Gossip

ආත්මාරක්ෂක සටන් ක්‍රම වෙනුවෙන් දයාසිරිට කළු පටියක්

ක්‍රීඩා අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතාට කුකිවොන් (kukkiwon) තයිකොන්ඩෝ මූලස්ථානය විසින් 7 වන ශ්‍රේණියේ තයිකොන්ඩෝ ගෞරව කළු පටියක් ප්‍රදානය කර තිබෙනවා.

එම මූලස්ථානය විසින් කිසියම් රාජ්‍යයක ක්‍රීඩා අමාත්‍යවරයකුට ප්‍රදානය කරනු ලබන ගෞරව කළු පටිහි උපරිම ශ්‍රේණිය 6 වන අතර දයාසිරි ජයසේකර මහතා වූෂු ක්‍රීඩාව ඇතුළු තවත් ආත්මාරක්ෂක සටන්ක්‍රම හදාරමින් පෙන්වා ඇති දක්ෂතා හේතුවෙන් පැවති එන සම්ප්‍රදාය ඉක්මවා 7 වන ශ්‍රේණියේ කළු පටියක් ප්‍රදානය කිරීමට කටයුතු යොදා තිබීම මෙහි එක් විශේෂත්වයක්.

කොරියන් රජයේ ආරාධනය අනුව තෙදින නිල සංචාරයක එක්වූ අවස්ථාවේදී ඔහුට මෙම ගෞරව කළුපටිය ලැබී තිබෙනවා.

මේ අවස්තාවේ ඡායාරූප පහතින්

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!