Gossip

කාලගුණය අයහපත් වූ මොහොතේ රට ඉඳන් ලංකාවට ආපු ඉංජිනේරුවරයාට අත්වුණු අවාසනාවන්ත ඉරණම – Photos

වේගය මරුවා කැඳවයි කියලා කියමනක් ඔබත් අහලා ඇති.

ඒ විදිහට අධික වේගයෙන් ධාවන කරපු සුපිරි මෝටර් රථය පාලනය කරගන්න බැරුව පාරෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටී සිදුවූ අනතුරකින්  තරුණ නාවික ඉංජිනේරුවරයෙක් මියගොස් තිබෙනවා.

ඔහු ගමන් ගත් එම රථයේ තවත් පස් දෙනෙකු සිට ඇති අතර තුවාල ලැබූ ඔවුන් හෝමාගම මූලික රෝහලට ඇතුලත් කර තිබුණා.

ඊයේ  අලුයම 3.05 ට පමණ සිදුවූ මෙම අනතුරින් අවසන් ගමන් ගියේ කොට්‌ටාව, පන්නිපිටිය, කටුකුරුන්ද පදිංචිව සිටි අලුත්ගමආරච්චිගේ ලුමාල් මධුසංඛ 24 හැවිරිදි තරුණයෙක්.

මියගිය තරුණ ඉංජිනේරුවරයා විදේශයක නැවක සේවය කරන නාවික ඉංජිනේරුවරයකු බව හෙළිවි නැති බවයි පොලිසිය පවසන්නේ.

මොහු නිවාඩුවට ලංකාවට පැමිණ ඇත්තේ පසුගිය 28 දා බවත් ඔහු තම මිතුරන් සමග මහරගම ප්‍රදේශයේ මිතුරකුගේ සාදයකට ගොස්‌ නැවත කොට්‌ටාව දෙසට පැමිණෙමින් සිටියදී මෙම අනතුරට සිදුව ඇති බවයි පොලිස් වාර්තාවල දැක්වෙන්නේ.

අතුරු මාර්ගයකින් එක්‌වරම දැමූ යතුරුපැදියක්‌ බේරීමට යැමේදී රථය පැදවූ ඉංජිනේරුවරයා එක්‌වරම තිරිංග තද කිරීමත් සමග රථය මාර්ගයෙන් ඉවතට පැන තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!