Gossip

මැච් පරදිනකොට හිතට දුකයි, එයා වගේ කෙනෙක් තමයි මම බලාපොරොත්තු වුණේ – දිමුත් කරුණාරත්න

ක්‍රිකට් ලෝලීන්ගේ හිත්වලට ලොකු දුකක් වගේම කලකිරීමක් එකතු කරමින් ශ්‍රී ලංකා පිළ පසුගිය විස්සයි විස්ස තරගාවලියත් පරාජයට පත්වුණා.
මේ පරාජය මැද කණ්ඩායමේ වඩාත් සාර්ථක පිතිකරුවා වුණේ දිමුත් කරුණාරත්නයි.
ඉතිං මේ පරාජයේ වේදනාවත් අලුත්ම තොරතුරු ගැනත් දිමුත් සතිඅන්ත පුවත්පතකට මේ විදිහට කියලා තිබුණා.

දිමුත් කොහොමද ජීවිතේ..?
හොඳින් යනවා.. ජීවිතේ ඉතිං ක්‍රිකට්ම තමයි..

බිරිඳ මොනවද කියන්නේ මේ කාර්යබහුලවීම ගැන..?
ලොකු පැමිණිලි නැහැ.. එයත් ඊට ලොකු සහයෝගයක් දෙනවා.
ක්‍රිකට් වෙනුවෙන් කරන කැපකිරීම දැන් එයාට හුරු වෙලා. ඒ නිසා ලොකු සහයෝගයක් එයාගෙන් ලැබෙනවා.

ඇයත් තරග නරඹනවද..?
හැමදේටම එනවා. පුහුණුවීම්වලට හැර එයා මගේ සෑම දෙයක් ගැනම හොයා බලනවා.
ඒක මට ලොකු සහයෝගයක්..

ක්‍රිකට් ලෝලීන්ගෙන් ඔයට ලැබෙන ප්‍රතිචාරවලට ඇගෙන් ලැබෙන සහයෝගය කොහොමද..?
එයා රසිකත්වය ඉතා හොඳින් හදුනනවා. ඇයටත් කලා ක්ෂේත්‍රයේදී රසික ප්‍රතිචාර ලැබුණා.
ඉතිිං රසිකත්වය එයාට අලුත් දෙයක් නෙවෙයි. ඒ නිසා අපි අතර ඒ ගැන ප්‍රශ්න නැහැ..

විවාහ ජීවිතේ අද ඔබට දැනෙන්නේ කොහොමද..?
අපි විවාහ වෙලා අවුරුදු දෙකහමාරක් විතර වෙනවා.
බිරිඳ සහ අම්මා තාත්තා පවුලේ අය එකම ගෙදරක තමයි ඉන්නේ. හැමෝම හරිම එකමුතුයි.

ටෙස්ට් පිතිකරුවෙකු ලෙස පසුගිය කාලේ ඔබ වඩාත් සාර්ථක වුණා. මොකක්ද රහස..?
විටෙක අසාර්ථක වුණාට පස්සේ ඒකට හේතු මොනවද කියලා හොයලා බැලුවා.
යළිත් පිතිකරණයේදී වැරදි නොකරන්න වගේම හෂාන් අයියා සෑහෙන්න උදව් කළා.
පළමු ඉනිමේ ලකුණු ලබාගන්න බැරිවුණාට දෙවැනි ඉනිමේ හරි කණ්ඩායමට ලකුණු ලබාදෙන්න උත්සහ කළා. වැරදි අවම කරගත්ත නිසා ශතක ලබාගන්නත් පුළුවන් වුණා.

සමහරු කියන්නේ ඔබ එක්දින කණ්ඩායමේ හිටියානම් හොදයි කියලා.
2015 පස්සේ මම එක්දින තරග ක්‍රීඩා කරලා නැහැ. දැන් මගේ මානසිකත්වය සම්පූර්ණයෙන්ම හැදිලා තියෙන්නේ ටෙස්ට් තරගවලටයි.

දිගටම අපේ කණ්ඩායම එක්දින තරග පරදිනවා. ඔබ තරග බලනවද.?
තරඟ පරාජය වනවිටනම් දුකයි. ක්‍රීඩකයෙක් ප්‍රේක්ෂකයෙක් විදිහටත් මට අඩුපාඩුකම් පේනවා. ඊළඟ තරග ජයගැනීමටනම් ඒ අඩුපාඩු අදුරගැනීම වැදගත්.

ආරංචියි ඔබට රඟපාන්නන් අවස්ථාව ලැබුණා කියලා..?
රඟපෑමටනම් කතා කරලා නැහැ. මම ඒවා ගැන හිතන්නෙත් නෑ. ක්‍රිකට් තමයි මගේ ජීවිතේ.

කවදාහරි බිරිඳ එක්කම චරිතයක් රඟපාන්න ලැබුණොත්..?
ඇයටනම් රඟපෑම අලුත් දෙයක් නෙවෙයි. එහෙම වුණෙත් ඇය එක්ක ඒ චරිතය කරාවි.

දැන් ඇයට රඟපෑම තහනම් කරලද..?
නැහැ එයා ඉතා කැපවීමෙන් මගේ වැඩටික කරනවා.
මැච්වලට යන අවස්ථාවලදිත් පුහුණුවීම්වලට යන අවස්ථාවලදිත් ඇය බොහෝ දේ කරනවා.
බිරිඳක් විදිහට එයා මගේ වගකීම් ඉතාමත් හොඳින් කරනවා. ඒ මානසිකත්වය හරි වැදගත්. මම බලාපොරොත්තු වුුණෙත් ඒ වගේ බිරිඳක්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!