Gossip

“සිසේරියන් සැත්කම් කරන දක්ෂ වෛද්‍යවරයකුට වඳභාවයට පත්කරන්න පුළුවන්. පැය දෙකට සැත්කම් 08 ක් කර තිබෙනවා.” වෛද්‍ය ෂාෆිගේ කෙරුවාව මෙන්න

කාන්තාවන් වඳභාවයට පත්කිරීම ඇතුළු චෝදනා රැසක් එල්ල වීම නිසා අත්අඩංගුවට පත් සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි නමැති වෛද්‍යවරයාගෙන් අසාධාරණයක් සිදු වී ඇති මවුවරුන්ට රුපියල් මිලියන 100 බැගින් වන්දි ලබා දීමට කටයුතු කළයුතු යැයි රජරට වෛද්‍ය පීඨයේ මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.
අත්අඩංගුවට ගෙන ඇති වෛද්‍යවරයා සතුව පැහැදිලි කරගත නොහැකි වත්කම් ප‍්‍රමාණයක් තිබීම සහ රෝහලේදී උපදින දරුවන් රෝහල තුළදීම මාරු කිරීම යන චෝදනා යටතේ පරීක්ෂණයක් සිදුකර වැරදිකරු වීම, සිංහල මවුවරුන් වෙනම තෝරාගෙන වඳභාවයට පත්කිරීම ඇතුළු චෝදනා රැසක් ඔහුට එල්ල වී ඇතැයිද එ් මහතා පෙරේදා (25දා) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ එ් මහතා මෙසේද කීය.
මේ වෛද්‍යවරයාට එරෙහිව කුරුණෑගල, දඹුල්ල රෝහල්වලින් ප‍්‍රමාණවත් සාක්ෂි ලැබෙමින් පවතිනවා. රෝහල් බලධාරීන්ගේ සිට සුළු සේවකයන් දක්වා මොහුට එරෙහිව චෝදනා එල්ල කිරීමට ඉදිරිපත් වී සිටිනවා.
සිසේරියන් සැත්කම් අතර වඳභාවයට පත්කරන්න පුළුවන්ද කියා සමහරුන් විමසනවා.
සිසේරියන් සැත්කම් කරන දක්ෂ වෛද්‍යවරයකුට මේ දේ සිදුකරන්න පුළුවන්. සාෆි වෛද්‍යවරයා පැය දෙකට සැත්කම් 08 ක් කර තිබෙනවා. බටහිර දක්ෂ වෛද්‍යවරයකුට පවා මෙවැනි සැත්කමක් කිරීමට පැය එකහමාරක් පමණ ගතවෙනවා. අපේ දක්ෂ වෛද්‍යවරයකුට පවා පැය භාගයක්වත් යනවා.
දක්ෂ වෛද්‍යවරයකුට සැත්කම සඳහා භාවිත කරන අඬු භාවිත කර පැලෝපීය නාලය මිනිත්තු කිහිපයක් සිර කර අක‍්‍රීය කරන්න පුළුවන්කම තියෙනවා. මෙහි සාර්ථකත්වය සියයට අසූවක් වෙනවා.
සැත්කම් 8000 ක් කළ බව ඔහු විසින්ම ප‍්‍රකාශ කර තිබෙනවා. මොහුගේ සැත්කම් සැකසහිත බව කිහිප දෙනෙක් කතා කරලා මට කිව්වා. සැත්කම් තුනකින් පසු එල්. ආර්. ටී. සැත්කමකට භාජන කළයුතු වුවත් මුස්ලිම් කාන්තාවන්ට මෙය සිදුකර නැහැ.
මොහු විසින් මුස්ලිම් කාන්තාවන්ගේ ඇඳ ඉහපතේ එල්. ආර්. ටී. සැත්කමකට භාජන කළ බවට සඳහන් කර ඇතත් එම සැත්කම කර නොමැති බව හෙළිවී තිබෙනවා.
මේ ගැන හරියට නොදැන පාර්ලිමේන්තුවේ අනුර කුමාර දිසානායක මහතා ඇතුළු මන්ත‍්‍රීවරුන් උපහාසාත්මකව අදහස් දක්වා තිබෙනවා. මේ සෙල්ලම් කරන්නේ මේ රටේ ජනතාවගේ ජීවිතත් සමගයි. රට වටේ ගිහින් මේ වගේ වෙලා තියෙනවද කියලා තොරතුරු රැස්කර ගත යුතුයි.
මේ සාෆි වෛද්‍යවරයා රිෂාඞ් බදුර්දීන්ගේ පක්ෂයෙන් කුරුණෑගල දිස්ත‍්‍රික්කයෙන් මහා මැතිවරණයට ඉදිරිපත් වී තිබෙනවා.
ලැයිස්තුවේ ඊළඟට ඉන්නේ ඔහුයි. පක්ෂයෙන් ඉවත් වෙලා ඡන්දයට ඉදිරිපත් වූ ඔහු කොහොමද නැවත එම ස්ථානයටම පත්වීම ලබාගත්තේ කියල සොයා බැලිය යුතුයි. සාමාන්‍යයෙන් ඉවත් වූ ස්ථානයටම නැවත පත්වීම් දීමක් සිදුවන්නේ නැහැ.
එ් නිසා මේ ගැන විමර්ශනයක් සිදුකර අසාධාරණයක් සිදුවූ මව්වරුන්ට රුපියල් මිලියන 100 බැගින් වන්දි ලබාදිය යුතුයි.
වන්දි ගෙවීමට මුදල් නොමැති නම් තව්හිද් ජමාත් සංවිධානයෙන් රාජසන්තක කරන රුපියල් බිලියන 14 ක වත්කම් අලෙවි කර හෝ මේ මව්වරුන්ට වන්දි ලබා දිය යුතුයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!