Gossip News

මාස 7ට මාස්ක් කෝටි 14ක් ලංකාවට ගෙන්වලා

ඉකුත් මාර්තු මස අග සිට ඔක්තෝබර් මසය වන විට මුව ආවරණ ටොන් 495 ක් ශී‍්‍ර ලංකාවට ආනයනය කර ඇති අතර එසේ ගෙන්වා ඇති මුව ආවරණ සංඛ්‍යාව කෝටි 14 ක් වන බව පරිසර ඇමැතිවරයා පැවසීය.

එසේම ඉකුත් නොවැම්බර් මස අවසන් වන විට  කේ-එන් 95 වර්ගයේ මුව ආවරණ මිලියන 15 ක් ආනයනය කිරීම සදහා සමාගම් සියයකට අනුමැතිය ලබා දී ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරන බවද පෙරේදා (9) පරිසර අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා පැවසීය.

එම මුව ආවරණ භාවිතයෙන් පසු විධිමත් ලෙස බැහැර නොකිරීමෙන් විශාල පරිසර හානියක් සේම කොවිඞ් වසංගතය ව්‍යාප්ත වීමට ඉඩ ඇති බවද ඇමැතිවරයා සදහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මුහුණු ආවරණ විධිමත්ව බැහැර කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය විසින් පළාත් පාලන ආයතන වෙත මාර්ගෝපදේශන මාලාවක් ඉදිරිපත් කර ඇති බව ද, නමුත් ඒවා නිසි පරිදි බැහැර කරන්නේ ද යන්න සම්බන්ධව නියාමනය විය යුත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් බව ද පැවසීය. ඉදිරියේ දී පරිසර අමාත්‍යාංශය හා සෞඛ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධව මෙම යාන්ත‍්‍රණය පුළුල්ව ක‍්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ද ලේකම්වරයා අවධාරණය කළේය.

දිවයින..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!