තරු හුට පට

එවරස්ට් තරණය කළ ලාංකිකයින් ලංකාවට ආව හැටි (වීඩියෝ)

ලොව උසම කඳු මුදුන ලෙස සැලකෙන එවරස්ට් කන්ද තරණය කිරීමට සමත් වූ පළමු ශ‍්‍රී ලාංකික කාන්තාව ලෙස ජයන්ති කුරුඋතුම්පහල මෙනවිය පසුගිය 21 වනදා වාර්තා පොතට එක්වුනාණේ.

ශ‍්‍රී ලාංකිකයකු වන යොහාන් පීරිස් සමඟ මෙම කඳු තරණයට එක්වූ ජයන්ති යොහාන්ට වඩා උඩට කන්ද නැගගත් අතර එවරස්ට් ශිකරයේ වේදිකාව ලෙස හැදින්වෙන ඉහළ තලයට එහා ඔහු ගියේ නැත.

යොහාන් කොන්ඩා මෝස්තර නිරූපණ ශිල්පියෙකි. ජයන්ති මීට පෙර මාධ්‍යවේදිනියක ලෙසද කටයුතු කර ඇත. ඇය මේ කාලයේ කාන්තා අයිතිවාසිකම් පිළිබඳ ආයතනයක උපදේශිකාවක ලෙස සේවය කරන්නියකි. මින් ඉහත ටැන්සානියාවේ සහ නේපාලයේ කඳු තරණය කර ඇයට අත්දැකීම් ඇති බව කියැවේ.

එවරස්ට් කන්ද මුහුදු මට්ටමේ සිට අඩි 29029 ක් උසින් පිහිටා ඇත. එවරස්්ට් කන්ද තරණය කරන්නට ප‍්‍රථම ජයන්ති එහි පුහුණු කඳවරු වලටද සහභාගීවී අත්දැකීම් ලබාගෙන තිබෙන අතර කඳු තරණය සිදු කළේ ඉන් පසුවය.

ඔවුන් දෙදෙනා පසුගිය දා රාත්‍රියේ (27) දිවයිනට පැමිණෙන ලදී.

1 2 3 4 5 6 7 8 9 10

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!