Gossip

නයි – බලු පෙමට අවසානයේ අත්වූ ඉරණම

සිද්ධිය වූ දින කළුවර වැටෙන ගොම්මන් වෙලාවේ නිවෙසේ පිටුපස දෙසින් ගෙහිමියන් සුරතලට ඇති කරන බැල්ලියගේ කෙඳිරිලි හඬක් ඇසෙන්නට වූයෙන් නිවැසියන් ඒ පිළිබඳ සොයා බලා තිබේ.

එහිදී ඔවුනට දැකගත හැකිවූ දර්ශනයෙන් ඔවුන් අන්ද මන්ද වී ගොස් ඇත.

ඒ වනවිටත් නිවෙසේ සුරතලිය විශාල නාගයකු විසින් වෙළාගෙන සිටි අයුරුත් පුම්බා ගත් පෙණ ගොබය බැල්ලියගේ මුහුණ මත හොවාගෙන නිසොල්මන්ව සිටින නාගරාජයාත් ඔවුනට දැක ගන්නට ලැබී තිබේ.

වහ වහා අසල්වැසියන්ද කැඳවා ගත් නිවැසියන් නාගයා පලවා හැරීමට උත්සාහ කර ඇත.

මුහුණ මත පෙණය තබාගෙන නිසොල්මනේ සිටි දැවැන්ත නාගයා ක්‍රමයෙන් එම බැමි ලිහා නිවෙසේ පිටුපස වූ කැලෑබද පෙදෙසට ඇදී නොපෙනී ගොස් ඇත.

ඒ සමාගම සතර පයින් නැඟී සිටීමට උත්සාහ කළ බැල්ලිය බීමත් මිනිසකු වෙරිමරගාතේ ඇවිදින්නාක් මෙන් ඒ මේ අත වැනි වැනී ගොස් බිම ඇද වැටී ඇත.

තම දරුවකු පරිදි ආදරයෙන් රැකගත් බැල්ලියට සිදුවූ දෙයින් කම්පාවට පත්වූ නිවැසියන් අසල් වැසියන්ගේද සහාය ඇතිව අතුරුගිරිය ප්‍රදේශයේ පශු වෛද්‍ය මධ්‍යස්ථානයක් වෙත බැල්ලිය රැගෙන ගොස් ඇත. සිද්ධිය පිළිබඳ කරුණු විමසූ පශු වෛද්‍යවරයා තමා වෙත ඉදිරිපත් කළ රෝගියා හොඳින් පරීක්ෂා කර යම් තීරණයකට එළැඹියේය.

පශු වෛද්‍යවරයාගේ නීරීක්ෂණවලින් හෙළිවී ඇත්තේ නාගයාගේ විෂ දළ පහරක් කිසිම අයුරකින් බැල්ලිය වෙත එල්ල වී නොමැති බවත් නාගයා තුළ හටගත් යම් සෙනෙහසක් මත බැල්ලිය තදින් වෙළාගෙන නාග මුඛය බැල්ලියගේ මුහුණ මත තබාගෙන සිටීම හේතුවෙන් විෂ දළ මඟින් නිකුත් වූ සාන්ද්‍රණයක් ඇස්වල තැවරීමෙන් එක් ඇසකට යම් තාවකාලික බලපෑමක් සිදුවී ඇති බවත්ය.

බැල්ලියව තදින් වෙළාගෙන තිබීම නිසා ඇගේ රුධිර ගමනාගමනයේ දුර්වලතාවක් ඇතිවීම මත ශරීරයේ සමබරතාව හීන වීම හේතුකොට මත් වූවකු ලෙස හැසිරෙන්නට ඇතැයි අනුමාන කළ පශු වෛද්‍යවරයා බැල්ලියගේ සිරුරට සේලයින් ලබාදීමට කටයුතු කර ඇත.

ඉන් පසු නව පණක් ලැබූ බැල්ලිය නිවැසියන් සමඟ සුවසේ ගෙදර පැමිණ ඇත.
නාගයා නැවතත් බැල්ලිය සොයා පැමිණිය හැකි බැවින් ඇය හැකි පමණ පරිස්සම් කරගන්නා ලෙස පශු වෛද්‍යවරයා නිවැසියන්ට උපදෙස්දී තිබේ.

බත්තරමුල්ල – ඇන්ටන් කුරුකුලසූරිය
උපුටා ගැනීම මව්බිම පුවත්පතෙන්

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!