Gossip

කාන්තාවක් මියගිය සමන් දේවාල පෙරහරේ අලි කුලප්පුවේ විඩියෝව

1

රත්නපුර මහ සමන් දේවාලයේ පෙරහැරේ ඇතෙකු කුලප්පුවීමෙන් කාන්තාවක මියගොස් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා තිබේ.

ඊයේ(16)  රාත්‍රී පෙරහැර ආරම්භවීමට පෙර මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.

තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා  රත්නපුර රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.

මේ අතර ඓතිහාසික ගැටබරුව විහාරස්ථානයේ වාර්ෂික පෙරහැර අතුරතුරදී සිදුවූ අනතුරකින් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා තිබේ.

ඊයේ රාත්‍රී පෙරහැර ආරම්භවී මද වේලාවකින් එම අනතුර සිදුව ඇති බව සඳහන්ය.

පෙරහැරේ ගමන්ගත් අලියෙකු කුලප්පු වූ බවට පැතිර ගිය ප්‍රචාරයක් සමඟ  ඇති වූ නොසන්සුන්තාවක් හේතුවෙන් අනතුර සිදුව ඇති බව සඳහන්ය.

නොසන්සුන් වූ ජනතාව ඒ මේ අත දිව යාමේදී ඇති වූ තෙරපුම හා ගැටීම් හේතුවෙන් මෙය සිදුව ඇති බව වාර්තා වෙයි.

මින් තුවාල ලැබූ පුද්ගලයින් සිව් දෙනෙකු දෙණියාය රෝහලට ඇතුළත් කෙරුණි.

රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ කාන්තාවන් දෙදෙනෙකුද තුවාලකරුවන් අතර වන බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!