Gossip

ආදර සම්බන්ධයක් තිබුණා. කාලයත් එක්ක ඒ සම්බන්ධය නැතිවෙලා ගියා – ධනංජි ප්‍රේමය ගැන හෙළි කරයි

ධනංජි තාරුකා කියන්නේ පුංචි තිරයෙන් රසික හදවත් දිනාගත්තු නිළියක්.
සතිඅන්ත පුවත්පතක ඇයගේ අලුත්ම තොරතුරු මේ විදිහට සටහන් වෙලා තිබුණා.

මොනවද මේ දවස්වල තොරතුරු
මේ දවස්වල මගේ ටෙලි නාට්‍ය තුනක්ම නාලිකා දෙකක විකාශය වනවා. ඊට අමතරව “දෙරණ” නාලිකාව ඔස්සේ විකාශය වන “ටුවෙන්ටි ටුවෙන්ටි..” නර්තන වැඩසටහනේ අවසන් 8 දෙනා අතරට මමයි ලෝචනායි දෙන්නත් තේරිලා ඉන්නවා. විකාශයට නියමිත ටෙලි නාට්‍ය තිරගත වන්නට නියමිත චිත්‍රපටි වගේම මේ දිනවල රූගත කෙරෙන නිර්මාණත් ඉදිරියේදි ප්‍රේක්ෂකයින්ට දැකගන්න පුළුවනි.

ටෙලිනාට්‍යවල නිතර අප හමුවට ආවත් චිත්‍රපට සඳහා ඔබේ දායකත්වය අඩුයි ..
වැඩිපුර ආරාධනා ලැබෙන්නේ ටෙලිනාට්‍යවලට. චිත්‍රපට සඳහා ආරාධනා ලැබෙනවා අඩුයි.

ඔබ වගේම ටෙලි නාට්‍ය සඳහා වැඩි දායකත්වයක් දක්වන නළු නිළියන් බොහොමයකට චිත්‍රපට ලැබෙන්නේ අඩුවෙන්. ඊට හේතුව මොකක්ද .. ?
නිතර ටෙලිි නාට්‍යවලට එක්වන නිතර ටී වී එකේ දකින නළු නිළියන් චිත්‍රපටි සඳහා යොදාගන්න එක අවාසියක් කියලා සමහර සිනමා නිර්මාණකරුවන් සිතනවා.
ඒත් සුදුසුම චරිතයක් නම් එය ලැබෙනවා. දැනට මාව දායක කරගත් චිත්‍රපටි සියල්ල මට ඉතා හොඳින් ගැලපෙන චරිත.

ධනංජිගේ සමකාලීන නළු නිළියන් අතර ඇතැම් අය නිතර දකින්නට ලැබෙන්නේ ප්‍රධාන චරිත තුළ. ඒත් ධනංජි ප්‍රධාන වගේම උප ප්‍රධාන චරිත ඔස්සේත් දකින්නට ලැබෙනවා..
රඟපාන්නට යමක් තියෙනවා නම් ප්‍රධාන චරිතයද නැද්ද කියන එක මට අදාල නෑ..
අනෙක යම් නිර්මාණයක ප්‍රධාන චරිතය මතුවන්නටත් සෙසු චරිතවලින් ලොකු දායකත්වයක් ලැබෙන බව අමතක කරන්නට බෑ..
ඒ නිසා මට මගේ චරිතය නිර්මාණය තුළ කොයි තරම් දුරට විකාශය වනවාද කියන එක ප්‍රශ්නයක් ‍නෙවෙයි.
වැදගත් වෙන්නේ ඒ තුළ රඟපාන්න තියෙන ඉඩකඩ..

