Gossip

චෛත්‍ය රාජයාණන් වහන්සේ නමක් ඉදිකිරීමට ගඩොල් කපන බුදු පුතුන් – Photos

විහාරස්ථාන දායකකාරකාදින්ගේ ආර්ථික අපහසුතා හදුනා ගනිමින් පලාතේ විහාරස්ථාන අතරින් තම විහාරස්ථානයට පමණක් ප්‍රබල අඩුවක්ව පවතින චෛත්‍ය රජානන් වහන්සේ නමක් ඉදිරිකිරිමට දිවා රාත්‍රි මහ‍පොළව සමග ගැටි ඊට අවශ්‍ය ගඩොල් නිපදවා ගැනීමට වෙහෙසන බුද්ධ පුත්‍රයෙකුගේ සංවේදි කතාවක් දිඹුලාගල මනම්පිටිය ගම්මානයෙන් අපට දක්නට ලැබිණි.
නැගෙනහිර මනම්පිටිය ගම්වාසිනගේ ආගමික, ජාතික, සමාජීය ‍පොදු සේවාවන්ද අතපසු නොකර මීට දින ගණනාවක සිට චෛත්‍යට අවශ්‍ය ගඩොල් 30,000 නිපදවා ගැනීමට වෙහෙසන මේ බුද්ධ පුත්‍රයා අලුත්වැව සේනාලංකාර ස්වාමින් වහන්සේය.
අසුමහ ශ්‍රාවක චෛත්‍ය වන්දනාව විදහා දැක්වෙන 17 රියන් චෛතයක් තම විහාරස්ථානායේ ඉදිකිරිමට රුපියල් ලක්ෂ 55ක් වැයවෙන බවට ඇස්තමේන්තු කර තිබෙන මෙම චෛත්‍ය 2020 වසරේ වෙසක් පුර පසලොස්වක ‍පොහෝ දා කොත නිරාවරණය කිරිමේ සිහිනය සැබෑ කර ගැනීමට සේනාලංකාර හිමියන් අප්‍රතිහත ධෛර්යකින් කටයුතු කරති.
ගම්මානයේ දානපතීන් හා දායකයින් කිහිප දෙනෙකුගේ සහයෝගය හා උපකාරයන් මෙන්ම කුසුම් බදුන්, සල්පිල් භාණ්ඩ වෙන්දේසි කර උපයාගත් මුදලින් වැඩ ආරම්භ කර ඇති මෙම චෛත්‍යයට අවශ්‍ය ගඩොල් 30,000 නිෂ්පාදනය කිරිමට සේනාලංකාර හිමියන් රාත්‍රි සිට අලුයම් කාලය වන තෙක්ද දහවල් කාලයේද කර්කශ මහ‍පොළව සමග ගැටි පස් කපා වතුර ඇද මේ වන විට ගඩොල් 4000ක් පමණ නිෂ්පාදනය කර අවසන්ය.
ප්‍රදේශයේ බෞද්ධ දායක දායිකාවන්ව මෙන්ම ඒෙතිහාසික දිඹුලාගල ආරණ්‍යය සේනාසනයට පැමිණෙන සෑදෑහෑවත් බෞද්ධයින්ට වැදුම් පිදුම් කිරීමට වෙහෙසෙන අලුත්වැව සේනාලංකාර නාහිමියන් කහ සිවුර දහදියෙන් නැහැවී සිටින මොහොතක බෞද්ධ දානපතියනගෙන් මෙලෙස ඉල්ලීමක් කළහ.
“ රටක් ජාතියක් ආගමක් වශයෙන් බෞද්ධයින් එකට අවදිවිය යුතු කාලයක් මේක. මේ පළාතේ සෑම විහාරස්ථානයකම චෛත්‍යක් තියෙනවා. ඒවට රජය උදව් උපකාර කරන්න ඇති. නමුත් අපේ ගමේ පන්සලට චෛත්‍යයක් නැහැ. ඉතිං මම කල්පනා කළා ආගමික වතාවත් වලට බාධාවක් කරගන්නේ නැතිව හැකි පුලුවන් වෙලාවට රෑ දවල් ගඩොල් කපලා මේ චෛත්‍ය හදාගන්න.
ගමේ ගොඩක් දායකයෝ වී ගොවිතැන් කරන අය. ඒ අයට ගොඩක් ආර්ථික අපහසුතා තියෙනවා. තරුණ අයත් ආර්ථික දුෂ්කරතා නිසා විවිධ රැකියාවලට යනවා. ඉතිං මම පන්සල්වත්තේ තනියම ගඩොල් කපනවා. චෛත්‍ය හදන්න ගඩොල් 30000ක් විතර යනවා. සිමෙන්ති වැලි බුද්ධ ප්‍රතිමා වලටත් එක්ක සේරම රුපියල් ලක්ෂ 55 ක් වියදම් යනවා. ලබන වසරේ වෙසක් ‍පෝයදාට චෛතයේ කොත නිරාවරණය කරන්න තමා මගේ මේ උත්සහය. පුලුවන් පිංවතෙක් පිංවතියක් ඉන්නවානම් ගඩොල් සිමෙන්ති වැලි ටිකක් අරං දෙන්න.
එකත් ලොකු පිංකමක් “.
ගෞතම බුදුන්වහන්සේගේ ඉපදීම බුදුවීම පිරිනිවන් පෑම සනිටුවන් කරන මේ උතුම් වෙසක් මංගලයේ ආමිස හා ප්‍රතිපත්ති පුජාවන්ට මුල්තැන දෙමින් කටයුතු කරන පිංවත් ඔබටත් මේ බුද්ධ පුත්‍රයාගේ අරමුණුට දායක වීමට හැකිනම් එය උතුම් වැඩෙන පිංකමකි.
සේනාලංකාර හිමියන් ගඩොල් කපන විට ශරිරයෙන් මහ‍පොළවට රූරා වැටෙන දහදිය බිදු අඩු කිරීමට ඔබට ගඩොල් කැට පරිත්‍යාග කළ හැකිනම් එය නිවන් මග විවර වන පිංකමක් වනවා නොඅනුමානය. චෛත්‍ය ඉදිකර අනාගතයේදි සාදු කියන සැදැහැවතුන් කොතෙක්ද ඒ තරමට ඔබට පිං වැඩෙනු ඇත.
සේනාලංකාර හිමියන් සම්බන්ධ කරගත හැකි දුරකතන අංකය 0719649211 / 0774427354

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!