Gossip

දුවලා නම් රංගනය පැත්තට යොමු කරන්නේ නෑ, ඒ විතරක් නෙවෙයි දන්න කෙනෙකුගේ දුවෙකුටවත් සිනමාවට එන්න ඉඩ දෙන්නේ නැහැ

රංගන ශිල්පී ඩී.බි.ගංගොඩතැන්න කියන්නේ ශ්‍රි ලංකා සිනමාවෙන් හා ටෙලි නාට්‍ය රංගනයෙන් රසිකයන්ගේ සිත් සතුටින් පුරවපු චරිතයක්. වයසින් මුහුකුරා ගියත් තවමත් රංගන ක්ෂේත්‍රයේ රැඳී සිටින ඔහු කලා ජීවිතයේ සැඟවුණු කතා කිහිපයක් මේ විදිහට සතිඅන්ත පුවත්පතකට කියලා තිබුණා.

හිටි හැටියේම ඔබට රඟපෑම එපාවුණේ ඇයි ?

ඒක හිටිහැටියේ වෙච්ච දෙයක් නමෛයි. මට දැන් අවුරුදු 74යි. ඉස්සරට වඩා වැඩිපුර මහන්සි ගතියකුත් දැන් දැනෙනවා. ඒ නිසා වෙලාවකට හිතෙනවා රඟපෑමෙන් ඉවත් වෙලා ගෙදරට වෙලා නිදහසේ ඉන්න. මට නම් දැන් රඟපෑම ඇතිවෙලයි තියෙන්නේ. ඉස්සරහට මට ලැබෙන ආරාධනා බාරගන්නවාද නැද්ද කියලා හිතලා බලන්නයි හිතාගෙන ඉන්නේ” ඇඟේ හයිය අඩුවුණාට තවම ඔබේ හිතේ හයිය නම් ඒ විදිහටම තියෙනවානේ…?

හිතේ හයිය තියෙනවා තමයි. ඒත්, කලා ක්‍ෂේත්‍රයේ සිද්ධවෙන දේවල් නිසා සමහර වෙලාවට හිත හොඳටම කලකිරෙනවා. ඔච්චර කලකිරෙන්න තරම් මොනවාද ඔබට වෙච්ච අකටයුතුකම් ? වැඩිපුරම කලකිරීම් ඇතිවෙන්නේ රඟපෑම වෙනුවෙන් ගෙවන්න ‍පොරොන්දු වෙන මුදල් නොලැබුණාම තමයි. ඒවගේ අත්දැකීම් මම සෑහෙන අත්විඳලා තියෙනවා. පිරිමියෙකුට නම් සිනමා ක්‍ෂේත්‍රයට ඇවිල්ලා වැඩක් නැති බව මම නම් දැන් තේරුම් අරගෙනයි ඉන්නේ.

ඇයි ඔබ එහෙම කියන්නේ ? නිළිය ලස්සන නම්, ‍ලේසියෙන් අල්ලගන්න පුළුවන් නම් සමහර අධ්‍යක්ෂවරු සහ නිෂ්පාදකවරු එකතු වෙලා අපට ගෙවන මුදලටත් වඩා වැඩි මුදලක් ඔවුන්ට ගෙවනවා. සමහරු කාර්, ගෙවල් පවා තෑගි කරනවා. මේ වගේ දේවල් නිසා ගෑනු අයට තමයි අද රංගන ක්‍ෂේත්‍රයේ වැඩිපුර අවස්ථා තියෙන්නේ.

කාන්තාවන්ට සහ පිරිමින්ට සිනමා ක්‍ෂේත්‍රයේදී හැඳි දෙකකින් බෙදන්නේ ඇයි ?

වෙන දේකට නමෛයි, ඒ ගෑනු අයත් එක්ක ලිංගික සම්බන්ධතා පවත්වන්න බලාගෙනයි අධ්‍යක්ෂවරු ඔය විදිහේ සැලකිලි දක්වන්නේ. ඔය විදිහේ තත්ත්වයක් තමයි අද සිනමාවේ තියෙන්නේ. ඉතින් මේ දේවල් දැක්කාම කලකිරෙන එක පුදුමයක්ද?

ඩී.බි.ගංගොඩතැන්න කියන්නේ නළුවෙක් වෙන්න පෙරුම් පුරමින් හිටපු කෙනෙක් ද?

මම නළුවෙක් වෙන්න හිතාගෙන හිටපු කෙනෙක් නමෛයි. මගේ ගම මාවනැල්ල. “ඇල්ල ළඟ වළව්වේ” රඟපාන්න කලින් මම වතුපිටි බලාගෙන ගෙදරට වෙලා තමයි හිටියේ. ධර්මසේන පතිරාජ මගේ පාසල් මිත්‍රයෙක්. ඇල්ල ළඟ වලව්ව අපේ ගමේ රූගත කරද්දී මමත් ‍පොඩි ‍පොඩි උදව් කළා. ඒ අතරතුරේ ටෙලි නාට්‍යයේ හාමුදුරුනමකගේ චරිතය රඟපාන්න නළුවෙක් හොයද්දී තමයි පතිරාජ මට කිව්වේ “මචං මේ චරිතය කරලා දෙන්න” කියලා. එදා පටන් ගත් ගමන තමයි තවමත් මේ යන්නේ.

ඒ ආපු ගමනේදී වැඩිපුර ඔබට ලැබුණේ හාසේ‍යාත්පාදක චරිතයි කීවොත් නිවැරදිද?

එහෙමම කියන්නත් බැහැ. ‘යකඩ පිහාටු’ වගේ චිත්‍රපටවල මම රඟපෑවේ කොමඩි චරිත නමෛයිනේ. මම රඟපෑ චරිතවලින් බාගයක් විතර ඕනෑනම් හාසේ‍යා්ත්පාදක චරිත තියෙන්න ඇති. හැබැයි ප්‍රේක්ෂකයන්ට මාව වැඩිපුරම මතකයේ තියෙන්නේ විකට නළුවෙක් විදිහටද කියලා නම් මම දන්නේ නැහැ.

දශක තුනක් විතර කලා ක්‍ෂේත්‍රයේ හිටපු නිසා දූ දරුවන්වත් කලාව පැත්තට යොමු කරන්න ආසාවක් තිබුණේ නැද්ද? අ‍පොයි නැහැ. මට ඉන්නේ දුවලා දෙන්නෙක් සහ පුතෙක්. පුතා ජීවත් වෙන්නේ ඕස්ට්‍රේලියාවේ. අපේ රටේ පවතින තත්ත්වය අනුව දුවලා නම් රංගනය පැත්තට යොමු කරන්න මගේ කිසිම බලා‍පොරොත්තුවක් තිබුණේ නැහැ. ඒ විතරක් නමෛයි දන්නා හඳුනන කෙනෙකුගේ දුවෙකුටවත් සිනමාවට එන්න ඉඩ දෙන්නේ නැහැ. මොකද අද අපේ රටේ සිනමාව කාන්තාවකට පය තියන්න සුදසු ක්‍ෂේත්‍රයක් නමෛයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!