Gossip

වඳ කරලා විතරක් නෙවෙයි දස වධත් දීලා..වේගයෙන් විජ්ජාවට… අත නොතබන පැලෝපීය නාලය…! – කුරුණෑගල දොස්තර ගැන අලුත්ම හෙළිදරව්ව මෙන්න

අම්මාවරුන්ගේ අනුහස නොදකින අමනයෙකුගේ ක‍්‍රියා පටිපාටිය පිළිබඳව, මනුෂ්‍යත්වයේ නාමයෙන් සිතන බහුතර රටවැසියන් අතරේ සාෆි වෙනුවෙන් තවමත් කඬේ යන හොරිකඩයන් නැත්තේ නොවේ.
වර්ග සංහාරය ගැන ආණ්ඩුව නිහඬයි

සිංහල ජාතියට එරෙහිව සංවිධානාත්මකව දියත් කරන ලද මෙම වර්ග සංහාරය පිළිබඳව රජයට තවම වගේ වගක් නැත.
පාර්ලිමේන්තු තේරීම් කාරක සභා ප‍්‍රශ්නයක් ඇදගෙන කැබිනට් මණ්ඩලය රැස් නොකරන, පළාත් සීමා මායිම් පිළිබඳව සහ මැතිවරණ ක‍්‍රමය පිළිබඳව ප‍්‍රශ්නයක් මතු කරගෙන ඡුන්ද කල්දමන රටක, සාෆි ගැන සෙවීමට ආණ්ඩුවක් කරට ගනීවි යැයි සිතන්නට තරම් අපි බොළද නොවෙමු.
පාස්කු ඉරිදා දිනයේ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර එල්ල කළ, කෘර ඝාතකයන්, අපේ උගත් දරුවන් යැයි සඳහන් කරමින්, සිය සිංහල විරෝධය ත‍්‍රස්තවාදියා ශුද්ධ කරන තැන දක්වා දුරගෙන ගිය, කලාකරුවන් සිටින රටක, සාෆි කියන්නේ අපේ දොස්තර කෙනෙක්… සිංහල නාරි හා ප‍්‍රසව වෛද්‍යවරු කුසිත නිසා සාෆි මෙතරම් කැපකිරීමෙන් වැඩ කළ නිසා එතුමාට ගරහන එක හරිදැයි” ඒ ‘ජනතා’ කලාකරුවෝ අපෙන් ඇසුවොත් අපි පුදුම නොවෙමු.
එක් කාලයකදී දෙමළ ත‍්‍රස්තාවාදයේ කඳුළු, මිනිසත්කමට හරවා එන්. ජී. ඕ. ව්‍යාපාර කරගෙන ගිය මේ පිරිසට, කුරුණෑගල මව්වරුන්ගේ කඳුළු සඳහා කිසිදු අදහසක් තවම පහළ වී නැතත්, සාෆිගේ නිරවද්‍යතාව පිළිබඳව ඇති තරමට ගොන් කතා කීමට හැකියාව ලැබී තිබේ.
වෛද්‍ය ෂාෆිට එරෙහිව පැමිණිලි කළ දහසකට ආසන්න මවුවරුන් අතරින් 200 කට ආසන්න මවුවරුන් පිරිසක් ස්ථිර වඳභාවයට පත්ව ඇති බවට සැක පහළ වී තිබේ.
ඒ මවුවරු සියලූ දෙනා වෛද්‍ය ෂාෆි විසින් සිසේරියන් සැත්කම්වලට භාජනය කළ අය වෙති.
එම මවුවරු 200 දෙනා ෂාෆිගේ සිසේරියන් සැත්කම්වලින් පසු විවිධ සංකූලතාවන්ට සහ අතුරු ආබාධවලට ලක්ව සිටිති.
