Gossip

“හස්බන්ඩ් කියලා තියෙන්නේ ඒවගේ වැඩ කරන්න එපා, අතක් පයක් කඩා ගන්නේ නැතුව ඉන්න කියලා.මම බැන්ද ගමන් සමහරු ඇහුවේ දැන්ම බබාලා හදන්නේ නැහැ නේද කියලා”

කලා ලෝකයේ ඉන්න දක්ෂ, කටකාර හැඩකාර රංගන ශිල්පිනියක් තමයි ධනංජි තාරුකා කියන්නේ.
පුංචි තිරයේ වගේම රිදී තිරයේත් සිය රංගන හැකියාව මතුකරන ඇයගේ තොරතුරු ගැන සතිඅන්ත පුවත්පතකට ධනංජි මේ විදිහට කියලා තිබුණා.

රංගන කටයුතු එක්ක ධනංජි කාර්යබහුල වෙලාද..?
මේ දවස්වල නිර්මාණ කිහිපයක රූගත කිරීම් කෙරෙනවා.

මේ දවස්වල තිරගත වන වැලි පවුරු සිනමා නිර්මාණය එක්කත් ඔබ ලොකු ගනුදෙනුවක් තියෙනවනේ.. ඒ ගැනත් කියමු..?
සුනිල් ප්‍රේමරත්න මහත්මයා අධ්‍යක්ෂණය කළ වැලි පවුරු චිත්‍රපටයට මම සම්බන්ධ වුණා. දැනට අවුරුද්දකට විතර කළින් තමයි ඔය වැඩේ ආරම්භ කළේ.
මේ චිත්‍රපටය මව්පිය දූදරු බැඳීම් ශක්තිමත් කරන්න මඟ පෙන්වන චිත්‍රපටයක්.
අද දරුවෝ මව්පියෝ දුරස් වෙලා. ඒ ඒ අය වෙනම ලෝකවල ජීවත් වෙන්නේ.
අනාගත පරපුර මේ චිත්‍රපටය බලනවා නම් හොඳයි. මේ චිත්‍රපටය නරඹන අයගේ ඇසට කඳුලක් නඟන චිත්‍රපටයක්.
චිත්‍රපටයේ මංගල දර්ශනය නරඹපු අයත් එදා ඇඬුවා. ඉතිං මේ චිත්‍රපටය නරඹන්න කියන ආරාධනාව කරන්න මම කැමතියි. මේ චිත්‍රපටයේ තේරීම් හරි අනර්ඝයි. දිල්හානි අක්කගේ, මහේන්ද්‍ර අයියගේ රංගනය අති විශිෂ්ඨයි.

පුංචි තිරයේ ලැබෙන අවස්ථා ගැන සතුටු වෙන්න පුළුවන් ඇති?
ඔව්, පුංචි තිරයේ නම් අවස්ථා ගොඩක් ලැබෙනවා. ගොඩක් වෙලාවට නාට්‍යවල එකම නළු නිළි පිරිසක්නේ රඟපාන්නේ.
දඟකාර, කටකාර චරිතයක් නාට්‍යවල බොහෝ වෙලාවට තියෙනවා. ඉතින් ඒවට අපිව සම්බන්ධ කරගන්නවා. මම ලෝචනා, ගීතිකා, රුක්ෂානා වගේ අයව තමයි ගොඩක් කටකාර දඟකාර චරිතවලට සම්බන්ධ කරගන්නේ.

ඒ කොටුවීම ගැන දුකක් තියෙනවා. මම සාමාන්‍ය ජීවිතයේදීත් දඟකාර, කටකාර චරිතයක් නිසා ඒ වගේ චරිත හොඳට කරයි කියලා අපව ඒ වගේ චරිතවලටම යොදා ගන්නවා.
ඒ වගේ චරිතවලත් වෙනස්කම් කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. නමුත් මාත් කැමැතියි වෙනස් වෙනස් චරිත කරන්න. ඒවා අපිට ඉල්ලාගෙන යන්න බෑනේ. අභියෝගයක් විදියට එවැනි චරිත ලැබුණොත් කරනවා.

සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙක් ළඟ හිතුවක්කාරකමක් තියෙන්න පුළුවන්. ඒක හැබැයි විවිධ විධියට වෙනස් වෙන්න පුළුවන්.
නමුත් මම දැන්නම් හිතුවක්කාර නැහැ. මම සාමාන්‍යයෙන් දඟ, සැහැල්ලුවෙන් ඉන්න චරිතයක්. ගොඩක් අය දන්නවා රූගත කිරීම්වලට ගියත් මම පේර ගහක් අඹ ගහක් තිබ්බොත් ගහට නැඟලා හරි ඒවා කඩන් කන කෙනෙක්.
හැබැයි දැන් ඒ ගති ටිකක් අඩුවෙලා. ටිකක් තැන්පත්ව දඟලන්නේ නැතුව ඉන්න බලනවා. හස්බන්ඩ් කියලා තියෙන්නේ ඒවගේ වැඩ කරන්න එපා, අතක් පයක් කඩා ගන්නේ නැතුව ඉන්න කියලා. දැන් දරුවා කියන හැඟීම ගිහින් බිරිය කියන තැනට ඇවිත්නේ ඉන්නේ. ඒ නිසා හුරතල් ගතිවලට වඩා වගකීම්සහගත බිරියක් ලෙස ඉන්න බලනවා.

රංගන කටයුතුවලටත් ඒ වගේ සීමා පැනවිලාද තියෙන්නේ?
නැහැ, දැනට අපි දරුවෙක් ගැන හිතලා නැති නිසා රංගන කටයුතු සුපුරුදු විදියට කරගෙන යනවා. දැන් රටේ තියෙන තත්ත්වය නිසා රූගත කිරීම් ටිකක් කල් ගියා. වේදිකා නාට්‍ය දර්ශන අවලංගු වුණා. ඒ පැත්තෙන් වැඩ සීමාවුණා මිසක් සැමියා මට රංගන කටයුතුවලට සීමා දාලා නැහැ.

දරුවෙක් ගැන හීනය හැබෑ කරගන්න දැන්ම හිතලා නැද්ද?
ඒ හීනය හැබෑ කරගන්න ටිකක් කල් තියෙනවා. මොකද මම භාරගත්ත වැඩ කිහිපයක් තියෙනවා. සුනිල් ප්‍රේමරත්න මහත්තයාගේ “නිහඬ සෙවණැලි” චිත්‍රපටයටත් සම්බන්ධ වුණා. චිත්‍රපටවල නම් වැඩ නිමකරලා තියෙන්නෙ. නමුත් වැඩ බාගෙට කරපු ටෙලි නාට්‍ය තියෙනවා. මට ඒ වැඩවලට පොලු තියන්න බෑ. මම බැන්ද ගමන් සමහරු කතා කරලා ඇහුවේ “දැන්ම බබාලා හදන්නේ නැහැ නේද” කියලා. ඉතින් කරපු වැඩ ටික කොහොමත් අවසන් කරන්න ඕනේ. ඒ නිසා දරුවෙක් ගැන හීනය හැබෑ කරගන්න තව අවුරුද්දක් දෙකක් ගත කරයි.
ඔව්, ඔව්, නාට්‍ය කිහිපයක වැඩ කරද්දී එක දිගට වැඩ කළා. ඊට පස්සේ දවස් තුන හතරක් නිදහසේ ඉඳලා එක නාට්‍යයක රූගත කිරීම්වලට ගියා. ඉතින් ඒකේ දෙබස් ඔක්කොම හරියට කිව්වට දෙබස් අවසානයේ මට කියැවුණේ ඒ නාට්‍යයේ ඉන්න පිරිමි ළමයකුගේ නම නෙවෙයි. ඊට කලින් රූගත කිරීම් කළ නාට්‍යයක චරිතයක නමක් තමයි මට කියැවුණේ. ඉතින් එදා හැමෝම ඒ කවුද කියලා අහලා මට හිනාවුණා.

ධනංජිට කොහොමත් පුද්ගලයන්ගේ නම් අමතක වෙනවලුු නේද?
ඒක ඇත්ත. සමහර වෙලාවට මට හොඳටම දන්න අයගෙත් නම අමතක වෙනවා.
ඒ ඇයිද කියලා මමත් දන්නේ නැහැ. සමහරු මගෙන් අහනවා හස්බන්ඩ්ගේ නම මතකද කියලත්.

රූගත කිරීම්වලට කාර්යබහුල වෙද්දී පවුල් ජීවිතේ වැඩකටයුතු මඟහැරෙන්නේ නැද්ද?
මම දවස් 10ක් එක දිගට වැඩ කළොත් ඉතිරි දවස් ටික නිදහසේ ඉන්නේ. ක්ෂේත්‍රය ගැන, මං ගැන තේරුම් ගත්ත කෙනෙක් තමයි මම මගේ ජීවිතයට තෝරා ගත්තේ. අපි හැමදේම සමබර කරගෙන වැඩ කරගන්නවා. එයා මාව තේරුම් අරගෙන ඉන්න නිසා මට ලොකු බරක් දැනෙන්නේ නෑ වැඩවලදී.

උපුටා ගැනීමකි..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!