Gossip

“හේමාල් අයියා තමයි ලංකාවේ සරාගීම නළුවා” දෙවෙනි ඉනිමේ හැමෝගෙම හිතගත් කළණි කියපු කතාව

මේ දවස්වල ලංකාවේ ජනප්‍රියම ටෙලි නාට්‍යය දෙවෙනි ඉනිමේ හැමෝගෙම අවධානය යොමු වුණු කෙනෙක් තමයි කළණි කියලා කියන්නේ. ඇය නමින් නිල්වලා විශ්වමාලි. ඉතින් මේ ඇගේ තොරතුරුයි.

නිල්වලා කොහොමද මේ ක්ෂේත්‍රයට ආවේ?
මම නර්තන ශිල්පිණියක්. පුංචි කාලේ ඉඳන් නර්තනය හැදෑරුවා. ඊට පස්සේ මෝස්තර නිරූපණ ශිල්පිණියක් ලෙස හිටියා. දැන්වෙද්දි මම රංගන ශිල්පිණියක් විදියට කටයුතු කරනවා.

අලුත් අයට මේ ක්ෂේත්‍රයේ තියෙන තැන කොහොමද?
මං හිතන්නේ ක්ෂේත්‍රයේ අලුත් පරණ කියලා බේදයක් නැහැ. දැන්වෙද්දි නම් ගොඩක් තරඟකාරී බවක් තියෙනවා මේ ක්ෂේත්‍රය තුළ. ඒකට හේතුව අලුත් අය එකතු වෙනවා මේකට. ඉන්න ඉඩකඩත් වැඩියි එයාලට. අවස්ථාවන් වැඩියි. ඉස්සරවගේ නෙවෙයි දැන් තාක්ෂණය දියුණුයි. ඒ නිසා ගොඩක් අයට පහසුවෙන් මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වුණාට සමහරවෙලාවට මට හිතෙනවා මේකට සුදුසු නුසුදුසු දෙගොල්ලොම සම්බන්ධ වෙලා දැන් වෙද්දි ක්ෂේත්‍රය පොඩ්ඩක් අවුල් වියවුල් තත්වයකට පත්වෙලා කියලා.

ගොඩක් ශිල්පීන් අධ්‍යක්ෂවරුත් එක්ක නැත්නම් ඡායාරූප ශිල්පීන් එක්ක ගිහිල්ලා තමයි තැනක් හදා ගන්නේ එක ගැන ඔයා මොකද හිතන්නේ?
මෙහෙමයි මට එක එක්කෙනාගේ පෞද්ගලික ජීවිතවලට ඇඟිලි ගහන්න අයිතියක් නෑ සහ මම හිතන්නේ මගේ ජීවිතේටත් කාටවත් ඇඟිලි ගහන්න අයිතියක් නෑ. ඕක අද විතරක් නෙවෙයි මේ ක්ෂේත්‍රයේ මුල් කාලයේ වුනත් අපේ රටවල්වලත් වෙන රටවල්වලත් ඕක නිතර අහන ගොසිප් එකක්. ඕක දැන් එක එක විදියට දැකලා එක එක විවේචන ඉදිරිපත් කරනවා. ඉතින් මම හිතන්නෙ නෑ හොඳ නිර්මාණකරුවෙකුට එළියට එන්න ඔය දේවල් බලපැවැත්වෙනවා කියලා. මම එහෙමනම් අහන්න කැමතියි කාන්තාවන් විදියට නිළියන්ට මේ ක්ෂේත්‍රයට එහෙම එනවනම් නළුවෝ කොහොමද ඉස්සරහට එන්නේ. ඔවුන් කොහොමද ජනප්‍රිය වෙන්නේ කියලා. ඔවුන්ටත් ඒවගේ වරප්‍රසාදයන් තියෙනවාද? මොනාද ඒ කියලා දැනගන්න මමත් කැමතියි. ඉතින් එහෙම හිතන්න අමාරුයි අපිට.