වෛද්‍ය ෂාෆිට එරෙහිව පැමිණිලි කළ මවුවරුන් අතරින් 400 කට වැඩි පිරිසක් තවමත් සිටින්නේ තමන් වඳභාවයට පත්වූවේද යන්න සැකහැර ගැනීමේ පරීක්‍ෂණයකට සහභාගි වීම සඳහාය. ඔවුන් ෂාෆි විසින් සිදු කළ සිසේරියන් සැත්කම්වලින් පසු පළමු දරුවා බිහිකර වසර 2-3 ක් අතර කාලයක් ගතකළ අයය.
කුරුණෑගල ශික්‍ෂණ රෝහල සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම මවුවරුන් 400 කට වැඩි පිරිස ද ස්ථිර වශයෙන් දරුවන් අහිමි මවුවරුන් 200 දෙනා මේ වන විට විවිධ සංකූලතාවන්ට සහ රෝගාබාධයන්ට ලක්ව සිටිනා බවය. ඒ ආබාධවලින් ඔවුහු දැඩි පීඩාවන්ට ලක්ව සිටිති.
කුරුණෑගල, දඹුල්ල මෙන්ම ගලේවෙල රෝහල්වලට සිසේරියන් සැත්කම් සඳහා පැමිණි මවුවරුන්ගෙන් බහුතරයක් අන්ත දිලිඳු අහිංසක හරිහමන් අධ්‍යාපනයක් නොලැබූ අය වෙති. ඔවුන්ගෙන් බහුතරයකට රෝහලෙන් ලබා දෙන වෛද්‍ය වාර්තා කියවා තේරුම් ගැනීමට හැකියාවක් නැත.
රෝහල් බලධාරීන් පවසන්නේ ෂාෆිට එරෙහිව පැමිණිලි කළ මවුවරුන්ට වඩා පැමිණිලි නොකළ මවුවරුන් ගණන ඉතා ඉහළ අගයක් ගන්නා බවයි.
මේ හේතුව නිසාම රෝහල් බලධාරීන් ෂාෆි සිදුකළ සියලූ සිසේරියන් සැත්කම් පිළිබඳ විමර්ශනයක් පැවැත්වීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙයි.
එවිට ෂාෆිගේ කෙරුවාව හෙළිකර ගත හැකිවනු ඇත.

සාෆිගේ දේශපාලන හයිය
සාෆිගේ වර්ගවාදය පිළිබඳව පළමු සැක සංකා මතු කරන ලද්දේ ඔහු සමග එකට සේවය කරන වෛද්‍යවරුන් සහ හෙද සේවක පිරිස් මිස දිවයින විසින් නොවේ.
හේමන්ත රන්දුනු විසින් සිදු කරන ලද්දේ, ඒ පිළිබඳව මාධ්‍ය ආචාර ධර්ම මත පිහිටා ගවේෂණය කිරීමය. දිවයින හෙළිදරව්වට වසර කිහිපයකට පෙර, සාෆි විසින් සිංහල මව්වරු බලහත්කාරයෙන් වන්ධ්‍යාකරනයට ලක්කරන බව රෝහල් පරිපාලනය වෙත දන්වන ලද්දේ ඔහු සමග ප‍්‍රසූතාගාරයේ එකට සේවය කරන වෛද්‍යවරියකි.
දේශපාලන ගැම්මෙන් ඔද්දල් වී සිටි සාෆි, එම වෛද්‍යවරිය වෙත කිහිප වතාවක්ම චෝදනා එල්ල කළේය. සාෆි විසින් කරන ලද තර්ජන හමුවේ එම වෛද්‍යවරිය වෙනත් රෝහලක් සඳහා මාරුවීමක් ලබා ගත්තාය.
