Gossip

ජනපති පුත් දහම්ගේ විවාහ මංගලෝත්සවයේ කිසිඳු ඡායාරූපයක් මාධ්‍ය ඔස්සේ කරළියට නාවේ ඇයි?

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ ජයන්ති සිරිසේන මහත්මියගේ එකම පුතු දහම් සිරිසේන පසුගියදා (මැයි 09) කොළඹ හිල්ටන් හෝටලයේදී විවාහ වුණා.
ඒ නිපුනි වීරරත්න සමගයි. ඇය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ලෝහ නිෂ්පාදන සමාගමක් වූ එල්කාඩෝ හෝල්ඩින්ස් සමාගමේ හිමිකරු අතුල වීරරත්නගේ දියණියයි.
දහම් සහ නිපුනිගේ විවාහ උත්සවය සඳහා මුලින් තෝරාගෙන තිබුණේ කොළඹ ෂැංග්‍රිලා හෝටලය වුණත් පසුගිය පාස්කු ඉරිදා සිදු වූ බෝම්බ පිපිරීම නිසා ඔවුන්ගේ විවාහ උත්සවය හිල්ටන් හෝටලයේ පවත්වන්නට කටයුතු සංවිධානය කර තිබුණා.
මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය ජනාධිපතිවරණයට තරග කරන කාලයේ සිට වීරරත්න පවුල සහ සිරිසේන පවුල්වල සාමාජිකයන් අතර සමීප සබඳතාවක් ගොඩ නැගී තිබුණා.
නමුත් දහම් සහ නිපුනිගේ මිත්‍රත්වය ඔවුන් උසස් අධ්‍යාපනය ලබන කාලයේ සිට පැවැති බවයි වාර්තා වෙන්නේ.
පසුගිය කාල වකවානුවේ ඇය සිරිසේන පවු‍ලේ සාමාජිකයන් සමග විදේශ සංචාර සඳහා ද සහභාගි වී සිටියා.
දහම් සහ නිපුනිගේ විවාහය පිළිබඳ පුවත මාධ්‍ය ඔස්සේ දිග හැරෙන්නට ගත් පසු බොහෝ පිරිසක් නිපුනි වීරරත්න පිළිබඳව ෆේස්බුක් හරහා සොයා බැලීම නිසා ඇය සිය පෞද්ගලික ෆේස්බුක් ගිණුම තාවකාලිකව අවහිර කරන්නට ද පියවර ගෙන තිබුණා.
අතුල වීරරත්න හිමිකාරිත්වය දරන එල්කාඩෝ සමාගම 1980 වසරේ පිහිටවූවක් වන අතර එය අපේ රටේ වඩාත්ම ප්‍රසිද්ධියට පත්ව තිබෙන්නේ රෝලර් ඩෝ නිෂ්පාදනය සඳහායි.
එය රත්මලාන කර්මාන්ත පුරයේ පිහිටුවා තිබෙන අතර එහි ප්‍රධාන කාර්යාලය නාවල, නාරාහේන්පිට මාවතේ පිහිටා තිබෙනවා.
දහම් – නිපුනි විවාහ මංගල්‍යයට ආරාධනා ලබා තිබුණේ පවුල් දෙකේ ඥාතීන් පමණක් වීම ද උත්සවයේ තිබූ විශේෂත්වයක්.
උත්සවය සඳහා කිසිදු දේශපාලනඥයෙකුට ආරාධනා ලැබි තිබුණේද නැහැ.
ආරාධනා ලැබ විවාහ මංගල උත්සවයට සහභාගි වූ ආරාධිතයන් සඳහාත් මෙය මට්ටමේ විවාහයක් වන බැවින් ජංගම දුරකථන රැගෙන නොපැමිණෙන ලෙස කාරුණික නිවේදනයක් නිකුත් කර තිබුණා.
එමෙන්ම ජංගම දුරකථන රැගෙන පැමිණි ආරාධිතයන්ගේ දුරකථන විවාහය පැවැත්වෙන ශාලාවට පිටතින් ඇති ස්ථානයකදී ආරක්ෂක නිලධාරීන් භාරයට පත් කරන්නට ආරාධිතයන්ට සිදුවුණා.
එයට හේතුව විවාහයේ ඡායාරූප සමාජ වබේ අඩවිවලට නිකුත් වීම වැළැක්වීම සඳහායි.
මෙම විවාහ මංගල උත්සවය නිසාම එදින කොළඹ නගරයට විශේෂිත ආරක්ෂාවක් යොදා තිබුණා.
ජල ප්‍රහාරක රථ පවා ගෙන්වා තිබූ බවට වාර්තා පළ වුණා. පසුගිය මස ඇති වූ බෝම්බ පිපිරීම් මාලාවෙන් විපතට පත් වූවන් වෙනුවෙන් කෙරෙන ගෞරවයක් ලෙස මෙම උත්සවය සඳහා ඉතා අඩුවෙන් සංගීතය යොදා ගන්නට ද මනාල යුවළ තීරණය කොට තිබුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!