රව්ය තැන්පත් වීමට හේතු වී ඇත්තේ අයහපත් ආහාර පුරුදු හා අයහපත් ජීවන රටාවයි. ක්ෂණික ආහාර මෙන්ම වෙළදපොලෙහි ඇති සැකසු ආහාර පරිභෝජනය මේ සදහා වඩාත් ඉවහල් වනවා. තවද මේ සදහා ඔබ නිරාවරණය වන පරිසර තත්වද බොහෝ සෙයින් දායක වනවා. අප හුස්ම ගන්නා දුෂිත වාතය මගින් පවා අපගේ ශරීරයේ විෂ ද‍්‍රව්ය එකතු වනවා. එම නිසා වඩාත් නිවැරදි ආහාර හා ජීවන රටා මගින් ඔබගේ ජීවිතය නිරෝගිමත් ආකාරයකට ගත කිරීමට ඔබට හැකි වේවි.

 

 

 

උපුටා ගැනීමකි

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!