සාෆිගේ මෙම ක‍්‍රියාව පිළිබඳව දිවයින අනාවරණයට සති කිහිපයකට පෙර, ඔහු සමග එකට ප‍්‍රසූතාගාරයේ සේවය කරන හෙද නිලධාරිනියක් රෝහල් පරිපාලනයෙන් ලිඛිතව ඉල්ලා සිටින්නේ සාෆි වෛද්‍යවරයා විසින් ඉතාම සැක කටයුතු ආකාරයෙන් සිංහල මව්වරු උදෙසා කටයුතු කරන ආකාරය පිළිබඳව සොයා බලන ලෙසය.

වේගයෙන් විජ්ජාවට
එසේ සාෆි පිළිබඳව ප‍්‍රසූතාගාරයේ සිටම චෝදනා එල්ල වෙද්දී, සමහරු අපෙන් තවමත් අසන්නේ, අන් කිසිවෙකුට නොදැනෙන්නට සාෆිට මෙවැනි හරඹයක් කළ හැක්කේ කෙසේද යන්නය.
සාෆි සිය විජ්ජාව සිදු කිරීම සඳහා භාවිතා කරන න්‍යායය වනුයේ අසාමාන්‍ය වේගය සහ අසාමාන්‍ය කලබලයය.
සිංහල මව්වරු සඳහා ඔහු ශල්‍යකර්මයක් කිරීමට විනාඩි පහළොවක් වැනි කෙටි කාලයක් සහ මුස්ලිම් මව්වරුන්ට විනාඩි තිහකට ආසන්න කාලයක් එම ශල්‍යකර්මය සඳහා භාවිතා කරනු ලබයි. මේ වේගයේ තේරුම අංශ දෙකකින් ගත හැකිය. ‘‘සිංහල එකාට මොන පරිසමක්ද…? සිංහල දරුවෝ වදන බඩට කෙලවෙලා පලයන්..,’’ යන අදහසින් යුක්තව හැසිරෙන සාෆි, මුස්ලිම් උදරය අතිශය පරිස්සම් සහගත ආකාරයට ශල්‍යකර්මයට ලක් කරයි.

අත නොතබන පැලෝපීය නාලය
ඔහුගේ මෙම අසාමාන්‍ය වේගය හේතුවෙන් සෙසු කාර්ය මණ්ඩලය ද ඒ මොහොතේ සිටිනුයේ අවසිහියෙන් මෙනි.
ඒ අතරවාරයේ සිංහල මවකගේ බඩ අස්සට අත දමා, පැලෝපීය නාලය විනාඩි කිහිපයක් මිරිකාගෙන සිටීම සාෆිට ඉතා පහසුය.
වෛද්‍යවරුන් වෙත ශල්‍යකර්ම සඳහා පුහුණුව ලබා දෙන විට පවසන්නේ, පැලෝපීය නාලය අතිශය සංවේදී නිසා, එයට කිසිවිට අත නොතැබිය යුතු බවය.
එවැනි සංවේදීතාවක් සහිත කලාපයක්, කලබලකාරී තත්ත්වයක් මවමින් මිරිකාගෙන සිටීම සඳහා සාෆි වෙත සංවිධානාත්මක අන්තවාදය විසින් පුහුණුවක් හෝ උපදෙසක් ලබාදී ඇද්දැයි රජය විසින් මෙම පරීක්ෂණයේදී සොයා බැලිය යුතුය.

සාෆි, රාජ්‍ය මුදල් අවභාවිතයේ
සිසේරියන් සැත්කමක් සඳහා මවක් යොමු කිරීමට සාධක ගණනාවක් බලපානු ලබයි. එම සාධක නොමැතිව සිසේරියන් සැත්කම් සිදු කිරීම සෑම අතින්ම අපරාධයකි.
සාමාන්‍ය ආකාරයට දරුවෙකු ලැබෙනවාට වඩා සිසේරියන් සැත්කමක් සිදු කිරීම, එම මවගේ ජීවිත අවදානම අතින් ඉහළය.
