Gossip

තව පැය 06ක් එක දිගට වැස්සොත් වෙන දේ – ජනතාවට අවධානයෙන් සිටින්නැයි උපදෙස්

ගාල්ල , මාතර දිස්ත්‍රික්ක ඇතුළු දිවයිනේ බොහෝ ප‍්‍රදේශවලට ඊයේ (26) රාත්‍රියේ තද වැසි ඇති වුණා.

ගිං ගගේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් බද්දේගම, තවලම, නාගොඩ හා වැලිවිටිය ඇතුළු පහත් බිම්වල ජනතාව ඉවත් කිරීමට කටයුතු කළ බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

ගාල්ල දිස්ත‍්‍රික්කයේ ගං වතුර අවස්ථාවන්හිදී යට නොවන ප‍්‍රදේශ පවා මේ වනවිට ජලයෙන් යටවී තිබෙනවා.

ඉදිරි පැය හය තුළ තවදුරටත් වැසි ඇති වුවහොත් කැළණි ගඟ ආශ්‍රිතව ප‍්‍රධාන ගං වතුර මට්ටමක් ඇති විය හැකි බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ.

මේ හේතුවෙන් කැළණි ගඟ දෙපස ජනතාව ඒ පිළිබඳ විමසිලිමත් විය යුතු බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළා.

කළු ගගේ ජල මට්ටම ද ඉහළ ගොස් ඇති බැවින් ඒ ආශ්‍රිත පහත් බිම්වල ජනතාව අවධානයෙන් සිටිය යුතු බව ප්‍රකාශ කෙරුණා.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ ජූනි මස 02 වැනිදා දක්වා දිවයිනේ නිරිත දිග කොටසට තද වැසි ඇති විය හැකි බවයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!