Gossip

හිසෙන් බද්ධ වී ඉපදුණු දරුවන්ව වෙන් කිරීමට වෛද්‍යවරුන් කරන්න යන විස්මිත සැත්කම

උපත ලැබූ දෙබිඩි ගැහැණු දරුවන් ලෙස උපත ලැබූ දෙදෙනෙකු වෙන් කිරීමේ සැත්කමකට බංගලාදේශ රෝහලක් සුදානම් වෙනවා.

මේ දරුවන් දෙදෙනාගේ හිස එකට එක් වී තිබෙන අතර ඉපදුණු විගස දෙදෙනා වෙන් කිරීම අවධානම් සහිත බැවින් වසර දෙකක කාලයක් ඔවුන්ට වෙන්වන්නට බලාගෙන ඉන්න සිදු වෙලා.

කෙසේවෙතත් එම දරුවන් එරට රෝහලක් විසින් දැන් සැත්කමකට සුදානම් කර තිබෙනවා.

සැත්කම සාර්ථකව සිදුකිරීමට රෝහලේ ශල්‍ය වෛද්‍යවරුන් බලාපොරොත්තු වෙන නමුත් එය දරුවන්ගේ ජිවිත පිළිබද අවධානම සහිත සැත්කමක් වන බවට විදෙස් මාධ්‍ය වෙත පවසා තිබෙනවා. මේ වන විට දියණියන් දෙදෙනා සමග ඔවුන්ගේ මව වන Taslima Khatun Uno රෝහල් ගත වී තිබෙනවා. අවධානම් සහිත මෙම සැත්කම සදහා විශාල මුදලක් වැයවන බව සදහන්. නමුත් එතරම් මුදලක් දෙමාපියන් සතුව නැති බවත් ආධාරවලින් එකතු වුනු සුළු මුදලක් ඒ සදහා යොදවන බවත් දරුවන්ගේ දෙමාපියන් පවසනවා. අවශ්‍ය මුදල් නැති නිසා රජයෙන් පවා ආධාර ඉල්ලා ඇති බවයි සදහන් වෙන්නේ.

මෙම දරු උපත පිළිබදව දරුවන්ගේ මව වන Taslima Khatun Uno කියන්නේ මෙහෙම කතාවක්.

හදිසියේ වෛද්‍යවරුන් කෑගැසුවේ ‘ළදරුවෝ දෙදෙනෙක්.. මේ අම්මාගේ ජීවිත බේරා ගන්න වෙනවා කියලා.මම හිසින් එකට වුණු දරුවෝ බිහි කළ බවට ඒ මොහොතේ කනස්සල්ලට පත් වුණා.මුළු රෑම මම හඬා වැලපෙන්න පටන්ගත්තා.මගේ ඒ මොහොතේ ඉදලා කල්පනා වුණේම ඒ දරුවෝ දෙන්නාව තියා ගන්නේ කොහොමද ඔවුන්ව පෝෂණය කරන්නේ කොහොමද කියලා.

29 හැවිරිදි තස්ලිමා පාසැල් ගුරුවරියක්. ඔවුන්ට මෙම දරුවන් දෙදෙනාට අමතරව වයස අවුරුදු 7 ක් වූ දියණිය සිටිනවා.ඇය රෆියා. ඇය පවසන්නේ ගැබ් ගෙන මාසයක් යනවිට අසාමාන්‍ය වේදනාවක් හටගත් බවයි. ඒ මොහොතේ රෝහලට ගිය බවත් රෝහලේදී අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂණයක් සිදු කළ බවත් සදහන් නමුත් එම පරීක්ෂණයෙන් මෙම අසාමාන්‍ය තත්ත්වය පෙන්නුම් වී නොමැති බවත් ඇය පවසනවා.

දරුවා ඉපදෙන්න ඉන්නකොට බර වැඩි වුණා වෛද්‍යවරු හිතුවේ දරුවාගේ මොළේ ලොකු ඇති කියලා. නිතරම මම රෝහලට ගියා. දරුවා ඉපදෙන්න තිබුණේ ස්වාභාවික උපතක් විදිහට. නමුත් සැත්කමකින් දරුවන්ව ගත්තා. ඒ මොහොතේ තමයි මේ තත්ත්වය දැන ගත්තේ.. දරුවන්ව අරගෙන නිතරම රෝහලට ආවා.. ප්‍රතිකාර කළා. දැන් දරුවන්ව වෙන් කරන්න සැත්කමක් කරනවා. මගේ දරුවෝ දෙන්නම මේ දරුණු අවධානම් සහිත සැත්කමෙන් පසුව ජිවත් වෙන්න ඕන. එයාලට ලෝකේ ලස්සන දකින්න එයාලගේ වැඩ තනියම කරගන්න පුළුවන් කමක් ලැබෙන්න ඕන. මම දෙවියන්ගෙන් ඉල්ලන්නේ එච්චරයි. අපි මොකක් හෝ පවක් කරලා ඇති මෙහෙම වුණේ නමුත් දරුවෝ අසරණයි. ඔවුන්ව අවුරුදු දෙකක් තිස්සේ බලාගත්තේ ලොකු වේදනාවකින්.

 

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!