Gossip

නිසළ වූ දසුන, දසුන් අප හැර ගොස් හමාරය – දයාන් විතාරණ මුහුණුපොතේ තැබූ සංවේදී සටහන මෙන්න

දසුන් නිෂාන් වෙනුවෙන් අවසන් ගෞරව දක්වන්න කලාකරුවන් රැසක් මේ වනවිටත් පැමිණෙමින් සිටින බව අපිට දැනගන්නට ලැබුණා.
ඒ අතරින් කෙනෙක් තමයි දයාන් විතරාණ.
ජනප්‍රිය ගායන ශිල්පියෙක් වගේම ඡායාරූප ශිල්පියෙක් වන දයාන් විතාරණ සිය මුහුණුපොතේ සංවේදී සටහනක් තබා තිබුණේ මෙලෙසින්.

නිසළ වූ දසුන …දසුන් අප හැර ගොස් හමාරය.නොයෙක් දෙනා නොයෙක් හේතු පැවසුවද ඔහුට දිවි නසා ගැනීමට සිත් වූ හේතුව දන්නේ ඔහුම පමණි .
එය සොයා ගැනීමෙන් දැන් පළක් නැත .ආදරණීය මවකට අහිමි වුයේ පුතෙකුය .ඔහුට මුළු ලොවක් ආදරය කළද ඔහුට ඔහු ආදරය කළේ නැත .
මේ උතුම් මාතෘත්වයට ආදරය කළේ නැත .ඔහුගේ මව මට පවසා සිටියේ “කවුරු කොහොම කිව්වත් මට නැති වුනේ දස මසක් කුස දරා ඇසක් මෙන් බළාගත් මගේ පුතා”යනුවෙනි .
මා ඇය අස්වසන්නට කෙතෙක් උත්සාහ කළද ඈ පැවසුවේ “මම මෙය කොහොම අමතක කරන්නද .දිවි නසා ගැනීම වැනි අනුවණ ක්‍රියාවක් මගේ පුතා කරාවිද .මට තාම හිතා ගන්න බැහැ .පුතා කොහේ සිට හෝ මට දුරකථනයෙන් අමතා අම්මේ මම හොඳින් ඉන්නවා .
ඔය ඉන්නෙ වෙන දසුන් කෙනෙක් කියා කියාවි යැයි ඇය බළා සිටිනවා.”යනුවෙනි .මේ කඳුළු කෙතරම් බරද.
මට කිව යුත්තේ මෙපමණකි .මා මේ අමතන්නේ වයස තිහට අඩු දූ පුතුන්ටය .ඔබට ඔබේ ජීවිතය නැති කර ගන්නට කිසිදු අයිතියක් නැත.
එසේ වුවහොත් වඩාත් දුක් වන්නේ තමාගේ දෙමව්පියන්ය .කිසිදින ඔවුන්ට මෙවන් දුකක් දෙන්න එපා .මට විශ්වාසයි දසුන් සිය දිවි නසා ගැනීමට පෙර නැවත නැවත සිතද්දී අම්මා මෙතරම් දුක් වන්නේ යැයි දැන සිටියා නම් ඔහු කිසි දින මෙවැනි අනුවණ ක්‍රියාවක් නොකරනු ඇත.
දුවේ පුතේ ,කෙතරම් බැරෑරුම් ප්‍රශ්නයක් වුවද එය සිහි බුද්ධියෙන් විසඳා ගැනීමට ඕනෑ තරම් මං පෙත් ඇත .
ගැටළුව හොඳම මිතුරකුට හෝ තමා වඩාත් විශ්‍වාස කරන අයකුට පවසා එය නිරාකරණය කර ගන්න .දුර්ලභ මනුසත් බව ලබන්නේ මහත් පිනකිනි .
බුද්ධෝත්පාද කාලයක ඉපදීම ඊටත් වඩා පිනකි .ජීවිතයට ධෛර්යයෙන් මුහුණ දෙන්න පුරුදු වන්න .මේ දුලබ මිනිසත් බවින් උපරිම ප්‍රයෝජන ගන්න.දසුන්ට නිවනද සෙස්සන්ට තිසරණ සරණද ඉත සිතින් පතමි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!