තරු හුට පට

අහුවෙන්න එපා-Trump ලාංකිකයින්ට වීසා නැතුව අමෙරිකාවට යන්න අවසර දීලා

cvr

ඔන්න අමෙරිකාවේ අලුත් ජනාධිපතිතුමා ලංකාවේ අපිට තෑග්ගක් දීලාලු.අද ඉඳළා ලාංකිකයින්ට වීසා රහිතව අමෙරිකාවට ඇතුළු වෙන්න ඉඩ දීලා.

ඒ ඔහු තමන්ගේ විධායක බලය පාවිච්චි කරමින් තමයි මේ   වැඩේ කරලා තියෙන්නේ කියලා  එක්තරා වෙබ් අඩවියක් කියන්නේ.

කොහොම හරි ව්‍යාපාරික හා සංචාරක අරමුණු වෙනුවෙන්  උපරිම දින 180කට යටත්ව වීසා නැතුව අමෙරිකාවේ ඉන්න පුළුවන්ලු.

දින 180ට වැඩි නම් වීසා ගන්න අනිවාර්යයිලු.

හැබැයි මුස්ලිම් රටවල් සමඟ ද්විත්ව පුරවැසිභාවය තියෙන අයට අමෙරිකාවට ඇතුල්වීම තහනම් කියලා තමයි ඒ වෙබ් අඩවිය කියලා තියෙන්නේ.

මේ හේතුවෙන්   ඕස්ට්‍රේලියානුවන්ට මෙච්චර කල් වීසා රහිතව අමෙරිකාවට එන්න තිබුන අවස්ථාව අද ඉඳලා  අඩුවෙයි කියලත්  Usa Television නම් වෙබ් අඩවිය කියලා තියෙන්නේ.

හැබැයි ඔන්න වෙබ් ගොසිප්  කළ සොයා බැලීමකදී මේ සිද්ධිය සම්පූර්ණයෙන් අසත්‍යයක් කියලා තමයි දැනගන්න ලැබුණේ.

දැන් මේ පුවත ලෝකය පුරාම ව්‍යාප්ත වෙලා තියෙන්නේ.  මේ වගේ අසත්‍යය ප්‍රචාර ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතිනවා. අපට නම් කියන්න තියෙන්නේ මේ වගේ බොරු කතා වලට රැවටෙන්න එපා කියලයි.

කිසිම වගකීමක් නැති අමෙරිකාවේ මේ වෙබ් අඩවිය තමයි මෙය ලොව පුරා ව්‍යාප්ත කරලා තියෙන්නේ.

usa

එම පුවත් අසත්‍ය බවට කියැවෙන පුවත් වෙබ් අඩවි තුළ ප්‍රකාශ කර තිබු අයුරු

cvr

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!