Gossip

ඇන්ජලෝගේ සමුගැනීමෙන් පසු සනත් ජයසූරිය කියපු කතාව

ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් සමුගැනීම තීරණය ප්‍රකාශයට පත්කිරීම සඳහා පැවැත්වූ මාධ්‍ය හමුව මීට ස්වල්ප වේලාවකට පෙර පැවැත්වුණා.
ඇන්ජලෝගෙන් පසුව එක්දින සහ විස්සයි විස්ස නායකයා ලෙස උපුල් තරංග පත්කෙරුණා.
ටෙස්ට් නායකත්වය හිමිව තිබෙන්නෙන් දිනේෂ් චන්දිමාල්ටයි.
මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ඇන්ජලෝ මැතිව්ස් පැවසුවේ නව නායකයෙකුට සාර්ථක වීමට ඉඩ ලබාදීම සඳහා මෙම තීරණය ගත් බවයි.
උපුල් තරංග සහ දිනේෂ් චන්දිමාල් කණ්ඩායමට සිය සහය උපරිමයෙන් ලබාදෙන බවද ඔහු පැවසුවා.
මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ සනත් ජයසූරිය පැවසුවේ උපුල් තරංග කණ්ඩායම වෙනුවෙන් නවක ක්‍රීඩකයන්ට තැන දී තම ස්ථානය පවා කැපකර පිතිකරණ ලයිස්තුවේ පහලට ගොස් ක්‍රීඩා කල බවත් එ‍ය නම්දැරු ක්‍රීඩකයන් පවා ප්‍රතික්ෂේප කල කැපකිරීමක් බවයි.
තවද උපුල් තරංග අනෙකුත් සෑම ක්‍රීඩකයෙකුටම උදාහරණයක් බවද කියා සිටියා.
තේරීම් කමිටු සභාපතිවරයා විසින් සිම්බාබ්වේ කණ්ඩායම සමග ටෙස්ට් තරගාවලියට නම් කළ කණ්ඩායම නම් කලා.

එම කණ්ඩායම පහතින්

දිනේෂ් චන්දිමාල්
උපුල් තරංග
නිරෝෂන් දික්වැල්ල
දිමුත් කරුණාරත්න
ධණුෂ්ක ගුණතිලක
කුසල් මෙන්ඩිස්
ආන්ජලෝ මැතිවුස්
අසේල ගුණරත්න
රංගන හේරත්
දිල්රුවන් පෙරේරා
ලක්ෂාන් සදකැන්
විශ්ව ප්‍රනාන්දූ
දුෂ්මන්ත චමීර
සුරංග ලක්මාල්
ලහිරු කුමාර

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!