අනිත් පැත්තෙන් බැලූ විට වියදම අතින්ද එසේය. සාමාන්‍ය ශල්‍යකර්මයක් සඳහා රුපියල් විසිපන්දාහක පමණ වියදමක් රෝහලක් තුළදී රජය දරනා අතර සිසේරියන් සැත්කමක් සඳහා එය රුපියල් ලක්ෂයකට අධික මුදලක් බවට පත්වේ. සාෆිගේ ප‍්‍රියතම විෂයය වනුයේ සිසේරියන්ය.
සාමාන්‍ය ආකාරයෙන් දරු ප‍්‍රසූතියක් සඳහා සූදානම් මවක් සිසේරියන් සැත්කමක් සඳහා යොමු කිරීමට අවශ්‍ය කිසිදු සාධකයක් නොමැති තත්ත්වයක් තුළදී, සාෆි විසින් සිසේරියන් සැත්කම් සිදු කරන ලද බවට සාක්ෂි රාශියක් මේ වන විට හමුවී තිබේ. සාෆි වෛද්‍යවරයාගේ මෙම ක‍්‍රියා කලාපය මුළුමනින්ම වෛද්‍ය ආචාර ධර්ම උල්ලංඝනය කිරීමකි.
හිපොක්‍රොටිස් දිවුරුම ලබා දී පැමිණි අයෙකු මෙසේ රෝගියෙකු අනවශ්‍ය ආකාරයේ ක‍්‍රියා පිළිවෙතක් සඳහා බලහත්කාරයෙන් යොමු කිරීම, ඔහු හෝ ඇය වෙද නලාව පැත්තක දමා වෛද්‍ය වෘත්තියෙන් ඉවත් කළ යුතු තත්ත්වයකි. එසේම රාජ්‍ය මුදල් අවභාවිතවේ යෙදවීම සම්බන්ධයෙන් ද සාෆිට එරෙහිව මෙතැනදී පියවරක් ගත යුතුය. සාමාන්‍ය ආකාරයෙන් සිදු කරන ශල්‍යකර්මයකට වියදම් වන මුදල මෙන් හතර ගුණයක් පමණ අනවශ්‍ය ආකාරයෙන් සහ ආචාර ධර්ම පද්ධතියන්ට එරෙහිව යෙදවීම සම්බන්ධයෙන් සාෆි වෛද්‍යවරයාට එරෙහිව තවත් පරීක්ෂණ සිදු කළ යුතුය.

සිංහල හා මුස්ලිම් මැහුම්
සිසේරියන් සැත්කමක් නිමවා එම මව් කුස වැසීමේදී ස්ථර දෙකකදී මැහුම් දැමිය යුතු වුවත් සිංහල ජාතිය වඳ කිරීම සඳහා වන චේතනාවෙන් කටයුතු කරන සාෆි නියමිත පරිදි ස්ථර දෙක සඳහා මැහුම් යොදන්නේ, මුස්ලිම් අම්මලා වෙත පමණි.
සිංහල මව්වරු වෙත ඔහු විසින් එක ස්ථරයක් සඳහා පමණක් මැහුම් යොදන්නේ, වර්ගවාදයෙන් ඔද්දල් වූ හිසින් යුක්තවය. එවැනි ආකාරයෙන් එක් ස්ථරයක් පමණක් මසා දැමූ මව්වරුන් හට පසු කාලීනව නොව ඒ මොහොතේ පටන් විවිධ ආබාධ හට ගැනීම සිදුවේ. මෙවැනි සිද්ධියක් අරාබිකරයේදී සිංහල වෛද්‍යවරයෙකු අතින් සිදු වූවා නම් ඔහුට අත්වන ඉරණම කවුරුත් දනිති. වන්ද්‍යකරණය පැත්තකට දමා මෙසේ වර්ගවාදී ලෙස මව් කුහර මසන්නේ නම්, ඒ සඳහා සාෆිට දිය යුතු දඬුවම සුළු පටු නැත.
