Gossip

මිය ගිය පෙම්වතාගේ මල සිරුර විවාහ කරගත් අපූරු පෙම්වතිය

සිය විවාහයට දින නියම කර තිබියදී, සිය පෙම්වතා හෝ පෙම්වතිය මිය යාම යනු කිසිවෙකුට දරාගත නොහැකි කාරණාවකි. එහෙත් එලෙස සිය විවාහය වෙනුවෙන් සියලු කටයුතු සූදානම් කර තිබියදී, ඝාතනයට ලක්වන තම පෙම්වතා රෝහල් මෘතශරීරාගාරය තුළ දී විවාහ කරගත් කාන්තාවක් පිළිබඳ පුවතක් ඉකුත් දා එංගලන්තයෙන් අසන්නට ලැබිණි.

ඇය නමින් මිෂෙල් තෝමස් ය. ඇයගේ විසිනව හැවිරිදි පෙම්වතා වූ කෙවින් ලැවෙල් තම මංගල්‍යය වෙනුවෙන් වෙහෙසෙමින් සිටින අතරතුරදී මිය යන්නේ, මැර කල්ලියකගේ දරුණු පහරදීමකට ලක් වීම හේතුවෙනි. කෙවින් සිය කටයුතු නිම වී, ඔක්ස්ෆර්ඩ්ෂයර් හි පිහිටි තම නවාතැනට ආපසු පැමිණෙමින් සිටිය දී මෙලෙස මැරකල්ලියේ ප්‍රහාරයට ගොදුරු වී තිබිණි. එහෙත් මරණයට කෙවින් හා මිෂෙල් වෙන් කරන්නට නොහැකි විය.

සිය පෙම්වතා දරුණු ප්‍රහාරයකට ලක්ව මිය ගිය බව දැනගත් මිෂෙල්, දරාගත නොහැකි වේදනාවෙන් පීඩිතව වුව ද, ඔහුගේ මෘතශරීරය තබා තිබූ, ජෝන් රැඩ්ක්ලිෆ් රෝහල් මෘතශරීරාගාරය තුළ සිය මංගල උත්සවය සූදානම් කළාය. දෙදෙනාගේම ඉතා සමීප ඥාතීන් සහ මිතුරන්ගේ සෝ සුසුම් මධ්‍යයේ, මෙම මංගල්‍යයයේ වතාවත් කරන ලද්දේ, කෙවින්ගේ අවමංගල කටයුතු කළ පූජකවරයා විසින්ම ය. දැනට පස්වන වියෙහි සහ සිව්වැනි වියෙහි පසුවන, කෙවින්ගේ හා මිෂෙල්ගේ දරු දෙදෙනා වන ජේම්ස් හා මේගන් ද තම දෙමව්පියන්ගේ මංගල අවස්ථාවට සැරසෙන්නට සූදානම් වී සිටි ඇඳුම්වලින්ම සැරසී, මේ අවස්ථාවට සහභාගී වී සිටියහ.
මංගල කටයුතු අතරවාරයේ දී, “කෙවින් සිය නීත්‍යනුකූල ස්වාමිපුරුෂයා ලෙස පිළිගන්නේද” යන්න විමසද්දී මිෂෙල් පැවැසූයේ තමන් එලෙස පිළිගන්නා බවය. අවසානයේ, කෙවින්ගේ පියා විසින්, මංගල මුදු මිෂෙල්ගේ මැදැඟිල්‍ලේ සහ, මිනීපෙට්ටියක රඳවා සිටි කෙවින්ගේ මැදැඟිල්ලට පළඳවන ලදී.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!