තරු හුට පට

ලාංකික කත වාර්තා පොතට එක්වෙයි – සිංහ ධජය එවරස්ට් කඳු මුදුනේ! (ඡායාරූප)

cvr

ලොව උසම කඳු මුදුන ලෙස සැලකෙන එවරස්ට් කඳු මුදුන තරණය කිරීමට සමත් වූ පළමු ශ්‍රී ලාංකික කාන්තාව ලෙස ජයන්ති කුරුඋතුම්පාල වාර්තා පොත් අතරට එක්ව තිබේ.

ඇය එවරස්ට් කඳු මුදුන අද පෙරවරුවේ තරණය කිරීමට සමත්ව ඇති බව වාර්තා වේ.

ඒ අනූව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලොව උසම කඳු මුදුන තරණය කළ කාන්තාව ලෙස ඇයගේ නම වාර්තා පොත් අතරට එක්වනු ඇත.

මේ අතර ඇය සමග එවරස්ට් කඳු මුදුන තරණය කිරීමේ අභියෝගයට එක්ව සිටි යොහාන් පීරිස් ද එහි අවසන් අදියරට පැමිණ සිටින බව සඳහන්ය.

මෙම දෙදෙනා පසුගිය අපේ‍්‍රල් මාසයේ මුල සිටම හිමාලය කඳු ආශ‍්‍රිතව පුහුණුව ලැබ පසුගිය මාසය පුරාම එවරස්ට් පදනම් කඳවුරේ සිට තවත් කඳවුරු තුනක් දක්වා වූ ඉතාමත් උස කඳු සහ උස් ප‍්‍රදේශ කරා ඉහළට සහ පහළට ගමන් කිරීමේ පුහුණුව ලබාගනිමින් මෙම අභියෝගය ජය ගැනීමට පෙරමුණ ගන්නා ලදී.

එවරස්ට් කන්ද ලොව උසම කඳු මුදුන ලෙස  මුහුදු මට්ටමේ සිට උස මීටර් 8,848 (අඩි 29,029)කි. ආසියාවේ හිමාල කඳුකරයේ කොටසක් වන මෙය නේපාලයට අයිති සාගරමාතා ප්‍රදේශයේ සහ චීනයට අයිති ටිබෙටයේ මායිමේ පිහිටා ඇත.

ලොවපුරා තරුණ තරුණියන්, කඳු නඟින කණ්ඩායම් සෑම වසරකම පාහේ එවරස්ට් කන්ද තරණය කිරීමට පැමිණෙන නමුත් ඇතැම් අවස්ථාවල කාලගුණික බලපෑම් හමුවේ ඔවුන්ගේ එම උත්සාහය අතහැර දැමීමට සිදුවූ අවස්ථා එමටය.

එසේම ඇතැමුන් එම අභියෝගද ජය ගනිමින් සිය අරමුණ කරා ළඟා වූ පුවත් පසුගිය කාලය පුරාම අසන්නට දක්නට ලැබිණ.

ඉහත ඡායාරූපයේ දක්නට ලැබෙන්නේ එවරස්ට් කඳු මුදුන තරණය කිරීමට එක්වූ ජයන්ති කුරුඋතුම්පාල හා යොහාන් පීරිස් කන්ද තරණය කරමින් සිටියදී ගනු ලැබූ ඡායා රූපයකි.

1 2 3

සිංහ කොඩිය එවරස්ට් කඳු මුදුනේ http://goo.gl/063C6R

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!