ඒත් වැඩි ජනප්‍රියත්වයක් හිමිවන්නේ ප්‍රධාන චරිත රඟපාන නළු නිළිියන්ට කියලයි ඇතැම් අය කියන්නේ .. ?
ටෙලි නාට්‍ය පහක් නිර්මාණය වනවා නම් ඒ ප්‍රධාන චරිත පහම එකම නළුවාට හෝ නිළියට ලැබෙන්නේ නැහැනේ.
නමුත් විවිධ චරිත සඳහා එක්වන අයට ඒ ටෙලි නාට්‍ය පහේම විවිධාකාර චරිත පහක් ලැබෙන්න පුළුවනි.
ඒ චරිත පහ තුළින් තමන්ගේ දස්කම් පෙන්නලා ප්‍රේක්ෂක අවධානය දිනාගන්නත් පුළුවනි.
ඒ විදියට ජනප්‍රිය නළු නිළියන් අතරට එක්වූ අය මම දැකල තියෙනවා.. ඒ වගේම තමයි “මම ප්‍රධාන චරිතය හැර වෙනත් චරිතයක් රඟපාන්නේ නෑ..” කියන ස්ථාවරය තුළ දැඩිව ඉන්න අයට ගොඩක් හොඳ චරිතයක් උනත් එය ප්‍රධාන චරිතය නොවෙයි නම් ඒ අවස්ථාවව අහිමිව යන්න ඉඩ තියෙනවා. ප්‍රධාන චරිත සඳහා අලුත් මුහුණු එකතුවන විට ප්‍රධාන චරිත සඳහාම වූ අයට රඟපාන්න චරිත නැතුව ගෙදරට වෙලා ඉන්න සිදුවන්නත් පුළුවන්.
ඒ වගේ අවස්ථා සඳහාත් උදාහරණ මම දැකල තියෙනවා.. එහෙම බලද්දි සීමා පනවා නොගෙන ලැබෙන චරිතය හොඳින් රඟපාන අයට වැඩි වාසියක් තියෙනවා කියලයි මම නම් හිතන්නේ.

ධනංජිගේ පුද්ගලික තොරතුරු ටිකක් දැනගන්නත් රසික පිරිස කැමති වේවි ..
මම ඉපදුනේ හැදුනේ වැඩුනේ කොළඹ පරිසරය තුළ. තාත්තා බන්ධනාගාර නිලධාරියෙක් හිංදා අපි හිටියේ බන්ධනාගාර නිවාසවල. මම ඉගෙන ගත්තේ කොළඹ රත්නාවලි බාලිකාවේ. නිළියක් වෙන්න හිතාගෙන හිටියේ නම් නැහැ..
අහම්බෙන් තමයි කලාවට පිවිසුනේ. යාළුවෙකුගේ ආරාධනාවට ඡායාරූප දැක්මකට පෙනී ඉඳලා ඒ හරහා වෙළඳ දැන්වීම් වලට සම්බන්ධවෙන්න ලැබුණා. ඒ තුළින් තමයි ටෙලිනාට්‍යවලට එන්න අවස්ථාව උදාවුණේ.

ආදරය ගැන කියන්න කැමති නැද්ද .. ?
ඉස්සර නම් ආදර සම්බන්ධතාවයක් තිබුණා. ඒත් කාලයත් එක්ක එය නැතිව ගියා. දැනට නම් එහෙම සුවිශේෂ කෙනෙක් නෑ..

ධනංජි වගේ ලස්සන යොවුන් නිළියකට ආදර යෝජනා නම් එනව ඇති ..
යෝජනා නම් එනවා.. රසිකයින් අතරින් වගේම කලා ක්ෂේත්‍රය තුළිනුත් යෝජනා ඇවිල්ල තියෙනවා..
ඒත් සුදුසු කෙනෙක් ඒ අතර හිටියේ නැති හින්දා ඒ යෝජනා සියල්ලම වගේ ප්‍රතික්ෂේප කරන්න සිදුවුණා..

කවදාද ඔය කියන සුදුසු කෙනා ධනංජිගේ ජීවිතයට එන්නේ .. ?
ඒකනම් කියන්න දන්නේ නෑ.. මේ දවස්වල අම්මලාට තියෙන ලොකුම රාජකාරියත් මට සුදුසු කෙනෙක් හොයන එක.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!