Gossip

වෑන් රථය ඇතුලේ පුද්ගලයින් 5ක් පිලීස්සී මරුට – වෑන් රථය ගිනි තිබ්බාද?

cover

 

දංකොටුව, බුත්ගම්පොළ, ඉරබඩගම ප්‍රදේශයේදී අතුරු මාර්ගයක වෑන් රථයක් තුළ තිබී පිළිස්සී ගිය මළ සිරුරු කිහිපයක් සොයාගෙන තිබේ.

පොලීසිය පැවසුවේ අදාළ වෑන් රථය ගිනිගෙන ඇති අතර එහි තිබූ මළ සිරුරු දැඩිව පිළිස්සී ඇති බවයි.

පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරකට අනුව දංකොටුව පොලීසිය අද(11) උදෑසන සිද්ධිය වූ ස්ථානයට ගොස් තිබේ.මේ වන විට දංකොටුව පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් විමර්ශන සිදුකරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් කියා සිටියි.

මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව මෙතෙක් තහවුරු වී නොමැති අතර පුද්ගලයින් පස් දෙනෙකු පමණ මියගොස් ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

van
ඡායාරූ-රවීන්ද්‍ර ලියනගේ

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!