Gossip

ළඟදීම පාරට එන රෝද තුනේ ඉලෙක්ට්‍රික් ත්‍රීරෝද රථය

කැනඩාවේ Electra Meccanica Vehicles Corp විසින් තනි පුද්ගලයෙකුට යා හැකි ඉලෙක්ට්‍රික් ත්‍රීරෝද කාරයක් පසුගිය සිකුරාදා (09) එළි දක්වනු ලැබීය. මෙය ඇමරිකානු ඩොලර් 15,500 කට මිල කර තිබේ.

මෙහි ඇති විශේෂත්වය වනුයේ කැනඩාව තුළ මෙය කාරයක් ලෙසත්, ඇමරිකාවේ ඇතැම් ප්‍රාන්ත විසින් මෙය ඔටෝසයිකලයක් ලෙසත් වර්ගීකරණය කර තිබීමයි. එමනිසා මෙය පැදවීමේ දී මෝටර් සයිකල් බලපත්‍රයක් හෝ හෙල්මට් පැළඳීමක් අවශ්‍ය නොවනු ඇත.

මෙහි බැටරිය සම්පූර්ණ ආරෝපණයකින් කිලෝමීටර 160 ක් දුර ධාවනය කළ හැකි බවත් 220v පේණුවක් මගින් මෙහි බැටරිය සම්පූර්ණයෙන් ආරෝපණය කිරීමට පැය 3 ක කාලයක් ගතවන බවත් නිෂ්පාදන සමාගම මෙහිදී කියා සිටී. Digital instrument display, Bluetooth connectivity, power windows හා keyless entry යනාදී විශේෂාංග ගණනාවක් මෙම ඉලෙක්ට්‍රික් ත්‍රීරෝද කාරය සතුවේ.

2017 මුල් කාර්තුව තුළ දී මෙම ඉලෙක්ට්‍රික් ත්‍රීරෝද කාරය ඇමරිකා හා කැනඩා වෙළෙඳපොළ වෙත නිකුත් කිරීමට සූදානම් බව Electra Meccanica Vehicles Corp සමාගම මෙහිදී වැඩිදුරටත් අනාවරණය කර සිටී.

1 2

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!