Gossip

Discovery Channel එකට යන්න කට්ටක් කන දෙනුෂ්කා

cvr

උදයකාන්ත වර්ණසූරියගේ ‘චැලෙන්ජර්ස්’ සිනමා නිර්මාණය හරහා රංගනයට පිවිසි දෙනුෂ්කා වර්තමානය වනවිට වඩාත් ජනප‍්‍රිය වී ඇත්තේ වැඩසටහන් ඉදිරිපත් කරන්නියක ලෙසයි. මේ වනවිට තාවකාලිව කලාකටයුතුවලින් ඉවත්ව සිටින දෙනුෂ්කා, ගුවන් සේවිකාවක ලෙස වසර 2ක කාලයක් තිස්සේ සේවයේ නිරතව සිටින්නීය. දැනට ‘චැනල් සී’ නාළිකාවේ වැඩසටහන් ඉදිරිපත් කරන්නියක ලෙස කටයුතු කරන ඇය ඉදිරියේදී සම්බන්ධවූ වෙළෙඳ දැන්වීම් හා ගීත රූප රචනා කිහිපයකින්ද රසික ඔබ හමුවට පැමිණිමට සූදානමින් සිටියි.

දෙනුෂ්කා දැන් කලාවෙන් ඈත් වෙලාද?
ගුවන් සේවිකාවක් විදිහට දැනට මම ‘ශ‍්‍රී ලංකන් එයාර්ලයින්’ සමාගම සමග වසර 2ක් තිස්සෙ වැඩ කරනවා. ඒ හින්දා ලොකුවට කලාව පැත්තට සම්බන්ධ වෙලා වැඩ කරන්නෙ නැහැ. ඒත්, මම ‘චැනල් සී’ රූපවාහිනි නාළිකාවේ වැඩසටහන් ඉදිරිපත් කරන්නියක විදිහට තාමත් වැඩ කරනවා. ඊට අමතරව පසුගිය කාලෙදී වෙළෙඳ දැන්වීම් කිහිපයටත් දායක වුණා. ඉතින් ඉඩ ලැබෙන පරිදි කලා කටයුතුවලටත් සම්බන්ධ වෙන්න තමයි හිතාගෙන ඉන්නේ.

ටෙලිනාට්‍යවලට සම්බන්ධ වෙන්න ආරාධනා ලැබුණේ නැද්ද?

ලැබුණා. ඒත්, ගොඩක් ආරාධනා ලැබුණේ දිර්ඝ ටෙලිනාට්‍යවලට. ඉතින් මම කරන රැුකියාවත් එක්ක ඒ නිර්මාණවලට දායක වෙන්න බැහැනේ. කොටස් 40ක් වගේ තියෙන ටෙලිනාට්‍යකට එකතු වෙලා වැඩ කරන්න නම් මම කැමතියි. නමුත්, එවැනි නාට්‍යක ආරාධනාවක් මට ලැබුණේ නැහැ. අන්තිමට මම රඟපෑ‍‍වේ ස්වාධීන රූපවාහිනි නාළිකාවේම නිෂ්පාදනයක් වූ ‘සිත් අහසයි‘ කියන ටෙලිනාට්‍යයේ.

ගුවන් සේවිකාවක වෙන්න දෙනුෂ්කා හීන මවපු කෙනෙක්ද?

නැහැ. මගේ හීනේ වුණේ නිවේදිකාවක් විදිහට ජාත්‍යන්තර නාළිකාවකට සම්බන්ධ වෙන්න. නමුත්, හිතේ කොණක ආසාවක් තිබුණා ගුවන් සේවිකාවක් වෙන්නත්.

ජාත්‍යන්තර නාළිකාවට එකතු වෙන හීනේ දැන් අමතකද?

නැහැ. ගුවන් සේවිකාවක් විදිහට මට තව අවුරුදු 2ක් විතර වැඩ කරන්න ඕනා. ඊට පස්සෙ මේ රැුකියාවෙන් ඉවත් වෙලා ජාත්‍යන්තර නිවේදිකාවක වෙන ඉලක්කය සපුර ගන්න ඕනා. ඇමෙරිකාවේ ‘ඩිස්කවරි‘ රූපවාහිනි නාළිකාවට සම්බන්ධ වෙන්න තමයි මම දැනට සැලසුම් කරලා තියෙන්නේ.

නිවේදිකාවක් වුණොත් රංගනය පැත්තට යොමු වෙන්නේ නැද්ද?

යොමු වෙනවා. හැබැයි ඉඩ ලැබෙන පරිදි. ඒත්, වෘත්තිය මට්ටමේ නිවේදිකාවක් විදිහට වැඩ කළොත් මට බොහෝදුරට රංගනයට පැත්තට යොමු වෙන්න කාලයක් නැති වේවි.

ගුවන් සේවිකාවක් විදිහට දැනට රටවල් කොපමණ ප‍්‍රමාණයකට ගිහිල්ලා තියෙනවාද?

‘ශ‍්‍රී ලංකන් එයාර් ලයින්’ ගමන් කරන සෑම රටකටම වගේ ගිහිල්ලා තියෙනවා. මම හිතන්නෙ රටවල් 10කට 12කට වගේ ගිහිල්ලා තියෙනවා.

මේ රටවල් අතරින් ආස කරපු රටක් එහෙම ඇති?

ඉතාලියට ගොඩක් ආසයි. යුරෝපා රටකට වගේ අපි ගියොත් දවස් 3ක් දෙනවා රට තුළ සංචාරය කරන්න. ආසියාව වගේ රටකට ගියොත් ලැබෙන්නේ දින 2ක් කාලයක්. ඉතින් රට රටවල සංචාරය කරන්න ලැබීමත් එක්තරා විදිහට ලොකු වාසනාවක් කියලයි මම හිතන්නේ.

 

1 2 3 4 5 6 7

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!