Gossip

දුෂ්‍යන්ත් පියුමිව ඔමරිලතා කරගත්තේ ඇයි

ඔබ කලින් කරපු ගීතත් එක්ක බලනකොට මේ ගීතය සාර්ථකයි කියලා හිතනවාද?

ඔව්. මම එහෙම හිතනවා. වීඩියෝ එක මේ වෙනකොට විශාල පිරිසක් යූ ටියුබ් එකෙන් නරඹලා තියෙනවා. දැනටමත් ලක්ෂ දෙක ඉක්මවලා ඒ පිරිස. කලින් මම කරපු ගීතවලට මේ තරම් ප්‍රතිචාර, views ලැබිලා නෑ.

වැඩිම views ගන්න එකද දුෂ්‍යන්ත්ගෙත් අරමුණ?

ඔව්. වැඩිම views ගන්න තමා කවුරුත් try කරන්නේ. එහෙම නෑ කීවොත් ඒක බොරුවක්. වැඩිම views ලැබෙනවා කියන්නේ හොද ජනප්‍රියත්වයක් ලැබිලා තියෙනවා කියන එක. ඉතින් මමත් try කරන්නේ වැඩිම views ගන්න තමයි.

ඔබ රසිකයන්ගේ විවේචන භාර ගන්න සූදානම්ද?

ඇත්තෙන්ම ඔව්. හොඳ වගේම ගොඩක් දුරට මේ වීඩියෝ එකට ආවේ නරක විවේචන. ඒත් මම ඒ හැම හොඳ, නරක විවේචනයක්ම භාර ගන්න සූදානම්.

දුෂ්‍යන්ත් ඔබ සංගීත නිර්මාණයක් කරන්නේ ඇත්තටම සංගීත ක්ෂේත්‍රයට යමක් දෙන බලාපොරොත්තුවෙන්ද නැත්නම් මුදල් හොයන අරමුණින්ද?

මේ කාරණා දෙකම මම බලාපොරොත්තු වෙනවා කීවොත් හරි. මොකද ඕනෑම සංගීතකරුවෙක්, කලාකරුවෙක් තමන්ගේ නිර්මාණය ඉදිරිපත් කිරීම තුළින් ඒ දේ බලාපොරොත්තු වෙනවා. සල්ලි නැතිව නිර්මාණයක් කරන්නේ නෑ කවුරුවත්. ලාභයක් ලැබීමේ අරමුණත්, සංගීත ක්ෂේත්‍රයට නිර්මාණයක් දායාද කිරීමේ අරමුණත් කියන කාරණා දෙකම තියෙනවා. විශේෂයෙන් කියන්න ඕන මේ මියුසික් වීඩියෝ එකෙන් ලැබෙන හැම මුදලක්ම බැර වෙන්නේ ස්ටෙෆනි සිරිවර්ධන පදනමට. මේ පදනම හරහා සිද්ධ වෙන්නේ කාන්තා හිංසනයට එරෙහි වීමත්, කාන්තා සවිබල ගැන්වීමත් කියන කාරණා. පියුමි වගේ හැමෝම විවේචනයට ලක් කරන චරිතයක් මේ video එකට ගන්න හිතුවෙත් කාන්තා හිංසනයට එරෙහිව යම්කිසි දායකත්වයක් පියුමි හරහා ලබා දෙන්න පුළුවන් කියන බලාපොරොත්තුව ඇතිව.

ඔබේ D_ Star Band එකේ වැඩකටයුතු කොහොමද සිද්ධ වෙන්නේ?

හොඳින් කෙරීගෙන යනවා. අපි කොන්සර්ට්වල දැන් ගොඩක් play කරනවා. ළඟදී අපි පටන් ගත්තා wedding වලත් play කරන්න. විශේෂයෙන් කියන්න ඕන මේ මාසේ 21දා නෙලුම් පෙකුණෙහි “දිරිජය ප්‍රතිභා” නමින් කොන්සර්ට් එකක් සංවිධානය කරලා තියෙනවා “Inable the disable” කියන පදනමෙන්. ඒ ප්‍රසංගයට මමත් සම්බන්ධ වෙනවා. කිසිම ගාස්තුවක් අපි අය නොකර ඒ දේ කරන්නේ මේ රටේ ඉන්න මානසික ආබාධ සහිත, අංගවිකල පිරිසගේ සුබසාධනය වෙනුවෙන්.

දුෂ්‍යන්ත් දැන් පෙම්වතෙක්. කවදාද ස්ටෙෆනි එක්ක එක වහලක් යටට වෙන්නේ?

ස්ටෙෆනි සිරිවර්ධන තමයි මගේ පෙම්වතිය. ලබන වසරේදී අපේ විවාහය සිද්ධ වෙයි

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!