තරු හුට පට

බ්‍රිතාන්‍යයේ ධනවත්ම පුද්ගලයින් 100 දෙනා අතරට ගිය ශ්‍රී ලාංකිකයාගේ කතාව

7

මහා බ්‍රිතාන්‍යයේ ධනවත්ම ප්‍රද්ගලයින් 100 දෙනා අතරට ශ්‍රී ලාංකිකයෙකු ඇතුලත්ව ඇති බව වාර්තා වෙනවා.

නමින් ඩෙස් ගුණවර්ධන නම් වූ මොහු ලන්ඩනයේ “ආපනශාලා රජු” ලෙස සැලකෙන බව යි පැවසෙන්නේ.

ලන්ඩන් නුවර සුපිරි පැලැන්තියේ ආපනශාලා 34ක් මොහු සතුව පවතින අතර නිව්යෝක්, පැරිස් සහ ටෝකියෝ ආදී ලොව ප්‍රධාන නගර කිහිපයකම හෝටල් ජාලයකට ගුණවර්ධන මහතා හිමිකම් කියනවා.

එමෙන්ම මෙම ලාංකික ව්‍යාපාරිකයා බ්‍රිතාන්‍යය තුළ පුවත් මවන්නෙකු බවට පත්ව ඇති බව යි සඳහන් වන්නේ.

මේවන විට 53 හැවිරිදි වියේ පසුවන ගුණවර්ධන මහතා අද සිටින ස්ථානයට පැමිණ ඇත්තේ ශ්‍රී ලංකාවේ ඉපිද ශ්‍රී ලංකාවේ පාසැලකින් අධ්‍යාපනය හැදෑරීමෙන් අනතුරුව යි.

පසුව ඔහු බ්‍රිතාන්‍යයේ පදිංචියට ගොස් තිබෙනවා.

බ්‍රිතාන්‍යයේ වැඩිදුර අධ්‍යාපනය හදාරා ඇති ඩෙස් ගුණවර්ධන මහතා එරට වරලත් ගණකාධිකාරිවරයකු වශයෙන් වෘත්තීය ජීවිතය අරඹා තිබෙනවා.

පසුව ඔහු කොන්රන් හෝල්ඩිංග්ස් සමූහ ව්‍යාපාරයට සම්බන්ධ වී ඇත්තේ 1991 වසරේ දී.

ලන්ඩන් නුවර කීර්තිමත් ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු වන ශ්‍රීමත් ටෙරන්ස් කොන්රන් මහතාට අයත් එම සමාගමේ වසර 11ක දීර්ඝ සේවයෙන් පසු ගුණවර්ධණ මහතා ඉන් ඉවත් වී ඇත්තේ එම තමා සේවය කළ සමාගමට අයත් හෝටල් ජාලයෙන් කොටසක් මිල දී ගනිමින්.

ලෝක ප්‍රසිද්ධ Le Pont De La Tour, Blue Pring, Lavceston Place, Sky Low Meea යන ආයතන සියල්ලේම හිමිකරුවා ගුණවර්ධන මහතා බව මේවන විට වාර්තාවන අතර එපමණක් නොව ඔහු සිය යහළුවකු සමග D&D නමින් හෝටල් හා ආපනශාලා ව්‍යාපාරයක් ද පවත්වාගෙන යනවා.

2300ක සේවක පිරිසක් ඔහු යටතේ සේවයේ නියුතු අතර ගුණවර්ධන මහතාගේ වාර්ෂික ආදායම පවුම් මිලියන සියයක් පමණවන බව යි සඳහන් වෙන්නේ.

2

Bluebird Kings Rd Chelsea, head chef Liam Smith-Laing...Relaunch of Bluebird next week following multi-million refurbishment.... For Prynn

4 5 6 7

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!