පසුගිය සතියේ එක් මවක් කුරුණෑගල රෝහල වෙත පැමිණියේ, සාෆි හපන්කමක් පිළිබඳව තවත් තොරතුරක් රැගෙනය.
සාෆි විසින් කරන ලද සිසේරියන් සැත්කමෙන් පසු ඇයට තව වතාවක් දරු පල අහිමි වී තිබුණි. ඊට අමතරව තවත් අසාධාරණයක් සඳහා ඇය ලක්ව තිබුණි.

මහ රෑ තනියම වැඩ
පළමු දරු ප‍්‍රසූතිය සඳහා මෙම මව කුරුණෑගල රෝහල වෙත ඇතුල් වන්නීය.
වෛද්‍යවරුන් විසින් ඇය යොමු කර තිබුණේ, සාමාන්‍ය දරු ප‍්‍රසූතියක් සඳහාය. එදින මධ්‍යම රාත‍්‍රියේ ඇයව බලෙන් ප‍්‍රසූතාගාරය වෙත රැගෙන ගිය සාෆි, සිසේරියන් සැත්කමක් සඳහා ඇය භාජන කරනු ලැබුවේ තනිවමය. සාෆි වෛද්‍යවරයා තමාව බලෙන් තල්ලූ කරගෙන ගොස් තනිවම අනවශ්‍ය ආකාරයෙන් සිසේරියන් සැත්කමක් සඳහා යොමු කරන ලද බවට ඇය පවසන චෝදනාව, රෝහලේ සාෆි පිළිබඳව විමර්ශනය කරන නිලාධාරීන් පවා එක්වර පිළිගත්තේ නැත.
මෙවැනි චෝදනාවක් අසත්‍ය ආකාරයෙන් ඉදිරිපත් කළහොත් ඒ සඳහා දඬුවම් ලැබෙනු ඇතැයි රෝහලෙන් පවසද්දීත්, එම මව තමන්ට වූ අසාධාරණය සත්‍යම බව පවසා සිටියාය. ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කිරීම සඳහා රෝහලේ ඇති අදාළ මවගේ, වෛද්‍ය වාර්තා පරීක්ෂා කිරීමේදී පෙනී ගියේ ඒ සඳහා අන් කිසිදු වෛද්‍යවරයෙකු හෝ රෝහල් කාර්ය මණ්ඩලයේ අයෙකු අත්සන් තබා නොමැති බවය.
ඒ වැනි අවස්ථාවකදී වෛද්‍යවරු සහ රෝහල් කාර්යය මණ්ඩලයේ පිරිස් ඒ ඒ කාර්යය සඳහා අත්සන් තැබිය යුතු වුවත්, එම සියලූ තැන් හිස්ව තබා සාෆි පමණක් එක් ස්ථානයක අත්සන් තබා තිබුණි. මෙවැනි සිද්ධි ගණනාවක් සාෆි පිළිබඳව අනාවරණය වී ඇත්තේ, ඔහුට ඇති වන්ධ්‍යාකරණ චෝදනාවට අමතරවය.

දොස්තර සාෆි පූජකයෙක් වීම
මුස්ලිම් මවක් දරු ප‍්‍රසූතියකින් දරුවෙකු බිහි කරනා අවස්ථාවේදී සාෆි එහි සිටී නම්, එම වාට්ටුව වෛද්‍ය ස්ථානයක් නොව ආගමික ස්ථානයක් සේ දිස්වෙන බවට රෝහලේදී ඔහු සමග එකට කටයුතු කරන පිරිස් චෝදනා කරනු ලබයි. මුස්ලිම් දරුවා බිහිවන විට, ආගමික පාඨ හඬගා කියමින් සාෆි හැසිරෙන්නේ, වෛද්‍යවරයෙකු ලෙස නොව ඉස්ලාම් පූජකයෙකු සේය.
