Gossip

මට නම් තාම කාලෙ හරි නෑ – ධනන්ජි

 

ජනප්‍රිය නිලි ධනන්ජි තාරුකා සති අන්ත පුවත් පතක් හා යෙදුන පිලිසදරකි මේ.

‘සීමා නෑ ආකාසේ’ ම කතාව පටන්ගනිමු.

මගේ පළමුවැනි සිනමා අත්දැකීම. මිට අවු. 2කට කලින් කළ නිර්මාණයක්. යම් යම් හේතුන් මත දැනුයි ප්‍රදර්ශනය ඇරැඹුණේ. හැබැයි මම හිතනවා හොඳම කාලයේදී තමා සිනමා නිර්මාණය ප්‍රේක්ෂකයන් අතරට ආවේ කියලා.

සමාජයේ අද පවතින එක් පැතිකඩක් අපුරුවට මේ සිනමා නිර්මාණය ඔස්සේ පේන්වා දීමට සමත් වී තියෙනවා.

ඔව්. කාලෝචිත තේමාවක් ඔස්සේ ගොඩනැගුණු සිනමා නිර්මාණයක්. සීමා නෑ ආකාසේ හරහා ගෙනෙන්නේ සිය දිවි හානි කරගැනීම පිළිබඳව. මේ චිත්‍රපටය හරහා සමාජයට ලොකු පණිවුඩයක් දෙනවා. සිය දිවි හානි කරගන්නවාට වඩා ජිවිතේ විඳින්න දේවල් ගොඩක් තියෙනවා කියන දේ මේ සිනමා කෘතිය හරහා දෙන්න උත්සහා ගෙන තියෙනවා. ඒ දේ සාර්ථකයි කියලා මම හිතනවා.

මෙවැනි සිනමා නිර්මාණයකට දායක වෙන්න ලැබුණේ?

නිහාල් බණ්ඩාර අධ්‍යක්ෂකතුමා තමා මට කතා කළේ. එයාගේ නිර්මාණවලට මම මීට පෙර දායක වෙලා තිබුණා. ඒ ඇදුනුම්කමත් එක්ක ලැබුණු ආරාධනාව මම භාර ගත්තා.

ධනංජිට ‘සීමා නෑ ආකාසේ’ තුළ රංගනයට වගේම ගායනයටත් සම්බන්ධ වෙන්න ලැබුණලු නේද?

චිත්‍රපටයේ අපි හැමෝම එකතුවෙලා කළ තේමා ගීතයක් තියෙනවා. ඉතින් මගේ කටහඬින් තේමා ගීතයට දායකවෙන්න වුණා. මම හිතුවේ නැහැ මට එහෙම සම්බන්ධ වෙන්න ලැබෙයි කියලා. කොහොමහරි ගායනයෙනුත් දායක වුණා.

කාලය වැය කරන්නේ රංගනය වෙනුවෙන්ම ද ?

වෙන වෘත්තියක් නැහැනේ මට. කලාව තමා වෘත්තිය මට්ටමෙන් කරන්නේ. වෙන දෙයක් කරන්න මට වෙලාවක් නැහැ. ඊට අමතරව වේදිකා නාට්‍ය, නිවේදන කටයුතු, නර්තන කටයුතු කරගෙන යනවා. මේ සියලු දේවල් කරද්දී වෙන දෙයක් කරන්න වෙලාවක් නැහැ.

ධනංජි මියුසික් විඩියෝවල දකින්න ලැබෙනවා අඩුයි. ඇයි ඒ ?

මියුසික් විඩියෝවලින් ඈත් වෙලා නෙමෙයි. මම යනවා අඩුයි.පෞද්ගලිකව මගේ ලොකු කැමැත්තක් නැහැ මියුසික් විඩියෝවල ඉන්න. ඒවාට දායක නොවී ඉන්නෙත් නැහැ. මාස 3,4ට එකක් වගේ භාර ගන්නවා. මම ලොකු කාලයක් ඒ වෙනුවෙන් යොදවන්නේ නැහැ.

ධනංජි ගැන නොදන්නා කෙනකුට ඔබ ගැන කොහොමද කියන්නේ?

ධනංජි කියන්නේ අතිශය සාමාන්‍ය, සරල, කටකාර, දඟකාර චරිතයක් කිව්වොත් හරි.

කටකාරකම නිසා වැරැදුණු තැන් නැතුව නේද?

එහෙම වැරැදුණු අවස්ථා නම් නැහැ. වැරදුණා නම් ගෙදරදී තමයි. ගෙදරදී කට වරද්දගෙන බැණුම් අහලා තියෙනවා. ගෙදරදී කියවනවා වැඩිනේ.

ගෙදරදී ඔය තරම් කියවන්නේ කවුරු ගැන ද?

එහෙම දැනට නම් කවුරුත් නැහැ.

තනිකඩ ජීවිතේට තිත තියන්න කාලය හරි කියලා හිතෙන්නේ නැද්ද?

ලෝකයා කියනවා කාලේ හරි කියලා. මට නම් තාම කාලේ හරි නැහැ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!