Gossip

කඳුළු අතරින් ශ්‍රී ලංකාවාසීන්ට ප්‍රණාමය පුදන මහේල – මහේල සංවේදීවෙයි(වීඩියෝ)

mahi

ගාල්ල කරාපිටිය මහ රෝහලට අනුබද්ධව පිළිකා රෝහලක් ඉදිකිරීම සඳහා අරමුදල් රැස් කරනු වස් සහාය දුන් සියලු ශ්‍රී ලංකාවාසීන්ට ප්‍රණාමය පුද කරන බව හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන පවසයි.

ඔහු ඒ බව කියා සිටියේ අදාළ රෝහල ඉදිකිරීමට අවශ්‍ය අරමුදල් රැස්කිරීම සඳහා ඔහුගේ ප්‍රධානත්වයෙන් දියත් කෙරුණු පාගමන අවසානයේ කරාපිටිය රෝහල් පරිශ්‍රය තුළ ඊට මුල් ගල් තැබූ අවස්ථාවේ අදහස් දක්වමිනි.

පාගමන නිමාවීම සිය උත්සාහයේ එක් සන්ධිස්ථානයක් වුවත්, එය අවසන් වන්නේ රෝහල ඉදිකර රෝගීන්ට ප්‍රතිකාර කිරීම ආරම්භ කරන අවස්ථාවේ බව ඔහු වැඩිදුරටත් පැවසීය.

පේදුරුතුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා කිලෝමීටර 700 ක් පාගමනින් පැමිණ, කඳුළු අතරින් අදහස් දැක්වූ මහේල ජයවර්ධන, මීට විසි වසරකට ඉහතදී පිළිකා රෝගයෙන් මියගිය තම සොහොයුරා සිහිපත්වන බව සඳහන් කළේය.

පාගමන තුළදී ශ්‍රී ලංකාවාසීන්ගෙන් ලද ප්‍රතිචාරය කෙබඳුදැයි පැහැදිළි කරමින් කතා කළ මහේල, “මම හිතන්නේ මගේ මාත් ජීවිතේ සුන්දරම දවස් 27 ක් ගෙවුන. උතුරේ පේදුරුතුඩුවේ ඉඳල අපි මාතරට ඇවිල්ල තියෙනව. ශ්‍රී ලංකාවේ ජනතාව ‘කෙතරම් සුන්දර ද, කෙතරම් පරිත්‍යාගශීලී ද,” යැයි පවසද්දී ඉතා හැඟුම්බර විණ.

බීබීසී සංදේශය ඇසුරෙනි

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!