බෞද්ධ දරුවෙකු බිහිවන විට, බෞද්ධ වෛද්‍යවරයෙක් තබා දරුවා බිහිකරන අම්මා හෝ වෙනත් නෑදෑයෙකු ප‍්‍රසූතාගාරය තුළ පිරිත් කියාගෙන රඟ දෙන්නේ නැත. මේ සිංහල බෞද්ධ රටේ, බෞද්ධයන් ද එසේ නොකරන විට සාෆිගේ මෙම උමතුව කියා පාන්නේ ඔහුගේ වර්ගවාදී හැසිරීමය.
කුරුණෑගල මහ රෝහලේ ප‍්‍රසූතාගාර තුනක් තිබේ.
සාෆි සාමාන්‍යයෙන් සේවයේ යෙදෙන්නේ ‘සී’ නම් ප‍්‍රසූතාගාරයේය. අනිත් ප‍්‍රසූතාගාර දෙකේ, මුස්ලිම් මවක් දරුවෙකු බිහි කරන්නේ නම්, සිය යාතිකාව පවත්වා, අදාළ කටයුතු කිරීමට සාෆි එම වාට්ටු සඳහා බලෙන් පැමිණීම සිරිතය. එපමණක් නොව, කුරුණෑගල රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන, ඕනෑම මුස්ලිම් රෝගියෙකු සාෆිගේ නෑයෙකි.
නැතහොත් හිතවතෙකි. සාෆි එම රෝගීන්ගේ වෛද්‍ය වාර්තා පරීක්ෂා කරමින් තමන්ගේ පුද්ගලික අවධානය ඒ පිරිස් වෙත යොමු කිරීම සිරිතය. මෙවැනි අවස්ථාවකදී එක් මහලූ මුස්ලිම් මවකගෙන් රෝහල් සේවකයෙකු විමසා ඇත්තේ ‘‘ඩොක්ටර් සාෆි, ඔයාගේ නෑදෑයෙක්ද…’’ යනුවෙනි. සාෆියෙක් පිළිබඳව තමා කිසිවක් නොදන්නා බව පැවසූ මුස්ලිම් අම්මා පවසා ඇත්තේ, තමන් පිළිබඳව සොයා බලන ලෙස අදාළ පල්ලියෙන් සාෆි වෙත දැනුම් දෙන්නට ඇති බවය. අන්තවාදයේ ඒ තරම්ම සැලසුම් සහගතය.
තුන්වෙනි දරු උපතට සූදානම් වන මව්වරු වෙත වන්ධ්‍යාකරණ සැත්කම් පිළිබඳව දැනුම්දීම වෛද්‍යවරයෙකුගේ සාමාන්‍ය සිරිතය.
එම මව්වරුන්ගේ අනුමැතිය ඇතිව නෛතික ආකාරයෙන් වන්ධ්‍යකරණය සඳහා මවක් ලක් කරන්නේ අනතුරුවය. සාෆි විසින් ඒ වැනි අවස්ථාවලදී, හැකි තාක් මුස්ලිම් මව්වරු එම වන්ධ්‍යා සැත්කමෙන් ඉවත් කිරීම සිදු කරනු ලබයි.
සාෆි පිළිබඳව අලූත්ම කතාවක් රැගෙන තවත් කාන්තාවක් පසුගිය සතියේ කුරුණෑගල රෝහලට පැමිණියාය. උදරයේ අමාරුවක් සෑදී රෝහල්ගත කර තිබූ ඇයගේ ගර්භාෂය සාෆි විසින් ඉවත් කර දමා තිබුණේ ඇයට කිසිදු දැනුම්දීමක් නොකරය. කකුලේ අමාරුවට ඇසක් ඉවත් කළා සේ සාෆි විසින් නොසන්ඩාල ආකාරයෙන් සිංහල දරුවෙකු ඉපදීම වැළැක්වීම සඳහා කරන ලද මෙම සැත්කම් හේතුවෙන් ඇය අද වන විට බරපතළ රෝගී තත්ත්වයන් ගණනාවකට මුහුණ දී තිබේ. මෙවැනි විශාල ශල්‍ය කර්මයකදී අදාළ විෂය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු යටතේ එම ශල්‍යකර්මය සිදු විය යුතු වුවත් අනවශ්‍ය ආකාරයෙන් බලයක් ආරෝපණය කරගෙන සිටින සාෆි, සඳහා ඒ කිසිවක් වැදගත් නොවීය.
