Gossip

“මට නම් හිතෙන්නේ මම වගේ කියලා, මම බිරිඳගෙන් අහනවා අම්මට නළුවෙක් බඳින්න හොඳ නම් දුව නිළියක් වුණාම මොකද වෙන්නේ කියලා”

ලංකාවේ අංක එකේ ටෙලි සිත්තමක් වන දෙවැනි ඉනිමේ මයික්ගේ චරිතයෙන් රසික හදවත් සිනහවෙන් පුරවන ඔහු දෙනුවන් සේනාධි.

ලොකු කුඩා කවුරුත් මේ මයික්ගේ චරිතයට බෙහෙවින්ම ආදරය කරනවා.

මයික් මේ දවස්වල ලැබෙන පුංචි විවේකයටත් ගෙදරට දුවලා එන්න යනවා කියලා ආරංචියි.

දෙවැනි ඉනිමේ පොත් මිටිය අරගෙන ඉස්කෝලේ ගියාට සැබෑ ජීවිතේදි දෙනුවන් පියෙක්.

දෙනවුන්ගේ මාස දෙකේ පුංචි දියණිය ගැනත් දෙනුවන්ගේ අලුත්ම විස්තර ගැනත් සතිඅන්ත පුවත්පතකට මේ විදිහට කියලා තිබුණා.

මේ දවස්වල ජීවිතේ අලුත් වෙලා වගේ දැනෙනවද? 
ගොඩක් සතුටින් ඉන්නේ. දැන් ඉතින් දුවෙක්ගේ තාත්තා කෙනෙක්නේ. වගකීම් ගොඩයි මේ දවස්වල ෂුටිං නැත්නම් කොහෙවත් යන්නේ නැතුව ගෙදරටම වෙලා ඉන්නවා. කොහේ ගියත් ඉක්මනට ගෙදර එන්න තමයි බලන්නේ.

පුංචි දූ ඉපදුනේ කවදාද?
2017 දෙසැම්බර් 5 වැනිදා.

ඒ සුන්දර දවස නැවත සිහිපත් කළොත්? 
ඊට කලිින් දවසේ බිරිඳව ඩර්ඩන්ස් හොස්පිට්ල් එකේ ඇඩ්මිට් කළා. 5 වැනිදා තමයි දූ ඉපදුනේ. දූ ඉපදුනේ සිසර් සැත්කමකින්. මම මේ වේලාවේ දෙවැනි ඉනිමේ ටෙලි නාට්‍යයේ සාරංග අයියා ඇතුළු කණ්ඩායමට ස්තූති කරනවා එදා දවසේ මට නිවාඩු දුන්නාට.

මුලින්ම දූගේ මූණ දැක්කම මොකද හිතුනේ? 
ඒ හැඟීම වචනවලින් විස්තර කරන්න නම් බැහැ. සතුට වැඩි කමට මම ඉකිගහගහ ඇඬුවා.

මොකක්ද පුංචි දෝනිගේ නම? 
ශෙලීනා රෙහන්සා සේනාධි.

දෙනුවන් දූගේ කටයුතුවලට උදව් කරනවාද? 
ඔව්. මම ගෙදර ඉන්න වෙලාවට උපරිමයෙන් මට පුළුවන් හැමදේම කරලා දීලා ඒ කටයුතුවලට සහාය දෙනවා.

දුව තාත්තා වගේද අම්මා වගේද? 
මට නම් හිතෙන්නේ මම වගේ කියලා. දකින අය කියන්නෙත් මම වගේ කියලා තමයි.

එහෙනම් තාත්තාගේ කලා කුසලතා දුවටත් පිහිටලා ඇති? 
ඒක එහෙම වෙන්න ඕන නේද?

මතු දාක දුවත් කලාවම තෝරා ගනීවිද? 
මගේ ලොකුම හීනයත් ඒකම තමයි.

ඒ කියන්නේ දෙනුවන්ගේ හීනය මතු දවසක දුව කලාවට යොමුවනවා දකින්නයි? 
ඇත්තටම ඔව්. මතු දවසක මම මගේ දුව නිළියක් කරනවා.

බිරිඳ ගණකාධිකරණ අංශයේ හින්දා දුවව ඒ අංශයෙන් ඉදිරියට යවන්න ඇය හිතන්නත් බැරි නැහැ. අනික දුව කලාවට යොමු වෙනවට ඇය මොන වගේ ප්‍රතිචාරයක් දක්වයිද දන්නේ නැහැ ඔබ පුංචි දුව නිළිකමට යොමු කරන්න හදන විට බිරිඳ ඊට අකමැති වුණොත්? 

එහෙම වුණොත් මම බිරිඳගෙන් අහනවා. අම්මට නළුවෙක් බඳින්න හොඳ නම් දුව නිළියක් වුණාම මොකද වෙන්නේ කියලා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!