Gossip

නැගණියගේ මංගල්‍යයට යෑම අමතක කර මහමගදී ශල්‍ය වෛද්‍යවරයෙකු කළ අපූරු සැත්කම

පසුගිය 04 වනදා වෛද්‍යවරයෙකුගේ මෝටර් රථයට ගැටුනු සතෙකුට එම වෛද්‍යවරයා මහමගදීම ප්‍රතිකාර කරන අයුරු දැක්වෙන වීඩියෝවක් සහ ඡායාරූප කිහිපයක් ෆේස්බුක් සමාජජාලයට එක්කර තිබෙනවා.

මෙම වීඩියෝව සහ ඡායාරූප පළ කර තිබෙන්නේ එම වෛද්‍යවරයාගේ සහෝදරයා වන අසංග රනිල්. ඔහු ඒ ගැන මුහුණු පොතේ සටහන් කර තිබුණේ මෙලෙසින්.

මෙම සිදුවීම වූයේ 2017/03/04 දිනයි. මාගේ සොහොයුරා වන මහරගම පිළිකා රෝහලේ ශල්‍ය වෛද්‍ය රන්දිල් ප්‍රමෝද් ද අල්විස් ඔහුගේ බිරිදගේ නැගණියගේ විවාහයේ දෙවැනි ගමන උත්සවය සදහා පිටත් වීමට එදින උදැසන 8.30 ට පමණ වැලිසර සිට කුරුණෑගල බලා තම මෝටර් රථයෙන් පිටත් විය.

ඔහු විසින් උදැසන 9ට පමණ ඔහු විසින් මා වෙත දුරකථන ඇමතුමක් ලබා දෙමින් කියා සිටියේ ” ඒකල දී කාර් එකට හරකෙක් හැප්පුනා පුලුවන්නම් එන ලෙසය”.

මා එම ස්ථානයට යන විට උදැසන 9.30 පමණ විය. කුරුණෑගල 05 බස් මාර්ගයේ ඒකල ිමඩම හන්දියේ සිය මීටර් 300 පමණ මිනුවන්ගොඩ දෙසට යන විට මා හට දැක ගත හැකි වුයේ දැඩි මාර්ග තදබදයක් හා සෙනග වටවී සිටින අයුරුයි.

එම ස්ථානයට ගිය විටදී මා හට දැකගත හැකි වුයේ මාගේ සොහොයුරා විසින් මෙම සත්වයාට ශල්‍යකර්මයක් සිදු කරන අයුරුයි. ඒ වන විටත් එහි බොහෝ කොටසක් ඔහු විසින් අවසන් කර තිබිණි.

මෙම අනතුර ඇසින්දුටුවන් පැවසුවේ මෙම වැස්සිය පිටුපස බල්ලෙකු එලවා ඇති අතර බියවූ වැස්සිය ප්‍රධාන මාර්ගයට වේගයෙන් දිව ආ බවත් ඒ සමගම මාගේ සොහොයුරාගේ කාර් රථයේ ගැටුණු බවත්ය.
මා යන විටත් වස්සියගේ අයිතිකාරියද පැමිණ සිටි අතර ඇය වයස්ගත දිලිදු කාන්තාවක් බව පෙනුනි.
ඇසින් දුටුවන් පැවසුවේ අනතුර සිදුවූ වහාම මාගේ සොහොයුරා කාර් රථය නවතා පැමිණ එතන සිටි ඇය සමග සතාව මහා මාර්ගයෙන් ඉවත් කරගත් බවයි.

සතාගේ ඉදිරි පාද දෙකම කාර් රථයේ බොනට්ටුවේ වැදීම නිසා එක් පාදයක අස්ථියක් බිදී එලියට පැමිණ තිබිණි.
මා යන විටත් මාගේ සොහොයුරා එම බිදී ගිය අස්ථිය සකසා මැහුම් දමමින් සිටි අතර එම අනතුර අහම්බෙන් දැක එම ස්ථානයට පැමිණි කොළඹ ජාතික රෝහලේ තාක්ෂණික ශිල්පී මහත්මෙයෙකුද අවශ්‍ය බෙහෙත් හා ශල්‍ය උපකරණ ජා ඇල ට ගොස් ගෙන එමින් ඒ සදහා සහයෝගය දැක්වූ අතර ඒ අසල සිටි ඉලෙක්ට්‍රික් වැඩපලක මහත්මයෙක්ද සහයෝගය ලබා දුනි.

අවසානයේ සාර්ථක ශල්‍ය කර්මයකින් පසු සතා අයිතිකාරිය පින් දෙමින් රැගෙන යන ලදී.

මල්ලි විසින් වාහනයේ රක්ෂණයට දැනුම් දුන්නේ ඉන් පසුවය, ඔහු රථයට සිදුවී ඇති හානිය දැක්කේ එවිටය.
රථය පණගන්වන්නට පවා නොහැකි ලෙස එන්ජිම කොටසද හානි වී තිබිණි.ඉන් පසුව එය ලොරියකට පටවා ගරාජයක් වෙත ගෙනයන ලදී.

මෙහි ඇති වටිනාකම නම් “තමාගේ කිසිදු වරදකින් මෙම අනතුර සිදු නොවුවත් හරි වැරැද්ද තබා තමාගේ වාහනය හෝ තමා පිටත්වන්නට ගිය ගමන ගැන හෝ නොසිතා පළමුව සතාගේ ජීවිතය බේරාගන්නට කරන ලද කැපකිරීමයි.

තම ශල්‍ය වෛද්‍ය දැනුම මිනිසුන්ට මෙන්ම තිරිසන් සතාටත් එකසේම ලබා දුන් සොයුර ඔබ ගැන මා හට කියන්න වචන නැත. අවසන් වශයේ කියන්නට ඇත්තේ රුපියල් ලක්ෂ 120 ක් තිබු පමණින් ජීවකයකු විය නොහැකි බවත් ඉන් ඔබ්බට ගිය මුළු මිනිස් හා සත්ව සංහතියටම දායාද කල හැකි මෙත්තා ගුණය හදවත් තුල තිබිය යුතු බවත්ය.

මේ උතුම් කර්තව්‍ය කරපු වෛද්‍යවරයා වන්නේ මහරගම පිළිකා රෝහලේ ශල්‍ය වෛද්‍ය රන්දිල් ප්‍රමෝද් අල්විස් මහතායි. මිනිසත්කම තාමත් ජීවමාන බව පෙන්වපු ඔහුගේ මෙම ක්‍රියාව හැමෝටම ලොකු ආදර්ශයක්.

17191185_10210292690926732_1468353566146626930_n 17155377_10210292689126687_2547247977547869297_n 17191054_10210292688886681_2331774210233104733_n 17190827_10210292686166613_7459530368963116663_n 15589789_10210292680766478_4023036404731053983_n 17155436_10210292681046485_4225693285740995688_n 17156052_10210292680726477_4246446703464201673_n

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!