සාෆිට අයත්ව තිබූ රස කැවිලි ව්‍යාපාරයක් පිළිබඳව ද මේ වන විට හාහෝවක් මතුව තිබේ.
කුරුණෑගල ප‍්‍රදේශයේ පාසල් ආපන ශාලා සඳහා බූන්දි වැනි පැණි රස ආහාර සපයන ලද්දේ සාෆි බවට කට කතා පැතිර යමින් තිබේ.
ඒ අතර සාෆිගේ දියණියන් දෙදෙනා විසින් තමන් ඉගෙන ගත් පාසලේ දැරියන් වෙත, සනීපාරක්ෂක තුවා නොමිලේ බෙදාදීමක් සිදුකිරීම පිළිබඳව ද එම පාසලේ දෙමව්පියන් අතර සැකයකට තුඩු දී තිබේ.
මෙවැනි චෝදනා මධ්‍යයේ සාෆි සේවය කරන ලද ‘සී’ ප‍්‍රසූතාගාරයේ නොව වෙනත් ප‍්‍රසූතාගාරයක තවම මුස්ලිම් වෛද්‍යවරුන් දෙදෙනකු සේවයේ යෙදී සිටීම හේතුවෙන් කුරුණෑගල ප‍්‍රදේශයේ රෝගීහු නොසන්සුන් බවට පත්ව සිටිති.
එම වෛද්‍යවරු සාෆි වැන්නන් නොවන්නට ඇතත් ඇතිවී තිබෙන තත්ත්වය මත රෝගීන්ගේ පාර්ශ්වයෙන් මෙන්ම අදාළ වෛද්‍යවරු දෙදෙනා පිළිබඳව ද සිතා තාවකාලිකව හෝ ඔවුන් එම සේවයෙන් වියුක්ත කොට තැබීම යුක්ති යුක්තය.
සාෆිගේ වර්ගවාදී නාඩගම තවම අවසන්ව නැත. ඔහුට එරෙහිව තවම දියත් වන්නේ පොලිස් පරීක්ෂණ පමණය.
මෙවැනි චෝදනාවක් මීට පෙර සමස්ත ලෝකයෙන්ම වාර්තා වී තිබුණේ නැත. නාසිවාදීන් වත් යුදෙව්වන්ට මේ ආකාරයේ අපරාධයක් සිදු කර නොතිබුණි.
වෛද්‍ය විද්‍යාත්මක සහ අතිශය සංකීර්ණ මෙන්ම සංවේදී මෙම ප‍්‍රශ්නය පොලිස් පරීක්ෂණයකට ලඝු කර තැබිය නොහැකිය. ඒ සඳහා ජනාධිපති කොමිසමක් අවශ්‍ය බව සියලූ පාර්ශ්වයන් අවධානය කර තිබේ. සාෆි වෙතද එවැනි අවස්ථාවකින් තමා පිළිබඳව කරුණු සඳහන් කළ හැකි වනු ඇත. සුනාමි ආපදාව, ත‍්‍රස්තවාදය මෙන් භායනක ‘සාෆි සාපය’ පිළිබඳව විධිමත් කොමිසමක් පත් කරන ලෙස ජනාධිපතිතුමාට අපි බල කරන්නේ, මෙවැනි ජාතික මාතෘකා තවදුරටත් අඳුරේ අත්පත ගානා තත්ත්වයක නොතැබිය යුතු නිසාය.

උපුටා ගැනීම – දිවයින පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!