Gossip

“මම අවුරුදු 35 ක් රියදුරු රස්සාව තමයි කළේ.. නෝනා තමයි කිව්වේ අයදුම්පත දාන්න කියලා.” – ඩයලොග් ප්‍රශංසා දෙරණ 60+ වේදිකාව දිනූ සෝමරත්න – Exclusive

තරුණ පරම්පරාවට පමණක් සීමාවෙලා තිබුණු ලංකාවේ රියැලිටි කලාව වෙනස් කළේ දෙරණ.
වයස අවුරුදු හැටට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ගායන කුසලතා රටටම පෙන්වන්න tv දෙරණ නාළිකාවෙන් ඩයලොග් ප්‍රශංසා දෙරණ 60+ නමින් ගායන රියැලිටි වැඩසටහනක් සංවිධානය කළා.
එහි තෙවැනි අදියරේ අවසන් මහා තරඟය පසුගිය 16 වැනිදා සජීවීව දෙරණ නාළිකාව ඔස්සේ විකාශය වුණා.
මෙහි තෙවැනි ස්ථානය හිමිකරගත්තේ ගිරිඋල්ලේ සිට පැමිණි ජී.පී. සෝමරත්න.
ඉතිං ඔහුගෙන් මේ ජයග්‍රහණය ගැන අහලා බලන්න අපි සෝමරත්න මහතාට කතා කළා.

ලැබුණු ජයග්‍රහණය ගැන මොකද හිතෙන්නේ?
හොඳයි.. ගොඩක් සතුටුයි.. ලංකාවෙන්ම තුන්වැනි තැනට ආවා කියන්නේ වචනවලින් කියන්න බැරි තරම් හැගීමක්.

ජයග්‍රහණයත් එක්ක ඔබේ රසිකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?
රසිකයන්ගෙන්නම් ලොකු ප්‍රතිචාරයක් තියෙනවා. දිවුලපිටිය, මීරිගම පැත්තේ එහෙම හුග දෙනෙක් කතා කරලා සුබ පැතුවා..

ඩයලොග් ප්‍රශංසා දෙරණ 60+ ජයග්‍රහණයට කලින් ගායන ක්ෂේත්‍රයට එන උත්සාහ කළේ නැද්ද?
මම කළින් ඉදන්ම සිංදු කිය කිය හිටියේ.. ඒ අතරතුර තමයි ඩයලොග් ප්‍රශංසා දෙරණ 60+ නමින් ගායන රියැලිටි වැඩසටහනට අයදුම්පත් දැම්මේ.
මගේ බිරිඳ තමයි මේකට අයදුම්පතක් දාන්න කියලා කිව්වේ.. හරි සතුටින් දැම්මේ.. වැඩේ ඉතිං සාර්ථක වුණා.

සිංදුවක් කරන්න බලාපොරොත්තුවක් නැද්ද?
සිංදුවක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා.. ඒත් තව ටික දවසක් යයි.. ඒ වෙනුවෙන් මුදලක් වැය කරන්නත් ඕනනේ.. ඉතිං ඒ ටිකත් ලෑස්ති කරගෙන සිංදුවක් කරන්න තමයි අදහස.

ඔබේ පවුලේ විස්තර මොනාද?
අම්මයි, මමයි නෝනයි පුතයි දුවයි තමයි අපේ පවුලේ ඉන්නේ.. මම අවුරුදු 35 ක් විතර රියදුරු රස්සාව තමයි කළේ.

ඔබට ස්තූතියි කරන්න අය ඇති. මේ ඒකට අවස්ථාවක්.
ප්‍රියා සූරියසේන මහත්තයට ස්තූති කරන්න ඕනේ.. මම එතුමගේ සිංදු තමයි ගායනා කළේ.. මම එතුමට ස්තූති කරන්න දුරකථන ඇමතුමකුත් ගත්තා.. ඒත් ආන්සර් කළේ නෑ..
දෙරණෙන් ලැබුණු සහයෝගය නිසා තමයි මම මේ තරම් දුරක් ආවේ.. ඉතිං දෙරණටත් ස්තූති කරනවා.. ඒ වගේම මගේ රසිකයන් මගේ පවුලේ අය මට ලොකු ශක්තියක් වුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!