ලංකාවේ සම්මානනීය අධ්‍යක්ෂවරයෙකුගේ වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටයක ප්‍රධාන චරිතයකට කතා කළොත් ඔබ කැමති වෙනවද?
මම සම්බන්ධ වෙනවා. හැබැයි ඒ නිර්මාණේ තියෙන ගුණාත්මක භාවය ගැනත් මම සැලකිල්ලක් දක්වනවා. මොකද රංගන ක්ෂේත්‍රයට මම දැන් ඇවිල්ලා මාස කිහිපයක් ගතවෙලා. නමුත් මේ වෙද්දිත් මම රංගනයේ යෙදෙන්නේ මම තෝරගත්ත නිර්මාණ සහ මට ලැබෙන ආරාධනාවලින් මට කරන්න පුළුවන් හැකියාව තියෙන නිර්මාණවලට විතරයි. මොකද ඒ නිර්මාණයට අසාධාරණයක් කරන්න මට අකමැති නිසා. ඒවගේම මම ඉගෙන ගන්න කෙනෙක්. ඒ වගේම ගුරුවරියක්. ඉතින් ඒ දේවල් නිසා මට නිර්මාණවලදි ගොඩක් සැලකිල්ලක් දක්වන්න වෙනවා මම මොනාද කරන්නේ කියන එක. නමුත් ඇත්තටම ගුණාත්මක නිර්මාණයක් නම් අධ්‍යක්ෂකවරයාගෙන් මට ලැබෙන දායකත්වයත් මට ඒකට දෙන්න පුළුවන් දායකත්වයත් කොච්චරද කියන එක මත ඒවගේම මට ඒකෙ යන්න පුළුවන් දුරක් තියෙනවානම් මම ඒ දුර යනවා. මං ඒ චාන්ස් එක අත අරින්නේ නෑ.

ලංකාවේ ඔයා දකින විදියට සරාගීම නළුවා කවුද?
මම හිතන්නේ හේමාල් අයියා තමයි මට ඒකට දෙන්න පුළුවන් උත්තරේ.

එයාගෙන් ප්‍රේම ආරාධනාවක් ආවොත් භාරගන්නවද?
ඇත්තටම හේමාල් අයියාත් එක්ක මං තාම වැඩ කරලා නෑ. ඉතිං මම තාම ප්‍රේක්ෂිකාවක් විදියට තමයි කැමති. හේමාල් අයියා තනියෙන් හිටියොත් සමහරවිට මං කැමති වේවි.

මේ ලෝකේ ඔයා කාටද වැඩියෙන්ම ආදරේ?
මේ ලෝකේ මං වැඩියෙන්ම ආදරේ මේ ලෝකෙ නැති කෙනෙකුට. ඒ මගේ ආච්චි අම්මා. එයාට තමයි මං මේ ලෝකේ වැඩියෙන්ම ආදරේ. ඒක මම ලඟින් ඇසුරු කරන හැමෝම දන්න දෙයක්. මං හිතන්නේ මං ආදරේ කරන කෙනෙකුටවත් මම මව්පදවියක් ලැබුවහම මගේ දරුවෙකුටවත් මම ඒ තරම් ආදරේ කරන එකක් නෑ. මාව නිර්මාණය කරලා තියෙන මගේ පර්සනැලිටි එක නිර්මාණය කරලා තියෙන්නේ මගේ ආච්චි අම්මා.

නිල්වලා ආදරවන්තියක්ද?
ඔව් මං මේ වෙද්දි ආදරවන්තියක්.

