Gossip News

කොරෝනා නිසා ගාල්ල තැපැල් කාර්යාලය වැසෙයි

කොරෝනා වසංගත තත්වය හමුවේ ගාල්ල තැපල් කාර්යාලය අද (11)දහවල් සිට නැවත දැනුම් දෙන තුරු වසා දැමිමට තින්දු කළ බව දකුණු පළාත් භාර නියෝජ්‍ය තැපල්පති ටි.එල්.එම්.එස් මෙන්ඩිස් මහත්මිය පැවසුවාය.

ගාල්ල තැපල් කාර්යලයේ කාර්ය මණ්ඩලයේ තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට දැනුම් දිමෙන් පසු සෞඛ්‍ය අංශවල නිර්දේශ මත මෙම පියවරගත් බවද නියෝජ්‍ය තැපල්පතිනය සදහන් කළාය.

ගාල්ල නාගරික බල ප්‍රදේශය තුල ඉකුත් 09 වැනිදින කරණු ලැබු පි.සි.ආර් පරික්ෂණවල ප්‍රථිපල අද (11) ලැබි ඇති අතර ඒ අනුව තැපල් කාර්යාලයේ සේවකයින් තිදෙනෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇත.

තැපල් කාර්යාලය විවෘත කරණ දිනය පසුව දැනුම්දෙන බවද නියෝජ්‍ය තැපල්පතිනිය වැඩිදුරටත් සදහන් කළාය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!