ඔයාගේ පෙම්වතා තෝරා ගනිද්දි බලපු සුදුසුකම් මොනවාද?
මම බලපු සුදුසුකම තමයි එයා කොච්චර දුරට ඉවසනවාද කියන එක. මොකද මම ටිකක් ඉවසීමක් නැති කෙනෙක්. ඉතින් මාව බැලන්ස් කරන්න පුළුවන් මාත් එක්ක ඉවසගෙන ජීවිතේ ඕනම දේකට මූණ දෙන්න පුළුවන් කෙනෙක් තමයි මගේ ජීවිතේට මං හෙව්වේ. මං හිතන්නේ මට ඒ කෙනා ලැබිලා ඉන්නවා. ඉතින් ප්‍රශ්න බාධක ගොඩක් තියෙනවා. ඒවා මැද්දෙන් අපේ ආදරය ගලාගෙන යනවා. කාලයට මං ඉඩදීලා බලාගෙන ඉන්නවා.

නදීෂා හේමමාලි කියලා තිබුණා ලංකාවේ ගණිකා වෘත්තිය නීතිගත කරන්න ඕනේ කියලා. මොකද්ද ඔබේ අදහස ඒ ගැන?
මෙහෙමයි දැන් අපි ජීවත්වෙන්නේ සදාචාර සම්පන්න දේශයක. බුදුන් වැඩි දේශයක අපි ජීවත්වෙන්නේ. නමුත් ප්‍රශ්නෙ තියෙන්නේ නදීෂා අක්කා ගත්තහම මගේ ඉතාමත්ම හොඳ මිතුරියක්. මට වැඩිය ප්‍රවීණයි ක්ෂේත්‍රය තුළ. ඉතින් ඇයගේ මතයට එක පැත්තකින් මම ගරු කරනවා. ඇය කියපු දේ යම්කිසි සාධාරණ මට්ටමක් තියෙනවා මම දකින පැත්තෙන්. මම දන්නෑ ඇය කුමක් නිසා එය ඉදිරිපත් කළාද කියලා. අපේ සමාජේ අද සදාචාරාත්මක බව ගැන කතා කරද්දි ගණිකා වෘත්තිය නීතිගත කරනවා කියන එකට සමහර සංවිධාන ජනමාධ්‍ය ඉදිරියටම ඇවිල්ලා කතා කළා. ඔවුන්ගේ ඉල්ලීම් ඉල්ලුවා. ඒ ඉල්ලීම්වලට ඇහුම්කන් දෙන පිරිසකුත් හිටියා. මම අහන්නේ ගණිකා වෘත්තිය නීතිගත කරන එකට ප්‍රශ්නයක් නැහැ. හේතුව අද සමාජයේ වෙන ළමා අපචාර බැලුවම ගණිකා වෘත්තිය නීතිගත කරන එක හොඳයි. මොකද අහිංසක ජීවිත බිලිදෙනවාට වඩා. හේතුව පුංචි ළමයි ළමා අපචාරවලට පත්වෙනවා විතරක් නෙවෙයි එතනින් එහාට ඔවුන්ගේ ජීවිතත් ඔවුන්ට අහිමි වෙනවා. ඒ නිසා මම හිතන්නේ ගණිකා වෘත්තිය නීතිගත කළ යුත්තේ පුංචි ළමයින්ගේ ජීවිත රැකගන්න.

පවුලේ විස්තර සහ අනාගත බලාපොරොත්තු මොනවාද?
මම පුංචි කාලේ ඉඳන් ගමේ මහගෙදර හැදුනු කෙනෙක්. මගේ පවුලේ අය ගොඩක් මැද්දේ මම හැදුනේ. මගේ අම්මි තාත්තිත් මං කිට්ටුවෙන්ම ඉන්නවා. මගේ දේවල් මම කරන් යද්දි මම ඔවුන්ගෙන් අදහස් උපදෙස් ගන්නවා. නමුත් ගොඩක් තීරණ ගන්නේ මම, මගේ ජීවිතය සම්බන්ධයෙන්. නංගි තාම ඉගෙන ගන්නවා. මල්ලි ඕස්ට්‍රේලියා යන්න ලෑස්තිවෙලා ඉන්නවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!